නාඋල බොබැල්ල ප්‍රදේශයේ පදිංචි වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය නාවුල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වරෙන්තුකරුගේ නිවසේ සිටි සුනඛයකු විසින් සපාකනු ලැබීම හේතුවෙන් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළ බව නාවුල පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
අපරාධයක් සම්බන්ධයෙන් නාඋල මහේස්ත්‍රාත් අධිකරණය මගහැර වරෙත්තු ලැබ සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් පෙරේදා (14) පස්වරුවේ සැකකරුගේ නිවසට ගොස් ඇති අතර, නිවසේ සිටි සුනඛයා කිසියම් අයෙකු උසිගැන්වීමෙන් පසු බුරාගෙන විත් පොලිස් පරීක්ෂකවරයාගේ ඇඟට කඩාපැන ඔහුගේ වම් කකුල හා කලවා ප්‍රදේශය සපාකා තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි.
පොලිස් නිලධාරින් වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීම පසෙකලා තුවාල ලැබූ පොලිස් පරික්ෂකවරයා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.
වරෙන්තුකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
gossiplankanews










