• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු 225ට නැතිවුණේ මන්ත්‍රීකම විතරක් නෙවෙයි! පාර්ලිමේන්තු මහලේකම්වරිය නැතිවුණු දේවල් එකින් එක කියයි! Sri Lanka Latest News

October 7, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
හිටපු 225ට නැතිවුණේ මන්ත්‍රීකම විතරක් නෙවෙයි! පාර්ලිමේන්තු මහලේකම්වරිය නැතිවුණු දේවල් එකින් එක කියයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමත් සමග එතෙක් පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුණා. ඒ අනුව එම පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 225 දෙනාට එතෙක් හිමිව තිබූ මන්ත්‍රී වරප්‍රසාද රාශියක් අහෝසි වී ගියා. එලෙස අහිමි වූ වරප්‍රසාද මොනවාද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, එහිදී මාධ්‍යවේදීන් ඇගෙන් විමසූ ප්‍රශ්න සහ ඒවාට ඇය ලබාදුන් පිළිතුරු පහත පළකරමු.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පස්සේ මන්ත්‍රීවරුන්ට අහිමි වන වරප්‍රසාද මොනවාද කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන්නේ ඔහු කරන්නා වූ සේවය වෙනුවෙන් දීමනාවක්. මේ දීමනාවත් අනෙකුත් පැමිණීමේදී ලැබෙන්නා වූ අනෙකුත් දීමනාත් ඇතුළු සියලු දීමනා මූල්‍යමය වශයෙන් ලැබුණු දීමනා ඔවුන්ට තවදුරටත් ලබාගන්න හැකියාවක් නෑ. ඒ සියල්ල අහෝසි වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන්නා වූ ඇතැම් පහසුකම් තිබෙනවා. ඒ අයගේ රක්ෂණ, සෞඛ්‍ය සම්බන්ධ කාරණා, ඒ වගේම දුරකතන ගාස්තු මේ සියලු පහසුකම් ඔවුන් මන්ත්‍රී ධුරය දරන දිනය අවසන් වූ වහාම අවසන් වෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දිනයේ සිට. මාදිවෙල මන්ත්‍රීවරුන්ට නිවාස පහසුකම් සපයා දීලා තියෙනවා. මේ නිවාස පහසුකම්, ඒවායේ එළඹ තිබෙන ගිවිසුම් අනුව ඔවුන්ට මැතිවරණය පවත්වන දිනය දක්වා, මැතිවරණ කටයුතු අවසන් වනතෙක් එහි රැඳී සිටින්න පුළුවන්. විශේෂයෙන්ම මහජනතාවට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය අවසන් වුණාට පස්සේ මේ අයට දීමනාවක් ලැබෙන්නේ නැත්නම් මේ කියන කාලසීමාව ඇතුළත ඒ සඳහා වැයවන්නා වූ මුදල් කොහොමද ලබාගන්නේ කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනාවෙන් මාසික කුලිය ලබාගැනීමට අවශ්‍ය වන්නා වූ මුදල ඔවුන් මන්ත්‍රීවරුන් වී මේ නිවාස ලබාගත්ත දිනයේ පටන්ම අපි ඔවුන්ගේ දීමනාවෙන් මාසිකව අඩුකර ගැනීමට කටයුතු යොදා තිබෙනවා. ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අවසන් වූ දින සිට මහ මැතිවරණය පවත්වන දිනය දක්වා වන කාලසීමාව සඳහා ලබාදිය යුතු නිවාස කුලිය ඒ තැන්පතුවෙන් ලබාගැනීමට අප කටයුතු කරනවා.

මන්ත්‍රීවරුන්ට රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමිවෙනවා. වාහන, දුරකතන වගේ පහසුකම් රැසකුත් ලැබෙනවා. මේ සියල්ලත් අහිමි වෙනවද?
වාහන සියල්ලම ඔවුන් විසින් ලබාදිය යුතු වෙනවා. මේ සම්බන්ධයෙන් දැනට ඉතා ශක්තිමත් නීතිරීති රාමුවක් ක්‍රියාත්මක වෙනවා අපේ රටේ. දූෂණ විරෝධී පනත පසුගිය පාර්ලිමේන්තුවෙන් සම්මත කර තිබෙනවා. ඒ අනුව රජයේ විගණන කාර්යාලය අපෙනුත් විමසීමක් කරලා තිබෙනවා පාර්ලිමේන්තුවට අයත් වාහන සියල්ල නැවත භාරදීලා තිබෙනවද කියලා. විශේෂයෙන්ම කතානායකතුමාගේ කාර්යමණ්ඩලයත්, නියෝජ්‍ය කතානායකතුමා, නියෝජ්‍ය කාරකසභා සභාපතිතුමා යන අයගේ කාර්යමණ්ඩලවලට ලබාදී තිබූ වාහන සියල්ල අපි මේ වනවිට ඔවුන් විසින් අපට නැවත භාරදීලා තිබෙනවා. ඒ පහසුකම් සියල්ල අවසාන වෙනවා.

ඒ වගේම රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය භාවිත කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් සිටි අයට දැන් කිසිම හැකියාවක් නැහැ. ඔවුන්ගේ ධුර දැරීම අවසන් වූ දිනයේ සිටම ඔවුන්ට කිසියම් රටකට යෑමට අවශ්‍ය නම් සාමාන්‍ය පුරවැසියන් භාවිත කරන සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන තමයි ඒ කටයුත්ත ඉෂ්ට කරගන්න සිදුවෙන්නේ. යම් හෙයකින් හිටපු මන්ත්‍රීවරුන් නැවත වතාවක් පාර්ලිමේන්තුවට තේරීපත්වුණොත් සහ අභිනව පාර්ලිමේන්තුවට පත්වන්නා වූ නවක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගි වීමට අදාළ ප්‍රතිඥාව ලබාදුන් දිනයේ සිට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දිය හැකියි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා නේද? වසර 5ක් කියලා එක තැනක කියැවෙනවා, තවත් තැනක වසර 10ක් කියලා කියැවෙනවා. මෙහි නීත්‍යනුකූල තත්ත්වය මොකක්ද?
වසර 10ක කතාව ජනතාව කරා ගියේ අපිට පසුගිය පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අයවැය කතාවේ යෝජනාවක් වශයෙන් එය ඉදිරිපත් කරලා තිබුණා. විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා දැනට පවත්නා වසර 5ක අවම සේවා කාලය වසර 10ක් ලෙසට සංශෝධනය කළ යුතුයි කියලා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ ඒ ආකාරයෙන්. ඒ අනුව විශ්‍රාම වැටුප් පනතේ ප්‍රතිපාදනවලට අනුව දැනටත් ක්‍රියාත්මක වෙන්නේ වසර 5ක සේවා කාලය තමයි.

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වෙලා තිබුණු අණ පනත්, නීති රෙගුලාසි සහ යෝජනාවලට මොකද වෙන්නේ?
ඒ සියල්ලම පෙර සඳහන් කරපු ආකාරයට අහෝසි වෙනවා. නව පාර්ලිමේන්තුව හමුවට ඒ සියල්ල රැගෙන ඇවිල්ලා අලුතෙන් ඉදිරිපත් කරලා, කටයුතු කරගෙන යෑමට අවශ්‍යයි.

SendShareShare
Previous Post

ජෝතිපාලත් රස්සාව කළා! ජීවිතේ පටන් ගත්තේ බිරිඳගේ ඉඩම උකස් තියලා! සේවකයන්ට බෝනස් 4ක් දුන්නා! කවදාවත් අරක්කු සිගරට් කටේ තිබ්බේ නෑ! තාත්තාගේ දේපළවලට පයින් ගසා බින්දුවෙන් පටන් අරන් ව්‍යාපාරික ලෝකය හෙල්ලූ මාතර හරිස්චන්ද්‍ර! Sri Lanka Latest News

Next Post

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.