• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ගේ බද්ද අඩු කරගන්න බැරිවු‌ණොත් විශාල අවුලක්! දැවැන්ත ව්‍යාපාරිකයෙක් දැනටමත් ලංකාවෙන් යන්න සාකච්ඡා පටන් අරන්! ඒ අස්සේ ට්‍රම්ප්ගෙන් ලංකාවට තවත් මාස 3ක්? I Sri Lanka Latest News

July 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තවත් විශේෂ තොරතුරක්ද අනාවරණ කිරීමට අප සූදානම්ය. ඒ, ට්‍රම්ප්ගේ 30%ක බද්ද හමුවේ බරපතළ කඩාවැටීමකට ලක්ව සිටින ඇමෙරිකාවට භාණ්ඩ අපනයන කරන ප්‍රධාන සමාගමක් සම්බන්ධයෙන්ය. අදාළ බද්ද හේතුවෙන් විශාල තිගැස්මකට ලක්ව සිටින මෙම සමාගම මේ වනවිට තීන්දු කොට ඇත්තේ යම් හෙයකින් සැලකිය යුතු තරමේ සහනයක් මෙම සාකච්ඡාවලින් හෝ නොලැබුණහොත් මෙහි පිහිටුවා ඇති සමාගම් ඉවත්කොට ගෙන ඉන්දියාවට හෝ කලාපයේ වෙනත් රටකට රැගෙන යෑමටය. දැනටමත් ඔවුන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වටයක් ආරම්භ කොට ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.Sri Lanka Latest News

මේ අතර, ඉදිරියේදී ට්‍රම්ප්ගෙන් ලැබෙන බදු සහන සම්බන්ධයෙන් තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්වී නැතත්, ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින්නේ විශාල සහනයක් මෙවර ලංකාවට ලැබෙනු ඇතැයි කියාය. දැනටමත් ට්‍රම්ප් රජය වියට්නාමයට සහ මැලේසියාවට අයකරන බද්ද 19% දක්වා අඩුකොට ඇති අතර, ඉන්දියාවට තවත් අඩුකොට එය 12%ක මට්ටමට පනවනු ඇති බව කියැවේ. එසේ වුවහොත් ලංකාවේ අපනයන බරපතළ කඩාවැටීමකට ලක්වීමේ අවදානමක්ද මේ වනවිට මතුව නැතුවා නොවේ.

මීට අමතරව ඇමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්ද මේ වනවිට කිසියම් ප්‍රශ්නයක් මතුව තිබේ. ඒ, ඇමෙරිකාවෙන් තෙල් ගැනීමට ලංකාව කටයුතු කරන්නේ නම් චීනය විසින් ලංකාවේ ක්‍රියාත්මක සිනොපෙක් සමාගම තවදුරටත් ලංකාවේ කටයුතු කරනු ඇත්ද යන්න සම්බන්ධයෙන්ය. දැනටමත් සිනොපෙක් සමාගම ලංකාවේ තෙල් බෙදාහැරින්නේ යම් යම් අර්බුද මධ්‍යයේය. එවැනි පසුබිමක ඇමෙරිකානු තෙල් ලංකාවේ වෙළෙඳපළට පැමිණෙන්නේ නම් සිනොපෙක් සමාගමද සිටින්නේ යම් දෙගිඩියාවකට පත්වය. අනෙක් අතට චීනය හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන බවට ආණ්ඩුව සමග එකඟතාවකටද එළඹ තිබේ. නමුත් ඇමෙරිකාවෙන් තෙල් ගෙන ඒමට සූදානම් වන්නේ නම් අදාළ ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන්ද චීනය ලොකු පණිවුඩයක් ආණ්ඩුවට ලබාදී ඇති බවක්ද ආරංචිය.

කෙසේ වෙතත් මේ වනවිට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ අගෝස්තු 01 වැනිදා සිට ට්‍රම්ප් රජය විසින් පැනවූ බද්ද ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත්, තවත් මාස 3කින් එය කල් දැමීමට ට්‍රම්ප් රජය යම් අදහසක සිටින බවය. ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින්නේ ට්‍රම්ප් විසින් පනවනු ලැබූ 30%ක බද්ද 15% දක්වා 50%කින් අඩුකර ගැනීමටය. නමුත් මෙම තත්ත්වය තවත් මාස 3කට ඇදී ගියහොත් ආණ්ඩුව තවත් අර්බුදයකට මුහුණ දීමට නියමිතව ඇත. ඒ, ලබන සැප්තැම්බරයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන්ය. මේ බද්ද ආණ්ඩුවේ අයවැයටද තීරණාත්මක ලෙස බලපානු ඇති බවක් බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

අන්තරේද අන්දරේද? Sri Lanka Latest News

Next Post

‘පිරිමි පිරිමි..’ ‘ගැහැනු ගැහැනු..’! පිටරට වගේ දැන් ලංකාවෙත් මේවා ප්‍රචාරය කරනවා! මානව අයිතිවාසිකමක්ලු! එහෙම කොහොමද? කාදිනල් හිමියන් සමලිංගික විවාහයට විරුද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.