ද ෆිනෑන්ස් තැන්පත් කරුවන් 6400කගේ මුදල් බිලියන 11.6ක් සහ රුපියල් බිලියන 5.5ක වටිනාකමකින් යුත් වත්කම් තිබෙන බවට 2019 වසරේ දි සිදු කළ වත්කම් තක්සේරුවේදී හෙළිදරව් වූ බවත් මේ වන විට මෙම ආයතනය ඈවර කිරිමට පුද්ගලයකු පත් කර ඇති බැවින් තැන්පත්කරුවන්ට අගතියක් නොවන ආකාරයට එම මුදල් සහ පොලිය ගෙවනවාද? කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
තමා 2020 සිට මේ ගැටලුව පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කරන හෙයින් මෙම පවුල්වලට නිසි සාධාරණයක් ඉටු කර දෙන ලෙස විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.










