යාපනයේ කයිට්ස් ප්‍රදේශයේ දේවස්ථානයකට බීමත්ව පැමිණ දේව පිළිමයක් කඩා දැමීමේ සිද්ධියකට ජාතික ජනබලවේගයේ කයිට්ස් ප්‍රධාන සංවිධායකවරයා ඇතුලු සැකකරුවන් 08 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
කයිට්ස්, මෙලින්ජිමුනායි නාරායම්පති මාතා පල්ලියේ ඉදිකොට තිබූ රුපියල් මිලියන 5ක් පමණ වටිනා කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාව කිසියම් පිරිසක් විසින් කඩා බිද දමා ඇති බවට දේවස්ථානයේ පූජකවරයා විසින් කයිට්ස් පොලීසියට කරන ලද පැමිණිල්ලකින් පසුව මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
ඊයේ (26) සවස විශාල පිරිසක් එම දේවස්ථානයට යාබදව පිහිටි ස්ථානයක මත්පැන් සාදයක් පවත්වා තිබෙන අතර, අනතුරුව කෑ කෝ ගසමින් අශෝභන ලෙස හැසිරීම නිසා දේවස්ථානයේ පූජකවරු එම පිරිසට සාදය පැවැත්වූ තැනින් ඉවත්ව යන ලෙස කාරුණිකව ඉල්ලීමක් කොට තිබෙනවා.
මේ අවස්ථාවේදී ඔවුන් පූජකවරුන් සමග ගැටුමක් ඇති කරගෙන රාත්‍රියේ පැමිණ, ඉන්දියාවෙන් ගෙනැවිත් ස්ථාපිත කොට තිබූ කන්‍යා මරියතුමියගේ ප්‍රතිමාවට හානි සිදු කොට දේවස්ථානයේ තවත් දේපලවලට අලාභ හානි සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වරද පිළිගෙන ඇති අතර, ඔවුන්ව නිදහස් කරන ලෙසද පොලිසියෙන් ඉල්ලා ඇති බවද සඳහන්.
කෙසේනමුත් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08දෙනා කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි කයිට්ස් පොලිසිය පියවර ගෙන තිබුණේ.










