වයස අවුරුදු පහට අඩු දරුවන් 300,746ක් සහ කාන්තාවන් 671,742ක් ද මන්දපෝෂණයෙන් පෙළෙන බව වාර්තා වෙනවා. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව කළ ප්‍රකාශයක් අනුවයි.Sri Lanka Latest News
මෙලෙස මන්දපෝෂණයෙන් පෙළෙන පිරිස බහුලව වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි කියන්නේ. බස්නාහිර පළාත තුළ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව 85,847ක්. බස්නාහිර මන්දපෝෂණයෙන් පෙළෙන කාන්තාවන් ගණන 196,197ක්. මන්දපෝෂණයෙන් පෙළෙන අඩුම දරුවන් පිරිස වාර්තා වන්නේ සබරගමුව පළාතෙන්. එහි සිටින මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්නේ සංඛ්‍යාව 17,180ක්. මන්දපෝෂණයෙන් පෙළෙන අඩුම කාන්තාවන් සංඛ්‍යාව වන 28,083ක් වාර්තා වන්නේ උතුරු පළාතෙන්.
වයඹ පළාත් සංඛ්‍යා ලේඛන අනුව මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් ගණන 47,765ක් වෙනවා. දකුණු පළාතේ 37,032 යි, මධ්‍යම පළාත 37,393 යි, නැඟෙනහිර පළාත 27,280 යි, උතුරු මැද පළාත 19,067 යි, ඌව පළාත 18,278 යි සහ උතුරු පළාත 17,904 යි ලෙස වාර්තා වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙම වාර්තාව අනුව මන්ද පෝෂණයෙන් පෙළෙන කාන්තාවන්ගේ ප්‍රමාණය වන්නේ මධ්‍යම පළාත 126,976 යි. දකුණු පළාත 79,254 යි. වයඹ පළාත 68,763 යි. සබරගමුව පළාත 54,394 යි. ඌව පළාත 46,175 යි. නැඟෙනහිර පළාත 39,631 යි. උතුරු මැද පළාත 38,869 යි.
මෙම සංඛ්‍යා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබුණේ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ විමසීමකට පිළිතුරු ලෙසයි.










