ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත 5 වැනි සහ 6 වැනි වාරික සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා වන විධායක කමිටු රැස්වීම ලබන බදාදා (27) දින ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News
මූල්‍ය අරමුදලේ ආරංචි මාර්ග පවසන්නේ එදිනට 5 වැනි සහ 6 වැනි වාරික සඳහා වන ඩොලර් මිලියන 700ක මුදල ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය හිමිවනු ඇති බවකි.
ලංකාවට ලබාදීමට නියමිතව තිබූ 5 වැනි වාරිකය ඉකුත් දෙසැම්බර් මාසයේ හිමිවීමට නියමිතව තිබුණද හදිසියේ පැමිණි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මතුවූ අර්බුදය මුල් කරගෙන එම වාරිකය ලබාදීම මැයි මස තෙක් කල්දැමීමට මූල්‍ය අරමුදල පියවර ගෙන තිබිණි.
ඒ අනුව, මේ වනවිට මූල්‍ය අරමුදල තීරණය කොට ඇත්තේ 5 වැනි සහ 6 වැනි වාරික දෙකම එකවර ශ්‍රී ලංකාවට ලබාදීමටය.










