• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෙඩෙක් මහල්ලෙක් කියලා හිනාවුණා! බයිඩන්ට කළ දේ ට්‍රම්ප්ට පලදේ! අපේ සමහරුත් ඉංග්‍රීසි-ජපන් කතාකරන කොට හිනාවුණා! Sri Lanka Latest News

July 27, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ට්‍රම්ප්ට කොරෝනා හැදෙයි
Share on WhatsAppShare on Facebook

‘ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ධවල මන්දිරය විසින් මෙම නිල ප්‍රකාශය සිදුකර සිටිනවා. ජනාධිපතිවරයාගේ විශේෂ අනුමැතිය සහ ඉල්ලීම මතයි මේ ප්‍රකාශය මා විසින් මාධ්‍ය වෙත හෙළිකර සිටින්නේ. පසුගිය සමීප කාලයක සිට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අතක සහ පසුව එක් කකුලකද ඇතිවුණු එක්තරා ඉදිමුම් තත්ත්වයක් හේතු කරගෙන නොයෙකුත් පාර්ශ්ව විසින් විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළා. මෙම තත්තවයන් මාධ්‍ය තුළින් ඡායාරූප රැසක් හරහාද පෙන්නුම් කර සිටියා. විවිධ ආන්දෝලනාත්මක මාධ්‍ය වාර්තා රැසක්ද පළකර සිටියා. මේ නිසා මෙම තත්ත්වය ලෝකය පුරාම මහත් කතාබහට ලක්වුණා. මෙවැනි වටපිටාවකදී තමයි මෙම සෞඛ්‍ය තත්ත්වය කුමක්දැයි අවබෝධ කරගැනීම සඳහා ජනාධිපතිවරයා පසුගියදා විශේෂ සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා පෙනී සිටියේය. ඒ අනුව එම පරීක්ෂණ සිදුකළ වෛද්‍ය විශේෂඥයන් තීරණය කර තිබෙනවා ඇමෙරිකානු ජනාධිපතිවරයා යම් රෝගී තත්ත්වයකින් පෙළෙන බැව්…’ Sri Lanka Latest News

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අදාළව මෙසේ ඇසෙන ආන්දෝලනාත්මක කතාව කුමක්ද? මෙය කියා සිටින්නේ කවරෙකු විසින්ද? මෙම කතාව පසුගියදා කියා සිටියේ ඇමෙරිකානු ජනාධිපති ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් විසිනි. ඇය මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මේ බව කියා සිටියාය. ඇයගේ මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව තවදුරටත් මෙසේ කියා සිටියි.

‘ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් උඩයි මම මේ තොරතුරු සියල්ල හෙළිකර සිටින්නේ. පසුගියදා සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ ජනාධිපතිවරයා නිධන්ගත නහර රෝගයකින් පෙළෙන බවයි. ඔහුගේ එක් අතක (දකුණ) සහ එක් පාදයක මේ තත්ත්වය තදින් පෙන්නුම් කර සිටිනවා. ඔහු පසුගිය කාලයේ විවිධ පුද්ගලයන්ට අතට අත දීම හේතුකරගෙන මෙම තත්ත්වය වැඩිවී තිබෙනවා. කෙසේ වෙතත් මෙම නිධන්ගත ස්නායු සහ නහර රෝගය හේතුකරගෙන ඔහුගේ ශිරා ඌනතාව උත්සන්න වී තිබෙනවා. මෙහිදී අත් සහ පාදවල ශිරා මගින් හදවතට රුධිරය පොම්ප කිරීමට බාධා පැමිණෙන බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. මෙම රෝගය හඳුන්වා දී ඇත්තේ ‘නිධන්ගත ශිරා ඌනතාව’ ලෙසිනුයි. මේ නිසා ශිරා සහ කපාට ක්‍රියා නොකර, අත්පාවලින් නැවත රුධිරය ආපස්සට ගලා යෑම සිදුවන බව පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා. කෙසේ හෝ හදවතට රුධිරය පොම්ප කිරීම අඩුවුණත්, ජනාධිපතිවරයාට මේ වනවිට හදවත් රෝගී තත්ත්වයක් නැති බවයි වෛද්‍ය විශේෂඥයන් කියා සිටින්නේ. එහිදී ඔවුන් තවත් නිර්ණය කර ඇත්තේ ජනාධිපතිවරයාට ‘ගැඹුරු නහර තොම්බොසිස්’ හෝ ධමනි රෝග’ පිළිබඳ දරුණු තත්ත්වයක් නොමැති බවයි. එසේම පසුගිය වෛද්‍ය පරීක්ෂණයේදී අනෙකුත් වකුගඩු, අක්මා හෘදයාබාධ වැනි රෝගද නොමැති බවත් සොයාගෙන තිබෙනවා….’

දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. පසුගිය කාලයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙසේ අත් පා ඉදිමීම සහ තැළීම් සිදුවන ආකාරය පෙනුණු විට බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ ඔහු ප්‍රසිද්ධියට පත් නොකරනු ලබන අද්භූත හෝ නිධන්ගත දරුණු රෝගයකින් පෙළෙන බවයි. බොහෝ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍යද මේ බව ප්‍රකාශ කර සිටියේය. දැන් එසේනම් මේ වනවිට සිදුව ඇත්තේ කුමක්ද? ‘හොඳ හොඳ ජවනිකා එන්නේ එළිවෙන ජාමෙට’ යැයි කිව්වා සේ අද සියල්ල හෙළිදරව් වී ඇත. අතට අත දීම නිසා සිදුවුණු තත්ත්වයක් යැයි කියූ කතාව අද වෙනතකට පෙරළී ඇත. එනම් මෙම පසුගියදා සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ජනාධිපතිවරයා යම් සංකීර්ණ රෝගී තත්ත්වයකින් පෙළෙන බව සොයාගෙන ඇත. එතැනින්ද නොනැවතී අද එම පුවත ලෝකය ඉදිරියේදීද ප්‍රකාශ කර ඇත.

අද ලෝකයේ බොහෝ දෙනකු ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන උනන්දු වන ආකාරය දක්නට හැකිය. එනම් ඔහු මෙයට මාස කීපයකට පෙරදී ජනාධිපති ධුරයට පත්වූ පසුව ඇමෙරිකාව තුළ සහ ලෝකයේ අනෙකුත් රටවල් රාශියකටද අදාළ නීතිරීති රැසක් ගෙනාවේය. නොයෙකුත් දරදඬු සම්බාධක, අධික බදු ප්‍රතිශත ආදී නීතිරීති රැසකින් රටවල් මහත් පීඩාවට පත් කළේය. සංක්‍රමණිකයන් දහස් ගණනින් ඇමෙරිකාවෙන් පිටුවහල් කළේය. මෙම දරදඬු ප්‍රතිපත්ති නිසා මේ වනවිට ශ්‍රී ලංකාවද මහත් අර්බුදයකට මුහුණ දී සිටින්නේය. මේ හෙයින් ඩොනල්ඩ් ට්‍රම්ප් යනු මේ වනවිට ලෝකය පුරා එක්තරා අපකීර්තියකට ලක්ව සිටින ජනාධිපතිවරයකු ලෙස පෙනෙයි. ඒ අතරම ඔහු පසුගිය කාලයක් පුරා හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත යම් අවමානයකින් ප්‍රකාශ කර සිටියේ බයිඩන් තමාගේ ශාරීරික රෝග සඟවමින් ජනාධිපති ධුරයේ කටයුතු කරන බවයි. බයිඩන් තමන්ට ඇති පිළිකා රෝගී තත්ත්වයක් සඟවමින් කටයුතු කරන බවට ට්‍රම්ප් ප්‍රසිද්ධියේ චෝදනා කළේය. යහපත් ශරීර සෞඛ්‍යයක් ඇති එකම ජනාධිපතිවරයා තමන් යැයි ඔහු විසින්ම කියා ගත්තේය. එසේම ජෝ බයිඩන් වයෝවෘද්ධ මිනිසකු බවත්, ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට සුදුසුකම් නැති අයකු බවටත් ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කළේය. එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? ‘අනුන්ට කළ දේ තමන්ට පලදේ’ යැයි අපගේ ජන වහරෙහි කිව්වා සේ අද ඩොනල්ඩ් ට්‍රම්ප්ද නිධන්ගත සංකීර්ණ රෝගී තත්ත්වයකින් පෙළෙයි. අපූරු කතාව නම් අද ජනාධිපති ධවල මන්දිරයම එම වතගොත නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමය. මෙම තත්ත්වය අද ලෝක මාධ්‍යයන් රැසක විචාරයට බඳුන් වී ඇති විෂයකි. සොබාදහම සත්‍යය පෙන්වා දී ඇත.

දැන් ඔබ මෙම කතාවෙහි යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. ඇමෙරිකාවේ මෙම අපූරු කතාව ඇසෙන විට ශ්‍රී ලංකාවට අදාළව එවැනිම කතාවක් ඇසෙන ආකාරය දක්නට හැකිය. මෙම වතගොත අපට ඇසෙන්නේද ශ්‍රී ලංකාවේම දේශපාලන ක්ෂේත්‍රයට අදාළව වීම විශේෂත්වයකි. එසේනම් එය කුමක්ද?

ශ්‍රී ලංකාවේ පසුගිය මැතිවරණ සමයේදී, එනම් මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පවතින විටදී මෙරට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඔහුගේ යම් ක්‍රියාවලීන් උදෙසා අපහාස හා පරිභවයන් සිදුකළේය. වත්මන් රාජ්‍ය පාලන තන්ත්‍රයේ සමහර පිරිස් විසින් එවැනි අවමානයන් සිදුකර සිටියේය. මෙය සමාජය හොඳින් දත් කරුණක් විය. ‘සජිත් ප්‍රේමදාස කතාකරන ඉංග්‍රීසි කාටවත් තේරෙන්නේ නෑ. ඒවා තේරුම් ගන්න ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරිය තියෙන්න ඕනේ. ඒ අතර තවත් ජපන් වගේ භාෂා කතා කරන්නත් ගත්තා. හරිම විහිළුවක්…’ යැයි මෙම පිරිස උසුළු විසුළු කරන්නට ගත්තේය. එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? එසේ පරිභවයන් සිදුකළ වත්මන් රජයේ ප්‍රධානතම රාජ්‍ය පාලකයන්ටද ඉංග්‍රීසි භාෂාව කතාකර ගන්නට නොහැකිව සමාජයේ සරදමට ලක්ව ඇති ආකාරය පැහැදිලිවම දක්නට හැකිය. එනම් ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු බොහෝ ජාත්‍යන්තර හමුවීම් සහ ගෝලීය සමුළුවලදී පවා ඉංග්‍රීසි භාෂාව හසුරුවා ගැනීමට නොහැකිව අසරණව සිටින ආකාරය දක්නට හැකිය. යමෙකුට භාෂාවක් කතා කරන්නට නොහැකි වීම අප පරිභවයට ලක්කරන්නේ නැත. එසේ කිරීමට තරම් අප නිහීන වන්නේද නැත. එහෙත් මෙම වටපිටාවේදී පෙනෙන අපූරු රසවත් කතාව නම් එදා පරිභව කරමින් සිනාවුණු මිනිසුන්ටම අද සමාජයේ මිනිසුන් සිනාවෙන්නේ ඉංග්‍රීසි බිඳක්වත් නොදන්නේ යැයි පවසමිනි. ‘අන්තෝ ජටා බහිජටා’ යැයි කියන්නේ මෙවැනි කතාවලටය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

නීතිය නවන්න ගිය ජනාධිපතිලාගේ බලය නවපු විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද අගවිනිසුරු ලෙස දිව්රනවා!  I Sri Lanka Latest News

Next Post

පාටි දාලා බීලා ආපු මාලිමා සංවිධායක කයිට්ස් දේවස්ථානයේ කන්‍යා මරියතුමීගේ පිළිරුව කුඩුකරලා! පොලිසියේදී වරද පිළිගනී!  I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.