• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ බන් හිට්ලර්! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

February 27, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
කෝ බන් හිට්ලර්! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ගෝඨාභයට හිට්ලර් කෙනෙක් වෙන්න කියලා මුලින්ම කිව්වේ වෙඬරුවේ උපාලි අනුනායක හිමියන්ය. උන්වහන්සේ කළ මේ ප්‍රකාශයත් එක්ක මේ රටේ සිවිල් සමාජයත්, ඒ වන විට බලයේ සිටි යහපාලන ආණ්ඩුවත් බොහෝ සේ කලබලයට පත්විය. එලෙස කලබලයට පත්වූ ඔවුන් රට පුරා විශාල කැම්පේන් එකක් කරන්න පටන් ගත්තේ මේ එන්න යන්නේ හිට්ලර් කෙනෙක් කියලාය. හිට්ලර් පන්නයේ පාලනයක් අරන් එන්න කට්ටියක් දත කනවා යැයි කියාය. හිට්ලර් නැවත ඉපදෙනවා යැයි කියාය.

ඔවුන් මෙහෙම කීවා පමණක් නොව ඒ මතය තහවුරු කිරීමට විවිධ සාධකත් එකින් එක ඉදිරිපත් කළේය. 2015ට පෙර මහින්දගේ පාලන සමයේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පුද්ගල අතුරුදන්කිරීම්, මැර ප්‍රහාර ආදී සියල්ල ගෝඨාභයගේ ගිණුමට බැර කර මේ එන්න යන්නේ අතිභයානක මිනිහෙක් බව ඔවුහු නිරතුරුවම කීහ. 2019 ජනාධිපතිවරණයේදී මේ රටේ මිනිස්සු ගෝඨාභයට ඡන්දය දාන්න ගියේ එවක ආණ්ඩුවත් සිවිල් සංවිධානත් මේ කියපු කතා ඔළුවෙ තියාගෙනය. යම් හෙයකින් ගෝඨාභය දිනුවහොත් ඔහු ඉතා දරුණු පාලකයකු වනු ඇති බවට ඔවුන්ටද සැකයක් තිබිණි. නමුත් ඊට එරෙහිව ඔවුන් විරෝධය පළ කළේවත්, වචනයක්වත් කීවේත් නැත. එසේ කළේ දැන් මේ රටට අවශ්‍ය දරුණු පන්නයේ පාලකයෙක් කියලා ඔවුන් සිතා සිටි නිසාය. උදෙන්ම ගිහින් ඡන්දය දුන්නත් මේ කවුරුවත් ගෝඨාභය කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියා හරි හැටි දැන සිටියේ නැත.

ඇත්තටම කියනවා නම් ගෝඨාභය දරුණුය. හැබැයි ඒ දරුණු නිරායුධ අහිංසක පුද්ගලයන්ට නොව, අවි ආයුධ අත දරාගත් ත්‍රස්තවාදී පන්නයේ මිනිසුන්ටය. මොකද කියනවා නම් ගෝඨාභය හැප්පුණේ ලොව අංක එකේ ගරිල්ලා ත්‍රස්ත නායකයා ලෙස විරුදාවලිය ලැබූ දරුණුතම පුද්ගලයකු ලෙස සැලකෙන ප්‍රභාකරන් එක්කය. එහෙම අයෙක් එක්ක හැප්පුණු ගෝඨාභයට මේ දේශපාලනයේ කට කැඩිච්ච කතා කියන කජු කිරි කොල්ලන්ගෙන් වැඩක් නැත. තමා මොන වගේ පුද්ගලයෙක්ද යන්න ගෝඨා ජනාධිපති වෙලා දින කිහිපයක් ඇතුළත ඔප්පු කිරීමටද සමත් වූයේය.

ගෝඨා ජනාධිපති වූ විගස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. හැමෝම හිතුවේ තමන්ගේ ගෙදර දොරකඩටම ඇවිත් උද්ඝෝෂණය කරන නිසා ගෝඨා පොලිසිය ලවා මේ උද්ඝෝෂකයන්ට පන්න පන්නා ගහයි කියාය. හැබැයි ගෝඨා ඒ කාටවත් ගහන්න ගියේ නැත. උද්ඝෝෂකයන්ට බයේ හැංගෙන්න ගියේත් නැත. සිය රථයෙන්ම උද්ඝෝෂකයන් මැදට ගොස් තමන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳන බව ගෝඨා ඔවුන්ට දැනුම්දී සිටියේය. එතෙක් ගෙදරට වී සිටින ලෙස ගෝඨා ඔවුන්ට කියා සිටියේය. මෙම සිද්ධියෙන් පසු ගෝඨා උද්ඝෝෂකයන්ටම උද්ඝෝෂණය කිරීමට ගෝල්ෆේස් ඉදිරිපිට වෙනම ඉඩකඩක් වෙන්කර දීමටද කටයුතු කළේය. නමුත් උද්ඝෝෂකයෝ එම ස්ථානය හෝ භාවිත නොකර රටේ හැම තැනම හිතූ හිතූ ආකාරයට උද්ඝෝෂණ කරන්නට පියවර ගත්හ.

මෑතකදී එසේ පැවැති දැවැන්ත උද්ඝෝෂණයක් වූයේ ගුරු විදුහල්පති උද්ඝෝෂණයය. මෑත කාලයේ පැවැති කිසිදු ආණ්ඩුවකට ඒ වගේ ඒකාබද්ධ ගුරු විදුහල්පති උද්ඝෝෂණයකට මුහුණ දීමට සිදුව තිබුණේ නැත. අනෙක එම ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය ගෝඨාභයගේ ආණ්ඩු සමයේ මතුව ආ එකක් නොව ආණ්ඩු ගණනාවක සිට පැවැත ආ ප්‍රශ්නයකි.

මේ තත්ත්වය යටතේ ගෝඨා ඒ ගුරු විදුහල්පතිවරුන්ට ගහන්න ගියේ නැත. රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදී සිටියදීත් ගෝඨා ගුරුවරුන්ට දීමනාවක් ලබාදීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව මෑතකදී හෙද ප්‍රශ්නය මතුවූ අවස්ථාවේදී ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමටද ගෝඨාභය එකඟතාව පළ කළේය.

‘සර් මේ විදියට ගියොත් අපිට වර්ජනවලට මුහුණ දීලා කෙළවරක් වෙන එකක් නෑ. මේවා වහාම මර්දනය කරන්න ඕනෙ.’

මේ පසුගිය සතියක පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකදී පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර, ගෝඨාභයට කර තිබූ යෝජනාවකි. එහිදී ගෝඨාභය, වීරසේකරට දී තිබුණේ අපූරු පිළිතුරකි. ගෝඨාභය කියා තිබුණේ වර්ජනය කරන අය ජනතාව බලාගනීවි යැයි කියාය.

මේ වගේ වර්ජකයන්ට හිතූ හිතූ හැටියේ වර්ජනය කරන්න නිදහස තිබුණේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක රජය යටතේ පමණි. ඉන් පසුව බලයට ආ හැම ආණ්ඩුවක්ම ජනාධිපති මන්දිරය ඉදිරිපිටට, අරලියගහ මන්දිරය ඉදිරිපිටට ආ උද්ඝෝෂකයන්ට එළව එළවා පහරදුන්හ.

‘දැන් නම් බලන් හිටියා හොඳටම ඇති. ඔබතුමා දැන් හිට්ලර් කෙනෙක් වෙන්න ඕනෙ.’

‘ඔබතුමා පොල්ල අතට ගන්න ඕනෙ.’

‘ඔබතුමා කෙවිට අතට ගන්න ඕනෙ.’

මේ, පසුගිය දින කිහිපය පුරාම මේ රටේ නමගිය හිමිවරු, මැති ඇමැතිවරු ප්‍රසිද්ධියේම ගෝඨාභයගෙන් කළ ඉල්ලීමය. ගෝඨාභය ඒ ඉල්ලීම්වලට තමන්ට සුපුරුදු සිනාව පළ කළා විනා ඒවාට කිසිදු අවස්ථාවක වචනයෙන් උත්තර දෙන්නට ගියේ නැත.

ලොව ඕනෑම තැනක හමුදාව අතරින් පාලනයට ආ නායකයන් දරුණු ගණයේ ඒකාධිපති පාලකයන් බවට ප්‍රචලිත වී තිබිණි. ඒ වගේම ගෝඨාභයත් ආවේ හමුදාව අතරිනි. ඒ නිසා බොහෝ දෙනා ගෝඨාභය ඒකාධිපති පාලකයකු වනු ඇති බවට කැට තැබූහ. නමුත් ගෝඨාභය අනාගතයයේදි ඉතිහාසගත වනු ඇත්තේ හමුදාව අතරින් බලයට ආ ලොව පළමු ප්‍රජාතන්ත්‍රවාදී නායකයා ලෙසටය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

යුක්රේන අර්බූදයත් එක්ක ජවිපෙ බලයට ආවොත් වෙන්නෙ මොනවද? විග්‍රහයක්! (VIDEO)

Next Post

පාස්කු ප්‍රහාරයට එරෙහිව වතිකානුව ඉදිරිපිට විරෝධය ඇරඹේ! (VIDEO & PHOTOS)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.