• About us
  • Contact us
Wednesday, July 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් මිලියන 2.5 දාද්දි මහාභාණ්ඩාගාරය හොරාගේ අම්මාගෙන්ම පේනෙ අහලා! නම් ගලපලාත් නෑ! මහබැංකුව කල් තියාම කියලා! I Sri Lanka Latest News

July 15, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Share on WhatsAppShare on Facebook

මහා භාණ්ඩාගාරය මගින් ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධියේ ගිණුම් තොරතුරු සැකසහිත බවට මහ බැංකුව අනතුරු අඟවා තිබියදීත් අදාළ නිලධාරීන් එම තොරතුරු නිවැරදි බවට තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්ම බව අනාවරණ වී තිබෙනවා.Sri Lanka Latest News

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව අනුවයි.

2025 වසරේ නොවැම්බර් සහ 2026 වසරේ ජනවාරි අතර කාලයේදී Export Finance Australia ආයතනය වෙත විදේශ ණය ප්‍රතිපූරණය කිරීමේදී සිදු වූ සයිබර් අපරාධයෙන් මහා භාණ්ඩාගාරයට සිදු වූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක පාඩුව පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එම වාර්තාවේ අන්තර්ගතය අනුව මේ පිළිබඳව තවත් කරුණු රැසක් හෙළිදරව් වනවා.

ශ්‍රී ලංකා මහ බැකුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රතිලාභියෙකුට ගෙවීමක් කරන බව නිරීක්ෂණය කර ඇති අතර එම ලිපිනය Export Finance Australia ලිපිනයට නොගැළපෙන බවත්, මුදල් විශුද්ධිකරණ ගැටලු පිළිබඳව අනතුරු ඇඟවූ බවත්, ණයහිමියා සමඟ ගිණුම් විස්තර නැවත තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා මහ

බැංකුව 2025 නොවැම්බර් මස 26 වැනිදා මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

අනතුරුව අමාත්‍යාංශය නීත්‍යානූකූල ණයහිමියාට එම ගිණුම් විස්තර යවා තහවුරු කරගැනීම වෙනුවට වංචනික පාර්ශ්වයටම විද්‍යුත් තැපෑලක් යවා එම වංචාකරුගෙන්ම බැංකු තොරතුරු තහවුරු කරගෙන ඇති බව සඳහන්.

කමිටු වාර්තාවට අනුව කිසිවෙකු මුදල් ප්‍රතිලාභීන්ගේ නම් ගළපා නොමැති බව පෙනී යන බවත් ශ්‍රී ලංකාව අබුඩාබිහි බැංකුවක Mish Global LLC, LMH Global LLC සහ Sifra Watan Project Management Services වෙත ස්වෛරී ණය ගෙවීම් සිදු කර තිබෙන බවත් අදාළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම ඒ සෑම ප්‍රතිලාභියෙක්ම Australias export credit agency ලෙස පෙනී සිට ඇති අතර ඒ අනුව එවැනි ආයතනයකට මුදල් ගෙවනු ලබන්නේ ඇයිදැයි ඇසීමට කිසිවෙකු කටයුතු කර නොමැති බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

වාර්තාව අනුව, 2026 ජනවාරි මස 6 වැනිදා ජේ.පී. මෝර්ගන් වංචා වැළැක්වීමේ කණ්ඩායම ඉන්දියාවේ අපනයන – ආනයන බැංකුවට ( EXIM Bank of India) සිදුකරන ශ්‍රී ලාංකික ගෙවීමක් වංචනික විය හැකි බවට අනතුරු අඟවා එය නවතා තිබෙනවා.

අනතුරුව ඉන් දින තුනකට පසු විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වංචාකාරී ඩොමේන් නාමයක් දක්වමින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයටත් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ඉන් දින එකොළහකට පසු එනම් ජනවාරි මස 20 වැනිදා ශ්‍රී ලංකාව Mish Global LLC වෙත තවත් ඩොලර් නවලක්ෂ අනූහත් දහසක් හත්සිය අනූ නවයක මුදලක් ගෙවා තිබෙනව බව ද වාර්තාවේ පෙන්වා දෙනවා.

මේ අතරම අමාත්‍යාංශ නිලධාරීන් සැබෑ ණයහිමියා වෙත විද්‍යුත් තැපෑලෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

ණය වාරිකය ගෙවීම ජනවාරි මස මුල් සතියේ තිබුණද දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සම්පත් හිඟවීම නිසා එය ප්‍රමාද වී තිබේ.

එබැවින් මුදල් පිටතට ගොස් ඇති බව අමාත්‍යාංශය විශ්වාස කළද යමෙකු ඕස්ට්‍රේලියාවට ආයාචනා කරමින් තවත් කාලයක් ඉල්ලා සිට ඇති බව වාර්තාව මඟින් පෙන්වා දෙනවා.

SendShareShare
Previous Post

හිටපු එමීර්ට අවසන් ගෞරව දක්වන්න හරිනි කටාරයට ගිහින්! I Sri Lanka Latest News

Next Post

එස්.බී.ගේ මල්ලිව අත්අඩංගුවට අරන්! බාර් ලයිසන් එකක් දෙන්නම් කියලා දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක් වංචා කරලා! I Sri Lanka Latest News

MORE NEWS

‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියගේ කැත්ත-උදැල්ල-නගුලටත් බදු ගහනවා! ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන ගණන් බදු සහන දීලා! ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය ගැන විපක්ෂනායක කියපු කතාව! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

කන බොන දේටත් බදු ගහන ආණ්ඩුව සිගරට්වලට බදු සහන දීලා බිලියන 25ක ආදායමක් නැති කරගනී! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

කටුනායකදී අල්ලපු කුඩු ජාවාරම්කාරයා පොලිස් තුවක්කුව උදුරාගෙන පොලිස් නිලධාරියාටම වෙඩි තබා පැනලා යයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

උදේ මාලිමාවේ ආණ්ඩුකාරයෙක් ඉල්ලා අස්වුණා! හවස මාලිමාවේ මීගමු නගරාධිපති ඉල්ලා අස්වුණා! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ අයියාවත් අල්ලයි! 22 වෙනකම් ඇතුළේ! I Sri Lanka Latest News

දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News
Exclusive

දොස්තරලාත් 2ට දාලා අපේ දේශපාලඥයෝ 1ට ඇවිත්! 10%ක්ම 75 පැනපු අය! 80 පැනපු 5 දෙනෙක්! මහින්ද-රනිල්-කරු-චන්ද්‍රිකා පෙරමුණේ! I Sri Lanka Latest News

Load More
‘බොරු මදිවට හොරු – අනුර Fail..! ජනතාවට අමාරුයි.. ආර්ථිකය අනතුරේ’! සජබය ගම්පහෙන් පටන් ගත්ත මහජන කථිකාවට විපක්ෂනායක සජිත් බොරැල්ලේදී එක්වෙයි! මේ තරම් පච කියන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේම තිබ්බේ නෑ..! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගොවියගේ කැත්ත-උදැල්ල-නගුලටත් බදු ගහනවා! ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන ගණන් බදු සහන දීලා! ආණ්ඩුවේ ගොවි ප්‍රතිපත්තිය ගැන විපක්ෂනායක කියපු කතාව! I Sri Lanka Latest News

රජය කෘෂි උපකරණවලට බදු පිට බදු ගැසුවත් සිගරට් සඳහා ඇති බදු නම් අඩු කර ඇති බවත් 2026 ජනවාරි සිට ජුලි...

Read more
ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

කන බොන දේටත් බදු ගහන ආණ්ඩුව සිගරට්වලට බදු සහන දීලා බිලියන 25ක ආදායමක් නැති කරගනී! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

කටුනායකදී අල්ලපු කුඩු ජාවාරම්කාරයා පොලිස් තුවක්කුව උදුරාගෙන පොලිස් නිලධාරියාටම වෙඩි තබා පැනලා යයි! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

උදේ මාලිමාවේ ආණ්ඩුකාරයෙක් ඉල්ලා අස්වුණා! හවස මාලිමාවේ මීගමු නගරාධිපති ඉල්ලා අස්වුණා! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ අයියාවත් අල්ලයි! 22 වෙනකම් ඇතුළේ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.