• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වේවැලෙන් ෆන් අරන් පන්තියේ පිස්සු නටපු මාලිමා සරණ ගිය අනාචාර්යවරයාගේ කතා වස්තුව! Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වේවැලෙන් ෆන් අරන් පන්තියේ පිස්සු නටපු මාලිමා සරණ ගිය අනාචාර්යවරයාගේ කතා වස්තුව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටියුෂන් ගුරුවරයෙක්ගේ අපූරු ක්‍රියාකලාපයක් ගැන මේ දවස්වල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙනවා. ඔහු තමයි යෝෂිත. යෝෂිත කියන ටියුෂන් ගුරුවරයාගේ නම ගම සම්පූර්ණයෙන් නොලියන්න හිතුවේ මේ විදියට නම සම්පූර්ණයෙන් කියලා ඔහුගේ විෂය කියලා ඔහුට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දුන්නම අපේ රටේ ඉන්න ඉතා බුද්ධිමත් දරු පරම්පරාවේ අය එයාව හොයාගෙන පන්ති යන්න පටන් අරගන්නවා. නෙගටිව් මාකටින් කියන්නේ ලංකාවේ මේ වෙනකොට වැඩියෙන්ම පාවිච්චි කරන හොඳම මාකටින් මෙතඩ් එකක්. මේ මනුස්සයා තමන්ගේ පන්තිය කරන අතරතුරේ කරපු දේශපාලන ව්‍යාපාරයක් ගැන පහුගිය කාලේ ඍජුව කතාකරන්න ඕනේ තැනට පත්වුණා. ඔහු කට්ටිය එක්කගෙන ගිහිල්ලා, අපි ඡන්දේ දෙන්නේ මාලිමාවට කියලා, මොකක්ද මම දන්නේ නෑ ලොකු සෙප්පඩවිජ්ජාවක් පන්තිය ඇතුළේ කරනවා. Sri Lanka Latest News

ඔහු දේශපාලනික වශයෙන් නෝනලා මහත්තයලත් එක්ක ෆොටෝ ගහනවා. ඒවා සමාජ මාධ්‍යවල පළකරනවා. සමාජ මාධ්‍යවල දේශපාලනය ගැන කතාකරන අතරතුරේ පන්තියේ ප්‍රසිද්ධියේම දේශපාලනය කතාකරනවා. ඇත්තටම ටියුෂන් ගුරුවරයෙක් දැනගන්න ඕනේ ප්‍රධාන දෙයක් තමයි තමන්ගේ පන්තියේ ඉන්න ළමයි සීයක්, දෙසීයක්, පන්සීයක්, දාහක්, සමහර විට ඊට වැඩිය ඉන්න ළමයි ප්‍රමාණය තමන්ගේ දේශපාලන මතය දැරිය යුතු නෑ කියන එක. හැමෝටම දේශපාලන මතයක් තියෙනවා. ගමේ ඉන්න මවුපියන්ගේ, පරම්පරාවේ දේශපාලන මතයක් ඔවුන් නියෝජනය කරනවා නම් ඒකට ඔවුන්ට ඉඩකඩ තියෙන්න ඕනේ. දේශපාලනික වශයෙන් කාරණා පැහැදිලි කිරීම වෙනම දෙයක්. තමන් කැමැති පක්ෂයකට, කණ්ඩායමකට, පුද්ගලයෙක්ට ඡන්දේ දෙන්න කියලා බලකරන එක ඉතා වැරැදි සහ තුන්වැනි පන්තියේ ක්‍රියාවක් විදියටයි අපට නම් හිතෙන්නේ. කොහොම වුණත් ඔහු ඒක කරනවා. ඒ වගේම ඔහු ආචාර්ය උපාධි සෙල්ලමක් කරනවා. ඒක මාලිමාවේ ආණ්ඩුව පහුගිය කාලෙම හොඳටම නාගත්ත එකක් කියලා තමයි අපිට පේන්නේ මේ තනතුරු තාන්නමාන්න ගැන උපාධි පදවි පට්ටම් ගැන කියන්න ගියපු එක. ඒක නාගත්තේ මාලිමා ආණ්ඩුව විතරක් නෙවෙයි. මේක කලින් ආණ්ඩුවලිනුත් මේ විදියටම කළා. කලින් ආණ්ඩුවලට ලැජ්ජාවක් නොතිබුණු නිසා, ඒගොල්ලෝ ලැජ්ජා බය නැතුව කරපු දේවල් මිනිස්සු ප්‍රශ්න කළේ නෑ. ඒ ගොල්ලෝ හොරකම් කරපු නිසා ඒ හොරකම් ගැන මිනිස්සු ප්‍රශ්න කළේ නෑ. ඒගොල්ලෝ ජඩකම් කරපු නිසා ඒ ජඩකම් ගැන මිනිස්සු ප්‍රශ්න කළේ නෑ. නමුත් මේ ආණ්ඩුව පත්වුණේ සහ මේ ආණ්ඩුව බලයට ගෙන්නගත්තේ ජඩකම් නැති, හොරකම් නැති, උගතුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහිත මිනිස්සුන්ගේ කණ්ඩායමක් විදියට.
එහෙම කණ්ඩායමක් විදියට බලයට ආපු අයත් කාරණා කීපයකදීම අපි දැක්කා විවිධ උපක්‍රම පාවිච්චි කරලා තමන්ගේ බලය රැකගන්න උත්සාහ කළා කියලා මේ යෝෂිතත් එහෙම කෙනෙක් කියලා දැන් ඔප්පු වෙලා ඉවරයි. ඔහුගේ ආචාර්ය උපාධියත් ප්‍රශ්නගත වෙලා. උපාධි සහතිකයේ තියෙන වචනවල අක්ෂර වින්‍යාසය පවා වැරැදි බව දැන් තහවුරු වෙලා තියෙනවා. ඒ අතරතුරේ ඔහු පන්තියේ ළමයින්ට ප්‍රසිද්ධියේ වේවැල් මිටියක් දීලා ගෑනු ළමයෙක් ලවා පිරිමි ළමයෙක්ට ගස්සන වීඩියෝවක් එළියට යනවා. පිරිමි ළමයා කියනවා පන්ති ගියේ මම නම්, ගැහුවේ මට නම් කාටවත් තියෙන අමාරුව මොකක්ද කියලා. නෑ ඒක මානසික ලෙඩක්.

මේ විදියට මානසික ලෙඩ සහිත පුද්ගලයන්ට දරුවන් ඇසුරු කිරීමට ඉඩකඩ ලබාදීම වරදක්. ඒකට හේතුව තමයි යම් පුද්ගලයෙක් තමන්ගේ මානසික රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඊට ප්‍රතිකාර ලබාගත යුතුයි. මානසික රෝගී තත්ත්වයන් කියලා කියන්නේ මේ රටේ තියෙන හරිම සාමාන්‍ය දෙයක්. අපි දන්නවා ලංකාවේ තුනෙන් දෙකකටත් වඩා මානසික රෝග තියෙනවා සහ බුදුරජාණන්වහන්සේ කියලා තියෙනවා ‘සබ්බේ සත්තා උන්මත්තකා’ කියලා. ඒ නිසා ගැටලුවක් නෑ, හැබැයි ඔහුගේ රෝගී තත්ත්වය තියෙන කාලෙදී ඔහුට සාමාන්‍ය පුද්ගලයොත් එක්ක ඇසුරු කිරීමට අවස්ථාව නොදෙන්න ඕනේ. ඔහුට දරුවන් ඇසුරු කරන්න ඉඩ නොදෙන්න ඕනේ. ඔහු ලවා දරුවන්ට අධ්‍යාපනය හෝ වෙනත් උපදෙස් ලබාදීම නතර කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔහුගේ මානසික තත්ත්වය මේ හරහා සමාජයට විසරණය වීමට තියෙන ඉඩකඩ නිසා. ඒක භයානක තත්ත්වයක්.

යම්කිසි මානසික ආතතියකින් පෙළෙන පුද්ගලයෙක්ට තමන් ආතතියෙන් පෙළෙන බව මුලින්ම දැනුවත් කිරීම මානසික රෝග සම්බන්ධ අධ්‍යාපනය සහිත වෛද්‍යවරුන්ගේ කාර්යභාරයක්. ඔහුගේ මානසික රෝගයේ ස්වභාවය මොකක්ද කියලා ඔහුව දැනුවත් කරලා, ඊට නිසි ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කිරීම අපි විශ්වාස කරනවා සාමාන්‍ය ජන සමාජයේ ජීවත් වෙන අයට තියෙන වගකීමක් සහ යුතුකමක් කියලා. ඉතින් මේ ගුරුවරයාටත් ඒ විදියට බේත් ටිකක් අරන් දීලා පරපීඩක මානසිකත්වය, වේවැලක් ගෙනල්ලා ගහන්න හිතෙන එක, වේවැල් මිටියකින් ගහන්න හිතෙන එක, ගෑනු ළමයෙක් ලවා පිරිමි ළමයෙක්ට ගස්සලා ඒකෙන් ආතල් එකක් ගන්න හිතෙන එක, වේදිකාවට ගෙනල්ලා ඔහුව දණගස්සලා ඔළුව පාත් කරගන්න කියලා ඔහුට පහරදෙන එක අධ්‍යාපන නොවන බව ඔහුට කවුරුන් හෝ කියාදිය යුතුයි.

අධ්‍යාපනය ගැන කතාකරනකොට සමහර තැන්වලදී අපි දකිනවා, අපිට ගහලා තමයි හැදුවේ, අපිට ගැහුවේ මෙහෙම නෙවෙයි කියලා සමහරු කියලා තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ගහලා හදන එකයි, නොගහා හදන එකයි, ගගහා හදන එකයි, ඒක තර්කානුකූලව තමන්ට කැමැති නම් තමන් කැමැති නම් ගුටි කන්න, තමන්ට ආසා නම් වේවැලකින් පහරකන ගමන් ජීවිතේ සමහර දේවල් විඳින්න, ඒක තම තමන්ගේ තෘප්තිය මත, තම තමන්ගේ කාමර ඇතුළේ කරගත්තට අපට ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ප්‍රසිද්ධ වේදිකාවක, දරුවන් විශාල පිරිසක් ඉස්සරහා ඒක සිදුවෙන එක. මේ හරහා දරුවෙක්ට ඇතිවෙන මානසිකත්වය, ඔහුට කතාකරලා එස්.එම්.එස්. එකක් ගහන්න කියලා, ඔහුට කතාකරලා කමෙන්ට් එකක් දාන්න කියලා කියවාගත නොහැකි සේම වෙනත් ගුරුවරුන් ගැන විවිධ කයිකතන්දර කියමින්, ඔවුන්ට උපහාර ගී ලියමින් තමන්ගේ නැතිවෙලා ගිය තත්ත්වය යළි ගන්න උත්සාහ කිරීමත් නොපනත් ක්‍රියාවක් බව තමයි අපිට නම් හිතෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරන්නේ නෑ මේ ගුරුවරයාව ස්ටේජ් එකකට ගිහිල්ලා ඔහුට කෝටු මිටියකින් ගහන්න කියලා. හැබැයි ඔහුට බේත් ටිකක් අරන්දිය යුතුයි කියලා නම් අපි යෝජනා කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සෞඛ්‍ය ඇමැති නලින්ද වර්ජනය කරන්න ඉන්න සෞඛ්‍ය සේවකයන්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

Next Post

නැගෙනහිරින් මතුවන මොකක්ද මේ ‘සුපර් මුස්ලිම්’? Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!
Exclusive

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ වන විට උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපෑම් එල්ල කර...

Read more
ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ගිනිගත්හේනට ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අරන් ආ හෙසලිට ගමම ආචාර කරපු හැටි! PHOTOS I Sri Lanka Latest News

ජපානයෙන් ප්‍රාඩෝ එකක් ගෙනත් දෙන්නම් කියලා පියතුමෙක් ලක්ෂ 80ක් අරන්! ප්‍රාඩෝ එකත් නෑ! ලක්ෂ 80ත් නෑ! පියතුමාට වෙච්ච දෙයක්!

බදු වංචා කර හොර පාරෙන් අරන් ඇවිත් RMV එකේ දූෂිත නිලධාරීන් අල්ලාගෙන එකලස් කරපු සුපිරි වාහන 500ක් පස්සේ ත්‍රස්ත විමර්ශනයෙන් පන්නයි!  Sri Lanka Latest News

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.