• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දට ගුරුකම් ඉගැන්වූ – ගාමිණීට බැන්න මරදන්කඩවල යකඩයා! Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මහින්දට ගුරුකම් ඉගැන්වූ – ගාමිණීට බැන්න මරදන්කඩවල යකඩයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අහලා තියෙනවද මරදන් කඩවල යකඩයාගේ කතාව. මේ තමයි අවුරුදු 111ක් ජීවත් වුණු යකඩ නවපු මහින්ද මහත්තයටත් මන්තර උගන්නපු මරදන් කඩවල යකඩයාගේ කතාව. මේ කතාව පටන් ගන්නේ 1900 කාලවකවානුවේදී. කතාවේ කතා නායකයා තමයි සාංචි ආරච්චිගේ ජිනදාස. මේ ජිනදාස කියලා කිව්වට කවුරුත් ඔහුව වැඩිපුර දන්නේ නෑ. හැමෝම ඔහුව අඳුරගන්නේ ‘යකඩයා’ කියන අන්වර්ථ නාමයෙන්. ජිනදාස ඉපදෙන්නේ 1900දී. මූලාශ්‍රවලට අනුව පේරාදෙණිය ප්‍රදේශයේ තමයි ඔහු උපත ලබලා තියෙන්නේ. හැබැයි අවස්ථා කීපයකදීම ගම්පළාත මාරු කරන්න ජිනදාසගේ මවුපියන්ට සිද්ධ වෙලා තියෙනවා. කාලයක් ඔවුන් අනුරාධපුරේ ඉඳලා තියෙනවා, තව කාලයක් මනම්පිටියේ ඉඳලා තියෙනවා, තව කාලයක් කැකිරාවේ ඉඳලා තියෙනවා. ඔය වගේ ප්‍රදේශ කීපයකට මාරුවෙන්න ජිනදාසගේ මව්පියන්ට සිද්ධ වෙලා තියෙනවා. ජිනදාසගේ තාත්තාගේ නම ඩේවිඩ්, ජිනදාසගේ අම්මගේ නම ජේන් නෝනා.Sri Lanka Latest News

පොඩි කාලේ ඉඳලම මේ ජිනදාස කියලා කියන්නේ නාහෙට අහන්නේ නැති චරිතයක්, හරිම මුරණ්ඩු චරිතයක්, හැමෝම එක්ක රණ්ඩු කරපු චරිතයක්. ඔහුගේ පාසල් අධ්‍යාපනය සාර්ථක නොවෙන්නත් මේ කාරණය තමයි බලපෑවේ. ඔහු ගුරුවරු එක්ක පවා මත ගැටුම් ඇතිකරගෙන තියෙනවා, ශිෂ්‍යයෝ එක්ක ගැටුම් ඇතිකරගෙන තියෙනවා. ඒ නිසාම ඔහුගේ පාසල් ගමන අවස්ථා කීපයකදීම කඩාකප්පල් වෙලා තියෙනවා. කොහොමහරි අතරමගින් පාසල් ගමන නැවතුණාට පස්සේ ජිනදාස වෙන වෙන දේවල්වලට යොමුවෙන්න පටන් ගත්තා. එතනින් පස්සේ තමයි ඔහු ඔය මැර වැඩ කරන්න පුරුදු වෙලා තියෙන්නේ.

ජිනදාසට යකඩයා කියන නම හැදුණු හැටි ගැනත් මූලාශ්‍ර කීපයක් තියෙනවා. එතනින් ප්‍රධානතම එක බවට පත්වෙන්නේ දවසක් ජිනදාස රේල් පාරක් ආසන්නයෙන් යනකොට ජිනදාසට උසුළු විසුළු කරලා තියෙනවා යම් පිරිසක්. නිකන් ඉන්න මිනිස්සුන්ගෙනුත් ගේම ඉල්ලන ජිනදාසට මේක සෙට්වෙලා නෑ. ඒ අනුව ජිනදාස ඒ පිරිසත් එක්ක රණ්ඩු කරලා තියෙනවා. එතැනදී එක පැත්තක යකඩ ගොඩක් තිබිලා තියෙනවා. ඒ යකඩ ගොඩෙන් එක යකඩයක් ගත්ත ජිනදාස ඒ යකඩේ දෙකට නමලා තියෙනවා. ඒ දෙකට නමපු යකඩෙන් අනිත් කීප දෙනාට නිල් වෙන්නම පහර දුන්නු බව තමයි කියැවෙන්නේ. එදා ඉඳලා තමයි ජිනදාස යකඩයා බවට පරිවර්තනය වුණා කියලා මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. අවස්ථා කීපයකදීම ඔහු ගැටුම් ඇති කරගෙන තියෙනවා එක එක විදියේ අයත් එක්ක. කොටින්ම කිව්වොත් වචනයක් එහෙ මෙහෙ වුණත් ගහගන්න යන චරිතයක් තමයි ජිනදාස කියලා කියන්නේ. සෑහෙන පිරිසකට ඔහු යකඩ නම නමා පහරදීලා තියෙනවා. ඒ නිසා ඔහුට යකඩයා කියන නම දිගින් දිගටම අන්වර්ථ නාමයක් විදිහට පටබැඳුණා සහ ඒක ව්‍යවහාර වුණු බව තමයි කියැවෙන්නේ.

ටික ටික වයසින් වැඩිවෙනකොට ජිනදාස සෑහෙන්න ප්‍රමාණයක හොරකම්වලට සම්බන්ධ වුණා. සරලව කිව්වොත් අර සරදියෙල්ගේ ටයිප් එකේ හොරකම් තමයි කළේ. පෝසත් මිනිස්සුන්ගෙන් හොරකම් කරනවා, දුප්පත් මිනිස්සුන්ට බෙදා දෙනවා. ඔය වගේ කොල්ලකෑමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ජිනදාසට විරුද්ධව පොලිස් පොතේ නම ලියැවිලා තියෙනවා. හැබැයි හැම එකකින්ම වගේ ඔහු නිදහස් වුණා. ඒකට හේතුව තමයි පැමිණිල්ල ලිව්වට සාක්ෂි දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඉතින් ජිනදාස නිදහස් වෙලා ගෙදර එනවා. මේ කාල සීමාව වෙනකොට ජිනදාස ටික ටික යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වගේ දේවලුත් ඉගෙන ගන්න පටන් අරගෙන තියෙනවා. ඒවාවලිනුත් යම් යම් අවස්ථාවලදී ප්‍රයෝජන ගත්ත බවට තමයි කියැවෙන්නේ. ඉතින් ජිනදාසට තිබුණු කායික ශක්තිය සහ තිබුණු යන්ත්‍ර මන්ත්‍ර හැකියාව නිසා කවුරුත් ජිනදාස එක්ක ප්‍රශ්න ඇති කරගන්න පෙලඹුණේ නැති බවට තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඔය විදිහට දිගින් දිගටම සෙල්ලම් දාපු යකඩයාට වැඩ වැරදෙන දවසක් එන්නේ කැකිරාවේ තැපැල් කාර්යාලය කොල්ලකාපු දවසේ.

ජිනදාස එහෙම නැත්නම් යකඩයාට හිටියා පොඩි ගැන්සියක්. මේ ගැන්සියත් එක්ක තමයි යකඩයා තමන්ගේ තියෙන චණ්ඩිකම්, මැර වැඩ සේරම කළේ. එක දවසක් මේ යකඩයා ඇතුළු කට්ටියට ඔත්තුවක් ආවා. ඒ තමයි කැකිරාවේ තැපැල් කාර්යාලයේ ගොඩක් සල්ලි තියෙනවා කියන කාරණය. මෙතැනදී මේ කොල්ලකෑමේ සිද්ධීන් දාමය අතරතුරේදී සිද්ධ වෙච්ච ගැටුමේ දුරදිග යාමේ ප්‍රතිඵලයක් විදිහට යකඩයා සහ කල්ලිය අතින් කැකිරාව තැපැල් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව ඝාතනයට ලක්වෙනවා. එතැනින් පස්සේ තමයි පොලිසිය යකඩයා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරන්නේ. මේ සම්බන්ධ නඩු විභාගය දීර්ඝ කාලයක් තිස්සේ විමර්ශනයට ගැනෙනවා. එතැනදී යකඩයාගේ කණ්ඩායමේ හිටපු එක්කෙනෙක් රජයේ සාක්ෂිකාරයෙක් බවට පත්වෙලා යකඩයා ඇතුළු පිරිසට විරුද්ධව සාක්ෂි දෙනවා සහ ඔහු කියනවා මේ සිද්ධීන් දාමයේ මහමොළකරු ජිනදාස එහෙම නැත්නම් යකඩයා තමයි කියන කාරණය. ඒ අනුව ඒ සියලු දෙනාට බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබෙනවා. මේකේ මහමොළකරු බවට පත්වෙච්ච යකඩයාට මරණීය දණ්ඩනය නියම වෙනවා.

මරණීය දණ්ඩනය නියම වෙලා දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගත වුණාට පස්සේ යකඩයාගේ මරණීය දණ්ඩනය ලිහිල් වෙනවා ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විදිහට. ඒකටත් බලපෑවයි කියලා කියන්නේ ඔහුගේ තිබුණු දේශපාලන සම්බන්ධතා. විවිධ දේශපාලන නායකයන්ට ඔහු පණිවුඩ යවලා තියෙනවා සහ විවිධ දේශපාලන නායකයන්ව හම්බවෙන්න ඔහු උත්සාහ කරලා තියෙනවා. කොහොම වුණත් මොකක් හෝ හේතුවකට ඔහුගේ මරණීය දණ්ඩනය ලිහිල් වෙලා ඒක ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ සිද්ධියට අදාළව සෑහෙන කාලයක් සිරබත් කෑවට පස්සේ යහපත් කල්ක්‍රියාව කියන සාධකය මත පදනම් වෙලා ඔහුට නිදහස ලැබුණු බව කියැවෙනවා. ඒ වෙනකොටත් ඔහු සෑහෙන කාලයක් හිරබත් කාලා තිබුණා.

මේ යකඩයා කියලා කියන්නේ ඒ කාලේ ලංකාවේ සෑහෙන්න කතා මවපු චරිතයක්. මේ හින්දම 1977 අවුරුද්දේදී ‘යකඩයා’ කියන නමින් චිත්‍රපටයක් හදනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙන්නේ ගාමිණී ෆොන්සේකා මහත්මයා. ඔහු තමයි යකඩයා විදිහට මේ ෆිල්ම් එකේ රඟපාන්නේ. මේ ‘යකඩයා’ කියන ෆිල්ම් එකේ ඇත්ත යකඩයාගේ එහෙම නැත්නම් ජිනදාසගේ කතා ස්වභාවයන් සහ ඔහුගේ සම්පූර්ණ ජීවිත කතාවම අන්තර්ගත කරලා තිබුණා. මේ ෆිල්ම් එකේ තැන් කීපයක තියෙනවා හිරෙන් පැනලා ආපු හැටි, යකඩ නමපු හැටි වගේ ගොඩක් දේවල්. මේ ෆිල්ම් එක සෑහෙන්න හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් එක්ක තිරගත වෙනවා. හැබැයි යකඩයා මේ ෆිල්ම් එකට කැමැති වෙන්නේ නෑ. ඔහු එළිපිටම ගාමිණී ෆොන්සේකා ඇතුළු කණ්ඩායමෙන් ගේම ඉල්ලන්න පටන් ගන්නවා. මොකද හේතුව බවට පත්වුණේ මේ යකඩයා ෆිල්ම් එකේ ගාමිණී ෆොන්සේකා මහත්මයා රඟපාන වෙලාවේදී ඔහු අවස්ථා කීපයකදීම දුම්වැටි සහ මත්පැන් පානය කරන දර්ශන කීපයක් තියෙනවා. ඔහු නිතරම මස් මාළු කන චරිතයක් විදිහට තමයි පෙන්වන්නේ. හැබැයි යකඩයා දිගින් දිගටම කියනවා තමන් කොච්චර මැර වැඩ කරත්, අපරාධ වැඩ කරත් තමන් කිසි දවසක මත්පැන්, දුම්වැටි පානය කළේ නෑ සහ තමන් කිසි දවසක මස් මාළු කෑවේ නෑ, තමන් නිර්මාංශික කෙනෙක් කියන කාරණය. ඔහු එළිපිටම ‘යකඩයා’ ෆිල්ම් එක හදපු කණ්ඩායමෙන් ගේම ඉල්ලන්න පටන් ගත්තා.

කොහොම හරි ඔය ෆිල්ම් එකේ නිෂ්පාදක කණ්ඩායමේ හිටපු කීපදෙනෙක් පස්සේ ඇවිල්ලා යකඩයාව හම්බවෙලා ඔහුගෙන් සමාව අරගෙන තියෙනවා මේ වෙච්ච දේට. ඔවුන් කියලා තියෙන්නේ ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ ස්ටයිල් එක හින්දා තමයි ඔය දුම්වැටි පානය කරන දර්ශන එහෙම දැම්මේ. ඒකේ මොනවා හරි හිත් රිදීමක්, හිත් තැවුලක් වුණා නම් සමාවෙන්න කියලා ඔය නිෂ්පාදක කණ්ඩායමේ කීප දෙනෙක් සමාව ඉල්ලුව බව යකඩයාගේ මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. දැන් හිරෙන් නිදහස් වුණාට පස්සේ යකඩයා තමන්ගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හැකියාව සෑහෙන්න දුරකට ප්‍රගුණ කරලා තිබුණා. ඒවයින් සෑහෙන්න මිනිස්සුන්ට උදව් කරන්නත් යකඩයා පෙලඹිලා තිබුණා. අවුරුදු 100 විතර පැන්නට පස්සේ යකඩයාට අර කලින් දාපු සෙල්ලම් ටික දාන්න බැරි වෙනවා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සෑහෙන්න දුරකට පිරිහෙන්න පටන් ගන්නවා. ආධාරකයක් ආධාරයෙන් තමයි ඔහු ගමන් කරන්න පටන් ගන්නේ.

2006, 2007 වගේ කාලසීමාව වෙනකොට යකඩයා සෑහෙන්න උත්සාහ කරලා තියෙනවා එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව හම්බවෙන්න. නමුත් ඔහුට ඒකට අවස්ථාවක් ලැබිලා නෑ. යකඩයා දිගින් දිගටම කිව්වේ මං ගාව මන්තර වගයක් තියෙනවා, මට ඒක මහින්ද මහත්තයට දෙන්න ඕනේ, මට ඒක එතුමාට කියලා දෙන්න ඕනේ එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් කියන කාරණය. නමුත් ඔහුට එවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව හම්බවෙන්න අවස්ථාවක් ලැබිලා තිබුණේ නෑ. මොකද හේතුව එවක යුද්ධයේ උච්චතම අවස්ථාව තමයි තිබුණේ 2007, 2008 වගේ කාලසීමාවේදී. කොහොම හරි එක්තරා අවස්ථාවකදී ඔහු ගිහිල්ලා ජනාධිපති මන්දිරය ගාව ඉඳන් ඉන්නවා පැය ගණනාවක්. එවක ලංකාවේ තිබුණු මාධ්‍ය ආයතනත් මේ පුවත වාර්තා කළා.

එහිදී යකඩයා මාධ්‍යවේදීන් අමතා පවසා තිබුණේ මෙවැන්නක්.
‘ජනාධිපතිතුමා හම්බවෙන්න ගියාම අරෙහෙ ගියා මෙහෙ ගියා කියලා එතැන ඉන්න අය මට එතුමා එක්ක කතාකරන්න අවස්ථාවක් ලබාදුන්නේ නෑ. එතුමා රැක ගන්නයි මම ගියේ. මට අර වටේ ඉන්න අය යන්න දුන්නේ නෑ. ඉතින් මම මෙතැනට වෙලා ඉන්නවා. මාධ්‍යයෙන් ඔය සේරම කියනවා, ඔහොම ඉන්නකොට ලැබෙයි බලන්න කිය කියා. ඉතින් මං හිටියා. මට ඕනේ එතුමාගේ ආරක්ෂාවට මන්තර කීපයක් දෙන්නයි, හූනියම් නොවදින්න.තවත් රහස් වගයක් කියන්න තියෙනවා එතුමාට…’
කොහොම හරි එක්තරා අවස්ථාවකදී ජනාධිපති මන්දිරයෙන් පණිවුඩයක් ලැබෙනවා යකඩයාට එන්න කියන කාරණය. ඒ අනුව තමයි යකඩයා ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව හම්බවෙන්නේ. හම්බවුණාට පස්සේ යකඩයා කියන්නේ මගේ ළඟ තිබුණු වටිනා මන්තර කීපයක් මහින්ද මහත්තයා වෙනුවෙන් දුන්නා, ඔහුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කියන කාරණය. මේ කතාකරන 2007, 2008 කාලසීමාව වෙනකොට යකඩයාගේ වයස අවුරුදු 108කට ආසන්න වෙලා තිබුණා. කොහොම හරි 2009, 2010 වෙනකොට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය එතරම්ම යහපත් වුණේ නෑ. ඔහුට රෝහල්ගත වෙලා ඉන්න වෙනවා සෑහෙන කාලසීමාවක්. ඔහුගේ මානසික තත්ත්වයත් එතරම් යහපත් නොවූ බවට තමයි කියැවෙන්නේ. කොහොම වුණත් 2011 අවුරුද්දේ අවාසනාවන්ත ආරංචියක් අහන්න ලැබෙනවා. ඒ තමයි රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබන අතරතුරදී යකඩයා ජීවිත ගමනට සමුදුන්නා කියන කාරණය.

යකඩයා එහෙම නැත්නම් ජිනදාසගේ විස්තර වලට අනුව ඔහු ඉපදිලා තියෙන්නේ 1900 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 09 වැනිදා. ඔහු අභාවප්‍රාප්ත වුණේ 2011 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 09 වැනිදා. යකඩයාගේ දේහය භාරගන්නවත් ඥාති හිතමිත්‍රාදීන් කවුරුත් වැඩිපුර හිටියේ නෑ. මොකද ඔහුගේ පරම්පරාවට අදාළ පරම්පරා කීපයක් ඔය කතා කරන 2011 වෙනකොට ජීවත් වෙලා ජීවිතවලින් සමුඅරගෙන තිබුණේ. ඉතින් අවසානයේදී එක ඥාතියෙක් තමයි කැකිරාව ප්‍රදේශයේ ඔහුගේ දේහය භාර ගන්න පියවර අරගෙන තිබුණේ සහ අවමංගල්‍ය උත්සවය ඉතාම චාම් විදිහට තමයි සිද්ධ කරලා තිබුණේ. ලොකු පිරිසකගේ දායකත්වයෙන් තොරව ඉතාම සීමිත පිරිසක් ඇවිල්ලා තමයි ජිනදාස එහෙම නැත්නම් යකඩයාගේ අවසාන කටයුතු ටික සිද්ධ කරලා තිබුණේ.

ඔහුගේ ජීවිතයේ වෙච්ච සිද්ධි දාමයක් ගැන සෑහෙන්න විස්තර තව තියෙනවා මෙතැනදී කතා නොකරපු. සමහර විස්තරවලට අදාළව මූලාශ්‍ර හොයාගන්න බැරිවුණා. සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා ඔහු එක්තරා අවස්ථාවක ලංකාවට ආපු කාපිරි හමුදාවක් එක්ක සටන් කළා කියන කාරණය. තව තැන් කීපයක තියෙනවා ඔහු එක්තරා අවස්ථාවක පොලිසිය අත්අඩංගුවට ගන්න හැදුවාම මුහුදෙන් පීනලා ඉන්දියාවට ගියා සහ ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වුණා කියන කාරණය. ඔහුට පෙම්වතියක් හිටි බවටත් ඒ පෙම්වතියට එක එක ප්‍රශ්න ඇවිල්ලා කාපිරි හමුදාව ඇයව ඝාතනය කළ බවටත් කතන්දර කියැවෙනවා. කොහොම වුණත් ඒ වගේ දේවල් කීපයක් සනාථ කරගත හැකි මට්ටමේ මූලාශ්‍ර හම්බ වුණේ නෑ. ඒ නිසා ඒ සමහර විස්තර මේ ලිපියට ඇතුළත් කළේ නෑ. ඔන්න ඕක තමයි මරදන් කඩවල යකඩයාගේ කතාව.

Hasi Bro Lk

SendShareShare
Previous Post

වකුගඩුව අතුරුදන් වී මියගිය දරුවාට සාධාරණය කෝ? අධිකරණ නියෝගයට අනුව සැකකරුවන් අල්ලන්නේ නැත්තේ ඇයි? Sri Lanka Latest News

Next Post

බණ්ඩාරවෙල රක්ෂිතයක් දවස් ගාණක් තිස්සේ ගිනිගන්නවා! ගින්න නිවන්න කවුරුත් මැදිහත් වෙලා නෑ! දැනටමත් අක්කර ගාණක් විනාශයි! කෝ මේ ඇමැති සමන්ත නිදිද? PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.