• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරලියගහ මන්දිරය වට කරල තියෙද්දී මිනිසුන්ගෙන් බේරිලා දවස් පහක් තිස්සෙ මහින්ද හැංගිලා හිටපු මොකක්ද මේ සෝබර්ස් දූපත…

May 15, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අරලියගහ මන්දිරය වට කරල තියෙද්දී මිනිසුන්ගෙන් බේරිලා දවස් පහක් තිස්සෙ මහින්ද හැංගිලා හිටපු මොකක්ද මේ සෝබර්ස් දූපත…
Share on WhatsAppShare on Facebook

අපි යනවා ගමනක්. මේ අරගල අස්සෙ හති වැටිලා ඉන්න ඔබත් එක්ක. නිදහසේ හුස්මක් ගන්න හිතාගෙන. ඈත අහසෙ රත්තරන් පාට වලාකුළු අතරෙන් අලු‍ත් ඉර පායන ඉසව්වෙ තඹ පාට නැගෙනහිර වැල්ලෙ අපි රස්තියාදුවක් ගහන්නයි යන්නෙ. ඒත් මේක නිකන්ම නිකන් ඇවිදිල්ලක් නෙවෙයි. මේ යන්නෙ දන්න හාදයෙක්ව බලන්න. කාවද කියන එක සප්‍රයිස් එකක්. හැබැයි කාව බලන්න කොහොම ගියත් මේක සුන්දර ගමනක්.

මීරිගම කුරුණෑගල හරහා අලු‍ත් අධිවේගී පාරෙන් ගිහිල්ලා, කුරුණෑගලින් දඹුලු‍ පාරෙන් දඹුල්ලට යනවා. ඕනෑ නම් බඩගමුවෙ ගහකොළ වැල් මල් හෙවණේ නැවතිලා ටිකක් මහන්සි නිවාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොස් කැලේ හීල් හෙවණේ පොල් අතු හෙවිල්ලක් යට, දර ළිපේ හුරතල් වෙන පොල් රොටියක්, තද රතු පාට නයිමිරිස් සම්බෝලෙත් එක්ක රහ බලන්නත් පුළුවන්. වෙහෙස නොබලා පිටත් වුණොත් අන්ධකාරෙ මඟ ඉඳලා වාහනේට අත දානවා. හබරණ කැලේ රුප්පා අස්සෙ කළු පාට හෙවණැලි ඇස් උස්සගෙන බලාගෙන ඉන්නෙ වෙලාව එනකල්. හය තත වෙනකොට අඳුර පාරට පළමුවැනි අඩිය තියනවා. ඒ පිටිපස්සෙන් එන්නෙ කැලේ අයිතිකාරයෝ. රාත්‍රියට තුරුපත් අස්සෙ තියෙන හීතලට වඩා, නිවෙන්න පරක්කු වෙන කාපට් පාරෙ ළා රස්නෙට අලින්ගෙ මොකක්ද මනාපයක් තියෙනවා.

එහෙම වුණොත් ඒ වෙලාවට එහෙට මෙහෙට වෙට්‍ටු දාන්න ඔට්ටු නෑ. ඒ නිසා ඉක්මනින් ගල් ඔය හරහා කන්තලේට යාගන්න ඕනෙ. ඉස්සර මේ පාරවල දෑල සැරසුණේ එක යායට පැහෙන රත්තරන් පාට ගොයම් කරල්වලින්. ඒත් දැන් ඒවා පාණ්ඩු පාට වෙලා. ගොයම් රුක්මල් පරවෙලා. පිදුරු කඳු අස්සෙ වහ බීපු ගොවීන්ගෙ මරණ දැන්වීම් පාර දෙපැත්තෙ ඇති. සර සර ගාලා හෙල්ලෙන ඉටිකොළ පටිවලින් සරසපු කැරකෝප්පු ළඟ නතරවෙලා ඔළුව පාත් කරලා යමු. ගෝඨාභය මහත්තයා වැරැදුනා කිව්වට, ඒ මිනිස්සුන්ට ආයෙ පණ එන්නෙ නෑ. බල්බ් දැම්මා වගේ ගෙඩි හැදෙන පැණි පුහුල් වැල් කේඬෑරි වෙලා පණ අදින කොට මිනිස්සුන්ට ඒ අවනඩුව කියන්නෙ පුල්ලෙයාරෙ දෙයියො හිටියෙ නෑ.

ඕවා වැඩක් නෑ, ඇළ කණ්ඩියෙ කුඹුක් ගස් හෙවණෙ ඇඹුල ගේනකන් විටක් හපපු එවුන්, ආගිය අතක් නෑ. උන් ගෑස් පෝලිම්වල තෙල් පෝලිම්වල. ඒ හැම එකක්ම දැන අඳුනගෙන අපි එන්නෙ අපේ ගමන. මේකට කියන්නෙ ත්‍රිකුණාමල – නුවර පාර. ගනේෂ්පුරම් පහුවෙලා හතරෙ කණුව හන්දිය. අපි එතැනින් දකුණට හැරුණාම ගමනේ අන්තිමම කොටහ.

චීන වරායෙන් කෙළින්ම පාර, නැදුන්කුඩා පහුවෙන කොට චීන වරාය එයාර්ෆෝස් කෑම්ප් එක. ඒක දකුණු අත පැත්තෙ පහුවෙන කොට ඉස්සරහ තියෙනවා තීරණාත්මක තැනක්. මේ තැන හරියටම කියනවා නම් ලංකා සිතියමේ ත්‍රිකුණාමලේ ලකුණු කරන තැන.

බොක්කක හැඩය තියෙන්නෙ ආන්න එතැන. එක පැත්තක මාබල් බීච එක තියෙන ඉසව්ව.
මේ ලස්සන රටේ ලස්සනම මුහුදු වෙරළ සීමාවන්. නැවතිලා බලන්න. අහසයි මුහුදයි ගොඩබිමෙන් ඈතටම ඈතට ගිහිල්ලා රහසෙම අත් අල්ලගෙන. ඈත තැනක ඉඳලා දුවගෙන එන මුහුදු රැල්ලක පවා හිනා මල් ඉතිරෙනවා. මුහුද ඉවරයක් නැතිව අහසට තුරුල්වෙලා කියවනවා. අහස ගැඹුරු මූණකින් බලා ඉන්නවා. අපේ මේ ගමන තියෙන්නෙ වෙරළෙ ඉඳන් අහසෙ ආදරය තියෙන පැත්තට.

මේ තැනට යන්නෙ මූදෙන්.‍ මේක අපූරු දූපතක්. වටෙන්ම ගොඩබිමෙන් වටවුණු කළපුවේ හරි මැදට වෙන්නයි මේ දූපත තියෙන්නෙ. එක පැත්තකින් විතරක් සම්පූර්ණයෙන්ම ඉන්දියන් සාගරයට විවර වෙලා. මේ දූපතට පය ගැහුවම දැනෙන්නෙ වෙන ලෝකයක් වගේ. කුරුල්ලො එන යන කාලෙට මේක පිටරටවලින් මෙහෙට එන සංචාරක කුරුල්ලන්ගෙ නවාතැනක්.

මේ දූපත ගැන හොයන කොට දැනගන්න ලැබුණු විස්තර ටිකත් හරිම පුදුමසහගතයි. මේ ලංකාවෙ තියෙන සුන්දරම දූපතක්. අපි ඇවිදින්න යන්නෙ මුහුද දිගේ. අලු‍ත් උදේක රිදී පාට ඉර එළිය වැටුණු පොඩි නොවිච්ච අලු‍ත් මූදු රළ ඔබව ආදරෙන් පිළිගනී. ඔබට පුළුවන් විනාඩි කීපයකින් මේ ආදරණීය දූපතට පයගහන්න. මේක අක්කර දෙසීයක විතර බිමක්. ඈත ඉඳන් දුවගෙන එන මූදු රළක ආදරෙන් පැය විසිහතරම තෙමෙන තැනක මුහුද කියවන කවි පැය විසිහතරෙම ඇහෙන බිමක්. ඈත රටවල ඉපදුණු පුංචි කුරුලු‍ කිරිලියො ආදරේ විඳින ඉඩක්. වචනෙ අරුතෙන් සන්සුන් දිවයින කියලා කියන තැන මේ. අද වෙනකොට කුරුලු‍ කතන්දර අහගෙන මූදු හුළඟ හුදෙකලා වෙන්න මෙතැන ඉඩක් හදලා දීලා තියෙන්නෙ ශ්‍රී ලංකා නාවික හමුදාව.

ඒ හැම දේටම වඩා විශේෂ දෙයක් තියෙනවා. මේක ලෝකයෙ පිහිටීමත් එක්ක අතිශය වැදගත් දූපතක් කියලයි කියන්නෙ. ඉතාම ඈත කාලෙ ඉඳලම ලෝකයෙ අවධානය මේ දූපතට ලැබිලා තියෙනවා. ලංකාවෙ ඉතිහාසයෙ සදහටම හැංගිලා ගිය රහසක් මේ දූපතේ තියෙනවා. ඒ තමයි ලංකාව කිසියම් දිනයක ප්‍රංශයේ යටත් විජිතයක්ව තිබුණු බව. කිසිසේත්ම ලංකාවෙ සිතියමෙන් එපිට අත්පත් කරගන්න බැරි වුණත් 1672 දී ප්‍රංශ අද්මිරාල්වරයෙක් වෙච්ච ජේකබ් බැක්වෙස්ට් විසින් අත්පත් කරගන්නවා. ඔහු තමයි මේ දූපතේ නිල පාලකයා වෙන්නෙ. මේ ප්‍රංශ ජාතිකයන් විසින් අත්පත් කරගැනීමේ කතාව මුළු ලෝකයටම තවමත් රහසක්.

ඉන් පස්සෙ ඉංග්‍රීසි ජාතිකයන් ප්‍රංශ ජාතිකයන්ගෙන් අත්පත් කරගන්නවා. ඒ 1784 දී. ඉංග්‍රීසි ජාතිකයො මේ දූපත අත්පත් කරගන්නෙ අද්මිරාල් සෆ්‍රන් යටතේ. කොහොම නමුත් මේ දූපතේ කෙරුම්කාරයා විදියට හිටපු සෝබර්ස් කියන ඉංග්‍රීසි ජාතිකයා නිසා මේ දූපතට නමක් ලැබුණා කියලයි කියන්නෙ. මේ දූපත අත්පත් කරගන්න ජපන් මිත්‍ර හමුදාවත් විශාල උත්සාහයක් කරලා තියෙනවා. ඒ කොහොම වෙතත්, මේ වෙලාවෙ අපි යන්නෙ වෙන වැඩකට… දන්නවනෙ මේ දූපත…
‘සෝබර්ස් අයිලන්ඩ්…’

මතක් වුණා ද?

මම කිව්වනෙ සප්‍රයිස් එකක් තියෙනවා කියලා මේ දූපතේ. හොඳට වටපිට බලන්න. මේ දූපතේ ඉන්නවා දන්න කියන කෙනෙක්.

කවුද….?

‘මහින්ද බං මහින්ද…’

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස නාවික හමුදා අරක්ෂාව යටතේ ඉන්නවා කියන්නෙ මෙන්න මේ සෝබර්ස් දූපතේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දෙවියනි ඔබ කොහෙද ඥානක්කේ දැන් එන්න එළියට…

Next Post

මේ හදන්නේ පවුලක් රැකගන්නයි! අනේ මේ ආණ්ඩුවේ ඇමැතිකමක් මට නම් එපා! ආචාර්ය හර්ෂ ද සිල්වා නැවතත් කියයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.