වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි.Sri Lanka Latest News
යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් අද (4) අළුයම 1ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.
කෙසේ නමුත් මින් වෙඩි වැදී ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් වන අතර, ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා වැලිගම වලාන රෝහල වෙත රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, තුවාල ලැබූ පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.
වැලිගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.










