• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැගෙනහිරින් මතුවන මොකක්ද මේ ‘සුපර් මුස්ලිම්’? Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සුපර් මුස්ලිම්’ යනුවෙන් හැඳින්වෙන සංවිධානයක් කල්මුණේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත්, බුද්ධි අංශ මෙන්ම රජයේද අවධානය ඊට යොමුව ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබූ අතර, ඉකුත් සතියේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළකෙරුණි. Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක ද ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැති දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ සන්නද්ධ කණ්ඩායම් ක්‍රියාකරී විය හැකි ස්ථාන දෙකක් හඳුනාගෙන ඇති බවයි.

2019 වසරේදී සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව විවිධ සංවිධානවල ක්‍රියාකාරකම් ගැන මෙරට ආරක්ෂක තත්ත්වය පිළිබඳ වැඩි දෙනකුගේ අවධානය යොමුවී තිබේ.

‘තර්ජන මතුවිය හැකි ස්ථාන 2ක් හඳුනාගෙන තියෙනවා’
ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් මතුවිය හැකි ආකාර දෙකක් හඳුනාගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක (පෙබරවාරි 28) ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ පිළිතුරු කතාව සිදුකරමින් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කය සහ උතුරේ සන්නද්ධ කණ්ඩායම් පිළිබඳ හඳුනාගෙන ඇති බවත්, ඒ පසුපස යම් සැලසුම්සහගත කුමන්ත්‍රණයක් පවතින බවයි.
‘ඉතිහාසය දෙස බැලුවොත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ එක් අවස්ථාවක් වන්නේ ජාතිවාදය සහ අන්තවාදය. දීර්ඝකාලීන යුද්ධයේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබුණා නම් එහි පතුලේ තිබුණෙත් ජාතිවාදය සහ අන්තවාදයයි….’

‘පාස්කු ප්‍රහාරය අපේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්කළා නම් ඒකේ පතුලේ තිබුණෙත් ජාතිවාදය සහ අන්තවාදය. ඒ නිසා ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් විය හැකි ක්ෂේත්‍රයක් වන්නේ ජාතිවාදය සහ අන්තවාදය….’

‘අපි යළි අපේ රට තුළ ජාතිවාදයට, අන්තවාදය කිසිසේත්ම හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ස්ථාවරත්වයේ අපි සිටිනවා. නමුත් සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී ප්‍රවණතා සඳහා නීතිමය රාමුවක් අවශ්‍ය වෙනවා….’

‘එසේ නොමැතිව සංවිධානාත්මක අපරාධ කල්ලිවලට නිදැල්ලේ වර්ධනය වීමට ඉඩ දෙන, සාමාන්‍ය නීතිය උපයෝගී කරගත හැකි සාමාන්‍ය තත්ත්වයකදී සංවිධානාත්මක අපරාධ කල්ලි හැසිරෙනවා නම් එය සාමාන්‍ය නීතිය අභිභවා යන අලුත් තත්ත්වයක්, අලුත් නීතියක් අවශ්‍යයි…..’

‘මෙවැනි සන්නද්ධ සක්‍රීයතාවකට එන්න පුළුවන් තැන් දෙකක් අපි හඳුනාගෙන තියෙනවා. එකක් මඩකළපුව. මෙවැනි තත්ත්වයකට පත්විය හැකි තැනක්. තවත් තැනක් උතුර. ඇයි… සමහර අය විසින් තමන්ට මෙහෙයවිය හැකි සන්නද්ධ කණ්ඩායම් ගොඩනගලා තියෙනවා. මඩකළපුවේ එහෙම සංවිධානයක් තියෙනවා, යාපනයේ කුඩා කල්ලි තියෙනවා ඒවා මෙහෙයවිය හැකි. අපි හිතනවා මේවා එකවර සක්‍රීයභාවයට ගෙන ඒම ගැන යම් සැලසුම්සහගත කුමන්ත්‍රණයක් තියෙනවා….’ ජනාධිපතිවරයා එහිදී පැවැසුවේය.

‘සුපර් මුස්ලිම් කියලා සංවිධානයක් ගැනයි මේ කියන්නේ’
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ කල්මුණේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ‘සුපර් මුස්ලිම්’ යනුවෙන් හඳුන්වන සංවිධානයක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාවගෙන් ලද තොරතුරු අනුව අවධානය යොමුකර ඇති බවය.

‘මේ සුපර් මුස්ලිම් කියලා සංවිධානයක් ගැනයි මේ කියන්නේ. ළමයින්ට ඉස්කෝලේ යන්න ඕනෙ නැහැ, ඉගෙන ගන්න ඕනෙ නැහැ වගේ දේවල් කියනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. සමහර ඉගැන්වීම් තියෙනවානේ සම්ප්‍රාදායික මුස්ලිම් පල්ලිවල කරන ඉගැන්වීම්වලට පටහැනිව කරන දේවල්….’
‘පොලිසියෙන් තමයි කිව්වේ පල්ලියක ළමයි ගෙනල්ලා ඉස්ලාම් ආගමට පටහැනි දේවල් උගන්වනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා කියලා. මේ හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා. 2019දී පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සංවිධාන තහනම් කරලා තියෙනවා.’ අමාත්‍යවරයා පැවැසුවේය.

‘බුද්ධි අංශවලින් මාව 100 පාරකට වඩා ප්‍රශ්න කළා’
පසුගිය සතියේදී දේශීය මාධ්‍ය වාර්තා කොට තිබුණේ කල්මුණේ ප්‍රදේශයේ වෙසෙන ‘වෛද්‍ය රායිස්’ නමැති පුද්ගලයකු පිළිබඳ ආරක්ෂක අංශ අවධානයෙන් පසුවන බව‍යි. ඒ අනුව කළ සොයාබැලීමේදී කල්මුණේ ප්‍රදේශයේ වෙසෙන ‘වෛද්‍ය රායිස්’ නමැති පුද්ගලයා සම්බන්ධ කරගත හැකි වූ අතර, ඔහු පළකළේ මෙවන් අදහසකි.

ඒ අනුව මඩකළපුව දිස්ත්‍රික්කයේ පිහිටි කල්මුණේ ප්‍රදේශයේ මූලික රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන අදාළ 51 හැවිරිදි කලෙන්තර් ලෙබ්බේ මොහොමඩ් රායිස් අදහස් දක්වමින් කියා සිටියේ 2019 වසරේ සිට තමන්ව අවස්ථා 100කට අධික වතාවක් බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ විසින් ප්‍රශ්න කරනු ලැබූ බවත් තමන් කිසියම් හෝ වැරැද්දක් සිදුකර ඇත්නම් ඕනෑම අවස්ථාවක දී ආරක්ෂක අංශවලට අත්අඩංගුවට ගැනීමට හැකි බවයි.
‘මාව ක්‍ෂෘ, ඔෂෘල ීෂී විතරක් නෙමේ හමුදා බුද්ධි අංශවලින් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 100 පාරකට වඩා ප්‍රශ්න කරලා තියෙනවා. දැනුත් මාව බුද්ධි අංශවලින් එයාලගේ අධීක්ෂණය යටතේ තියාගෙන ඉන්නේ. මම වැරැද්දක් කරලා තියෙනව නම් මාව අත්අඩංගුවට ගන්න ඕනෑම වෙලාවක පුළුවන්.’

‘මම තව්හිද් ජමාද් කියන සංවිධානය එක්ක කලින් හිටියා. නමුත් ඒ අය ඉස්ලාම් ආගමේ ඉගැන්වීමට වැරදි දේ කරන්නේ. මම කියන්නේ ඉස්ලාම් ආගමට අනුව අපි දෙවියන්ගෙන් ඉල්ලා ජීවත් වෙන්න ඕනෙ. ඒ ලැබෙන දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න ඕනෙ. නමුත් අද වෙන්නේ හැමදේම රජයෙන් ඉල්ලන්න එහෙම නැත්නම් ඩිමාන්ඩ් කරලා ඒ දේවල් කරගන්න හදන්නේ. මේ දේ නිසා තව්හිද් ජමාත් සංවිධානයෙන් මාව අයින් කළා 2018-19 වගේ කාලයේදී….’
‘මේ අය මාත් එක්ක තියෙන තරහට මම ගැන වැරැදි තොරතුරු පතුරුවලා තියෙනවා. මට කිසිම සංවිධානයක් නැහැ. අඩුම තරමින් මට කවුරුවත් සල්ලි දෙන්නේ නැහැ. මම වෛද්‍යවරයකු වෙලත් පුද්ගලිකව රෝගීන් පරික්ෂා කරන්නේ නැහැ…’

‘මම අවුරුදු 20කට වැඩිය කාලයක් වෛද්‍යවරයෙක් විදිහට සේවය කරනවා. මම ඉගෙන ගත්තෙ කල්මුණේ වෙස්ලි මිශ්‍ර පාසලේ. ඒකෙ දෙමළ, මුස්ලිම්, බර්ගර් වගේ අය පවා ඉගෙන ගත්තා. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉගෙන ගත්තේ. මට කවදාවත් සිංහල හෝ වෙනත් ජාතියක කෙනෙක් වැරැද්දක් කරලා නැහැ. මම අඳින විදිහ අනිත් මුස්ලිම් අයට වඩා වෙනස්. මම අඳින්නේ ඉස්ලාම් ආගමේ කියලා තියෙන විදිහට.’ ඔහු කියා සිටියේය.

‘ආරක්ෂක අංශ සුපරික්ෂාවෙන් ඉන්නවා’
නැගෙනහිර පළාතේ කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති සංවිධානයක් පිළිබඳ තොරතුරු මේ වනවිට ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉකුත් මාර්තු මස 04 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවැසුවේ ඒ පිළිබඳ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරමින් සිටින බවයි.

එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
‘නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එවැනි කණ්ඩායමක් පිළිබඳ තොරතුරු ලැබීමක් පමණයි තියෙන්නේ. ඒ පිළිබඳ බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගනිමින් පවතිනවා. ජනාධිපතිවරයාත් ආරක්ෂක අංශ වැය ශීර්ෂයට ඇවිල්ලා යම් කරුණු ප්‍රමාණයක් කිව්වා. දැනට අපිට කියන්න තියෙන්නේ ආරක්ෂක අංශ ඒ පිළිබඳ සුපරීක්ෂාවෙන් සිටිනවා කියන එක….’ අමාත්‍යවරයා එහිදී පැවැසුවේය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

වේවැලෙන් ෆන් අරන් පන්තියේ පිස්සු නටපු මාලිමා සරණ ගිය අනාචාර්යවරයාගේ කතා වස්තුව! Sri Lanka Latest News

Next Post

චෝදනා ප්‍රතික්ෂේප කරමින් රනිල් බටලන්ද විශේෂ ප්‍රකාශය කරයි! ජවිපෙ කරපු භීෂණ ක්‍රියා ගැන 03 වැනි පරිච්ඡේදයේ තියෙනවා! අවුරුදු 25කට පසු වාර්තාවක් ගැන විවාද කිරීම‌ ලෝකේ කොහේවත් කරන්නේ නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 10 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේ වයස අවුරුදු 21න් පහළ කාන්තා කිලෝග්‍රෑම් 68...

Read more
ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.