• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චෝදනා ප්‍රතික්ෂේප කරමින් රනිල් බටලන්ද විශේෂ ප්‍රකාශය කරයි! ජවිපෙ කරපු භීෂණ ක්‍රියා ගැන 03 වැනි පරිච්ඡේදයේ තියෙනවා! අවුරුදු 25කට පසු වාර්තාවක් ගැන විවාද කිරීම‌ ලෝකේ කොහේවත් කරන්නේ නෑ! VIDEO I Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
රනිල් රෝයල් එකේ සිට සියලු දෙනාට එකතු වෙන්න යළි ආරාධනා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය.Sri Lanka Latest News

ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 88-90 කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ දරුණු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව එම කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන බවය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ එම විශේෂ ප්‍රකාශය ඉහතින්. 

“ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමේන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ඇති කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ අවස්ථාවේ රටේ මර්මස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර් ජයවර්ධන මැතිතුමා විසින් කැබිනට් ඇමතිවරුන්ට පැවරුවා. බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් බලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලි බලය ලබා දෙන මධ්‍යස්ථානය, වෙළඳ කළාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා. එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හමුදාව කැඳවණු ලැබුවා.

ආරක්ෂක අංශවලට රැඳි සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සමාගමට අයත් ඒ වන විට අතහැර දමා තිබූ ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබා දීමට තීරණය කෙරුණි. ඒ වනවිටත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එම නිවාස කිහිපයක පදිංචිව සිටියා. මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ද පොලිස් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා මරා දැමුවා. ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය ඇමති රංජන් විජේරත්න මහතා මට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධව නිවාස සංකීරණයේ හිස්ව පැවැති නිවාස ඔවුනට ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. 

ඒ අනුව එවකට ඈවරකරු මගින් අදාළ නිවාස කැළණි පොලිස් අධිකාරී නලීන් දෙල්ගොඩ මහතා වෙත පැවරීමට පියවර ගත්තා. පළාත් සභා මන්ත්‍රීවරයෙකු, සමූපකාර සභා මන්ත්‍රීවරයෙකු, පොලිස් සාජන්වරයෙකු ඇතුළු කීප දෙනෙකු ඝාතනය කිරීම මේ අතරවාරයේදී සිදුවුණා. ඒ සමග තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට පහරදීමක් සිදුවුණා.

කඩා වැටුණු ජන ජීවිතය, ආර්ථිකය ගොඩනගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව සහතික කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා. 1994න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වදකාගාරයක් තිබේදැයි සෙවීමට කොමිසමක් දැම්මා. ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා. මාව මෙහි කැඳෙව්වේ සාක්කිකරුවෙක් ලෙස පමණයි. ඒ වනවිට මම රටේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළා. 

බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් අරමුණු කරගෙනයි. නමුත් එම උත්සාහය සාර්ථක වුණේ නෑ. වාර්තාවේ තීරණවල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරී මගින් පොලිස් නිලධාරීන්ට නිවාස ලබා දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස භාරදී අදාළ නිලධාරීන්ට පැවරීමයි. 

මේ ක්‍රියාකාරීකම නිසා මමත් නලීන් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වන වෙනත් කිසිදු කරුණක් මට අදාළ වෙන්නේ නෑ. 

ජනතා විමුක්ති පෙරමුණ 1988-90 කාලයේදී කළ ත්‍රස්තවාදී ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සභාපති නිරීක්ෂණවලට දැක්වෙනවා. එහි පසුබිමත් කියනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්තවාදී ක්‍රියා ගැන කොමිෂන් සභා වාර්තාවේ 03 වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වෙනවා. මුළු ඉතිහාසයම එහි ඇතුළත් කර තිබෙනවා. ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාළ වන්නේ නෑ. ඒ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. 

බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටවත් චෝදනා කළ නොහැකියි. වර්ෂ 2000දී පාර්ලිමේන්තු සැසිවාරයක් හැටියට එය තිබුණා. නමුත් කිසිවෙකුත් එය විවාද කිරීමට ඉල්ලීමක් කළේ නෑ. අඩුම තරමේ ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නෑ. බොහෝ දෙනක් වාර්තාව පිළිගත්තෙත් නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි. 

බලයට පත්වූ කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බවද කිව යුතුයි. ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාවක් අවුරුදු 25කින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක් මේ රටේ හෝ අනෙක් පාර්ලිමේන්තුවලවත් නැහැ”

SendShareShare
Previous Post

නැගෙනහිරින් මතුවන මොකක්ද මේ ‘සුපර් මුස්ලිම්’? Sri Lanka Latest News

Next Post

පත්තර – ටීවීවලින් හැමෝම දැක්කේ කාර් එකට යටවෙලා මියගිය මවක්! ඒත් කවුරුත් නොදැක්ක අධ්‍යාපනයේ අරගලකාරිය ජානකී මැඩම්! Sri Lanka Latest News

MORE NEWS

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 10 වැනි දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේ වයස අවුරුදු 21න් පහළ කාන්තා කිලෝග්‍රෑම් 68...

Read more
ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.