යාපනයේ බාලිකා විද්‍යාල සියල්ලකම ශිෂ්‍යාවන්ගේ හා දෙමව්පියන්ගේ දුරකතන අංක ලබාගෙන වහාම එම පාසල් සඳහා වට්ස් ඇප් සමූහයන් නිර්මාණය කරන ලෙසට යාපනය නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත් මහතා 24 දා සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ. (Sri Lanka Latest News)
එම දැනුම්දීම යාපනයේ අධ්‍යාපන බලධාරීන් වෙතද, විදුහල්පතිවරුන් වෙතද මේ වන විට දැනුම් දී ඇත.
යාපනයේ බාලිකා පාසල් කීපයකම ශිෂ්‍යාවන්ට බාහිර පුද්ගලයන්ගෙන් සිදුව ඇති අසාධාරණකම් හා නොහොබිනා සිදුවීම් රැසකින් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම තීරණය ගෙන ඇත.
මෙම වට්ස් ඇප් සමූහයන් පන්ති භාර ගුරුවරු ලවා මෙහෙයවිය යුතු බවත්, ඒ ඒ බාලිකා පාසල් අයත් පොලිස් ස්ථාන මගින් නිරන්තරයෙන් එම පාසල් හා වට්ස් ඇප් සමූහ සමග සම්බන්ධකම් පවත්වා ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවත් නියෝජ්‍ය පොලිස්පත්වරයා දැනුම් දී තිබේ.
මේ ක්‍රමවේදයට අනුවම යාපනයේ බාලිකා පාසල්වල ශිෂ්‍යාවන් පාසලට පැමිණෙන ආකාරය ගැන අවධානය යොමු කොට එම ශිෂ්‍යාවන් රැගෙන එන රියදුරන්ගේ විස්තරද සටහන් කර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දී තිබේ.
ශිෂ්‍යාවන් පාසලට නොපැමිණෙන්නේ නම් ඒ ගැනද, පාසල නිමවී නිවසට යාමට ප්‍රමාද වන්නේ නම් ඒ ගැනද තොරතුරු සටහන් වියයුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.
lankasara










