බණ්ඩාරවෙල පනංගල, මාතැටිල් ප්රදේශයේ රක්ෂිත කඳු ආශ්රීතව ගිනි ගැනීමක් වාර්තා වේ. Sri Lanka Latest News
මෙහිදී කැලෑ අක්කර විශාල ප්රමාණයක් ගිණි ගෙන විනාශ වී තිබේ.
මේ ගින්න මැඩ පැවැත්වීම සඳහා බලදාරීන් කටයුතු නොකරන බවට ප්රදේශවාසීහු චෝදනා කර සිටිති.
ගිණිගෙන විනාශ වීමෙන් පසුව ඇති වන වර්ෂා කාලයේදී පස සෝදාගෙන ගොස් නාය යාම් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවද ඔව්හු පවසති.
එම නිසා මෙම ගින්න යුහුසුළුව නිවා දැමීමට බලධාරීන් වහා පියවර ගත යුතු බවත්, දේශපාලන අධිකාරිය ඊට මැදිහත් විය යුතු බවත් ඔව්හු පෙන්වා දෙති.



























