• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අන්තරේද අන්දරේද? Sri Lanka Latest News

July 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අන්තරේද අන්දරේද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයක් පිහිටුවලාලු. අපි මේක දැක්කේ 2025. දවස හරියටම මතක නෑ. දවස මතක තියාගන්න උත්සාහ කළේවත් නෑ. ඒක ඇත්තටම සත පහක වැඩක් නැති නිසා දවස අපි අමතක කරලා දැම්මා.Sri Lanka Latest News

ඇත්තටම ලංකාවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පිහිටෙව්වේ කවද්ද? අපි නිල වශයෙන් දින වකවානුව එක්කම ඔබට කියන්නම්.
පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේදී තමයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පිහිටෙව්වේ. එදා ඒක හැඳින්වුණේ මහා ශිෂ්‍ය සංගමය විදිහට. මහා ශිෂ්‍ය සංගමය තමයි මේ විදිහට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයක් බවට පත්වෙන්නේ. අපි දන්නවා ලංකාව පුරාම මහා ශිෂ්‍ය සංගම් තියෙනවා විශ්වවිද්‍යාලවල. ඒ මහා ශිෂ්‍ය සංගම් එකතු වෙලා තමයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියන නමින් එක සංවිධානයක් බවට පත්වෙන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලවල ඉන්න නිලධාරීන් එක තැනකට රැස් වුණාම ඒ අය අතරින් පත්කරගන්නවා නිලධාරීන් කිහිප දෙනෙක්ව.

අපි දන්නා තරමට, පේරාදෙණියේ රාමනාදන් ශාලාවේ තමයි ප්‍රථම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල රැස්වීම තිබිලා තියෙන්නේ. එවක විශ්වවිද්‍යාල උපකුලපතිවරයා පවා මේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල රැස්වීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කළා කියලා අපිට ඒ වෙලාවේ අහන්න ලැබිලා තියෙනවා.
මේක පිහිටුවන්න හේතුව බවට පත්වෙන්නේ 1965 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අසලදී සිද්ධ වෙච්ච පොලිස් – ශිෂ්‍ය ගැටුම කියන කාරණාව. මේ ගැටුම ඉතා ප්‍රසිද්ධ එකක්. මේ ගැටුමෙදි දෙපාර්ශ්වයටම බරපතළ ලෙස තුවාල සිදුවුණා. මේ කාරණාවත් එක්ක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මැල්කම් වීරසිංහ තමයි එවක සභාපතිව ඉඳලා තියෙන්නේ. ඔහු තමයි මේ කටයුත්තට ප්‍රථම වශයෙන් මූලිකත්වය අරගෙන කටයුතු කළේ. ඔහු තමයි මෙහි ප්‍රථම කැඳවුම්කරු විදිහට අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. දවස තමයි 1969 ජුනි මාසේ 18 වැනිදා.

එතකොට මේ කාරණාවත් එක්ක, ලංකාවේ පළමු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, නැත්නම් මේ ශිෂ්‍ය එකතුව, ඔය කියන මොකද්දෝ එක නෙමෙයි ඇත්තටම, 1969 පිහිටුවපු එක. හැබැයි 1969 පිහිටෙව්වාට මේක නිල වශයෙන් පිළිගත්තා කියලා අපිට පිළිගන්න බැහැ. නමුත් නිල වශයෙන් මේක පිළිගන්නවා එක වෙලාවකදී. ඒ පිළිගන්නේ ලංකාවේ රජය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයත් එක්ක සාකච්ඡාවකට එනවා. ඒ සාකච්ඡාවත් එක්ක තමයි අපිට කියන්න පුළුවන්, නිල වශයෙන් මේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය රට ඇතුළේ පිළිගැනීමට ලක්වුණා කියලා. ඒ වෙලාවේ අධ්‍යාපන ඇමැතිව හිටපු ඒ.සී.එස්. හමීඩ්ගේ සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සමග නිල වශයෙන් සාකච්ඡා පැවැත්වුණා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ සාකච්ඡාවේදී අපේ ශිෂ්‍ය ව්‍යාපාරිකයන්, ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගෙන ඒකට සහභාගි වුණු බව අපිට දැනගන්න ලැබෙනවා. 1988 ජූලි මාසේ 08 වැනිදා තමයි මේ වැඩේ වුණා කියලා කියන්නේ. ඒ නිසා මේ ජූලි මාසේ 08 වැනිදා කියලා කියන්නේ, මේ ජූලි මාසේ කියලා කියන්නේ දේශපාලන ක්‍රියාකාරීන්ට බොහොම වැදගත් දවසක්. 1988 ජූලි 23 තමයි මේ රැස්වීම තිබිලා තියෙන්නේ.

මේ විදිහට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිල ක්‍රියාකාරී ආයතනයක් විදිහට පිළිඅරගෙන දැන් අවුරුදු 37කට ආසන්න කාලයක් ගතවෙලා ගිහිල්ලා. ඒ නිසා කිසිවෙක්ට මේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යළි පිහිටුවන්නට හෝ ඒ නමින් වෙන දේවල් අටවා ගන්නට හැකියාවක් නැහැ. මේක රටටම විහිළුවක් බවට පත්වෙමින් තියෙන නිසා තමයි අපි මේ කතාව මේ විදිහට කිව්වේ.

ඇත්තටම මුල් කාලේ නම් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව කියලා අපිට දැනගන්න ලැබුණා ඒ කාලේ. ඊට හේතුව එවක ආණ්ඩුව නියෝජනය කළේ එක්සත් ජාතික පක්ෂය නිසා. ඉන් පස්සේ 1972 විතර වෙනකොට තමයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය එකතු වෙලා ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය දිනාගන්නේ. මුල් කාලේ හිටපු සභාපතිවරුන් කිහිප දෙනාගෙම දේශපාලනික මැදිහත්වීම් තිබුණු බව අපි දන්නවා. ඔවුන් පසුකාලීනව මියයනවා බොහෝ දෙනෙක්. අපිට නිල වශයෙන් දින වකවානු ඇතුව ප්‍රකාශ කරන්න බැරි වුණත්, අපි විශ්වාස කරනවා ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් විශාල ප්‍රමාණයක් පහුගිය කාලය ඇතුළේ මියගිය බව.

ඒ අතරින් එච්.බී. හේරත් 1989 නොවැම්බර් 13 වැනිදා, ඩී.එම්. ආනන්ද 1989 නොවැම්බර් 15 වැනිදා, අමරසිරි 1989 නොවැම්බර් 09 වැනිදා, උපාලි ජයවීර 1990 මාර්තු 06 වැනිදා ඝාතනයට ලක්වෙච්ච බව අපිට ඔවුන් ගැන හොයද්දි දැනගන්න ලැබුණා. මේ පළමු ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් හතර දෙනා විදිහට හඳුන්වන්න පුළුවන් අය.
ඒකට හේතුව තමයි, මුල් ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් විදිහට 76දී ශාන්ත බණ්ඩාර, ඒ වගේම ඉන් පස්සේ 78, 79 කාලේ තමයි ශාන්ත බණ්ඩාර ඉතා ක්‍රියාකාරී ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් බවට පත් වෙන්නේ. ඒ වගේම 81දී එච්.බී. හේරත්. ඔහු මැදවච්චියෙන් විශ්වවිද්‍යාලයට ආපු කෙනෙක්. ඒ වගේම 81, 82 කාලේ පේරාදෙණිය සරසවියේ ඩී.එම්. ආනන්ද. 82දී කේ.ඩබ්.එස්. අමරසූරිය. 83දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එච්.එම්. මහින්ද. 84, 85 කාලයේදී මොනරාගල, දඩල්ල උපාලි ජයවීර ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් බවට පත්වෙනවා. ඔවුන් මේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සභාපති තනතුර දරපු අය.

ලංකාවේ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිකයෝ විදිහට ඉද්දී මියගිය ගණන විශාල ප්‍රමාණයක්. අත්අඩංගුවට පත්වෙච්ච ගාන තවත් විශාල ප්‍රමාණයක්. අපිට මතකයි 89න් විපතට පත්වෙච්ච පවුල්වලට ආධාර උපකාර කරද්දී පවුල් 214ක් ඉන්නවා සරසවි ශිෂ්‍ය පවුල්. සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් විදිහට, ශිෂ්‍ය නායකයන් විදිහට ඉද්දී මියගිය ගණන විශාල ප්‍රමාණයක්. මේ ශිෂ්‍යයන් තමන්ගේ වෛද්‍යකම, තමන්ගේ ඉංජිනේරුකම, තමන්ගේ උපාධිධාරීකම සියල්ල අහිමි කරගත්තු අය. ඒ අය වසර ගණනක් තිස්සේ ඉතා අසීරුවෙන් ගොඩනගපු සංවිධානයක් මේ විදිහට අයාලේ යනකොට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා මහා ශිෂ්‍ය සංගම් එක්ක ඍජුව සහ වක්‍රව ක්‍රියා කරපු සියලු දෙනාටම හිත රිදෙනවා. අපි දන්නවා දැනටමත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවන්ව හිටපු අය ශිෂ්‍ය දේශපාලනයේ ඉන්නවා. ශිෂ්‍ය දේශපාලනය විතරක් නෙවෙයි, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ, මාලිමාවේ ආණ්ඩුවේ, මාලිමාවේ පාර්ලිමේන්තුව ඇතුළෙත් එහෙම කීප දෙනෙක් ඉන්නවා.

වසන්ත, ලහිරු වගේ අය ආසන්න කාලේ, සංජීව බණ්ඩාර, මේ සියලු දෙනාම, ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ වගේ අය ශිෂ්‍ය දේශපාලනයේ ඉන්නවා. ඊට අමතරව උදුල් ප්‍රේමරත්න තාමත් ජීවතුන් අතර ඉන්නවා. ඊට අමතරව තවත් විශාල ප්‍රමාණයක් ශිෂ්‍ය දේශපාලනයේ නියැළුණු අය අද ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්නවා. නජිත් ඉන්දිකට මතකද දන්නේ නැහැ, ඔහුත් ශිෂ්‍ය දේශපාලනයේ ක්‍රියාකාරිකයෙක්ව හිටපු කාලයක් තිබුණා. ඔහුත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුව හිටි බව අපිට මතකයක් තියෙනවා.

නමුත් ඒ අයට මේ සියල්ල අමතක වෙලා ගිහිල්ලා අලුතින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයක් පිහිටුවාගන්න තරම් දේශපාලනය මේකට මැදිහත් වුණාද කියන එක අපිට ප්‍රශ්නයක්. ලංකාවේ දේශපාලන බලය හිමිකර ගැනීම සඳහා මේ සටන දියත් වෙන බව අපි දන්නවා. ශිෂ්‍යයන් දිනාගැනීම සඳහා විවිධ අවස්ථාවලදී විවිධ දේශපාලන කණ්ඩායම් මේක ඇතුළේ පිහිටුවන්න උත්සාහ කළා. අපි දැක්කා පහුගිය මහින්දගේ ආණ්ඩුවේ නාමල් රාජපක්ෂලා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මේ විදිහේ ව්‍යාපාරයක් දියත් කරන්න උත්සාහ කරපු බවට කතාවක් පැතිරුණු බව.

ඊට පස්සේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තමයි මේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ආසන්න වශයෙන් පත්වෙච්ච සභාපතිවරු සියලු දෙනාම වැඩකරන්න පටන් ගත්තේ. ඒත් දැන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයක් අලුතින් පත්වෙලා, ඔවුන්ට සභාපති කෙනෙක් ඇවිල්ලා, ඔවුන්ගේ කයිවාරුවක් අහන්න ලැබුණා. ඉතින් මේවායේ විද්‍යාත්මක පැත්ත මොකක්ද කියන එක ඔබට තේරෙනවා ඇති. නීතිමය පැත්ත මොකක්ද කියලා ඔවුන් තේරුම් අරගෙන අදාළ පියවර ගනියි කියා අපි විශ්වාස කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨා මහනුවර ගිහින් හැංගිලා! I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්න බැරිවු‌ණොත් විශාල අවුලක්! දැවැන්ත ව්‍යාපාරිකයෙක් දැනටමත් ලංකාවෙන් යන්න සාකච්ඡා පටන් අරන්! ඒ අස්සේ ට්‍රම්ප්ගෙන් ලංකාවට තවත් මාස 3ක්? I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.