කථානායක නිල නිවස මෙරට සියලුම තලයන් නියෝජනය කරන මන්ත්‍රීවරයන්ට දැනුම ලබාදෙන මධ්‍යස්ථානයක් බවට පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේය.Sri Lanka Latest News
ජාත්‍යන්තර සම්බන්ධතා, මුල්‍යනීතිය, ආණ්ඩුකරණය යනාදී විෂයයන් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ගරු මන්ත්‍රීවරයන්ට අවශ්‍ය දැනුම මෙම මධ්‍යස්ථානය ඔස්සේ ලබාදීමට සැළසුම් කර ඇති බව එහිදී ඔහු සඳහන් කළේය.
එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් කථානායකවරයා පැවසුවේ මෙම මධ්‍යස්ථානය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක පර්යේෂණ සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටද යෝජනා කර ඇති බවය.










