පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා ඛේදවාචක පහකට මුහුණ දුන් අප රට මේ වන විට සයවන ඛේදවාචකය වන ජවිපේ බොරුකාර දේශපාලනයට හසුව ඇති බවත් බොරුව ඇන්දවිල්ල දෛනිකව සිදු කරමින් රටේ ජනතාවට විශාල හානියක් මේ රජය සිදු කරණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.
සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ වන්නේ සමාජ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය තුළ සංවර්ධනය ප්‍රවර්ධනය කර රට ගොඩගැනීම බවත් නමුත් රට බංකොලොත් වී ඇති නිසා රටේ සංවර්ධනය ප්‍රවර්ධනය කරන්න අපහසු බවත් රට බංකොලොත් කළ අයට විරුද්ධව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පසු රට බංකොලොත් කළ අය නම් කර ලක්ෂ 220 ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ද තීන්දු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බොරු පිට බොරු කියනවා මේ අය
ලංකාවේ විශිෂ්ට සංගීතවේදියෙක් සේම ජනතා විමුක්ති පෙරමුණට සහාය දුන්න අයකු එදා විපක්ෂයේ සිටින විට ජවිපේ බලයට ආවම ඩොලර් මිලියනයක් ගෙන එක පැවසු බවත් පසුගිය දා ඔහු ඩොලර් මිලියන 23ක් ගෙන එන බවට අවස්ථාව පැවති බවට පැවසූ බවත් එය ගෙන ඒමට නොහැකි වූයේ IMF ගිවිසුම නිසා බවත් රටේ මුදල් ඇමති එවැනි දෙයක් කියු බවට පැවසූ බවත් මොවුන් මේ පවසන සියල්ල බොරු බවත් මෙරටට ඩොලර් ආධාරයක් පුද්ගලයකු ආයතනයක් හෝ සමාගමක් ලබා දෙනවාට IMF විරුද්ධ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ රටේ ආර්ථික සංවර්ධනයට නව ක්‍රමවේද අවශ්‍යයි
බංකොලොත් රටක ආර්ථිකය සංවර්ධනය කරන්න නම් නව උපායමාර්ග ගෙන ආ යුතු බවත් අපනයන කේන්ද්‍රීය ආර්ථිකය වර්ධනය කරනවා සේම දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කර කෘෂිකර්මාන්තය ධිවර කර්මාන්තය ස්වයං රැකියාව ඇතුළු ආර්ථික ක්‍රියාවලියට ශක්තිය ලබා දෙන ක්ෂේත්‍ර සුහුරු කර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කර තරුණ පරපුරට දරු පරපුරට නවීන තාක්ෂණයේ අරුණලු උදා කර සුහුරු දරුවා හා සුහුරු තාරුණ්‍ය නිර්මාණය කළ යුතු බවත් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කිරීම හරහා මානුෂීය ධනවාදය හා සමාජ ප්රජාතන්ත්රවාදය එකට එකතු වූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වැඩිම මිලකට ඉන්ධන විකුණන්නේ අපේ අපේ රට
මේ රජයට බලයට ආවේ 33%කින් විදුලි බිල අඩු කරනවා යැයි වුවත් 40% ගාණකින් විදුලි බිල වැඩි කර ඇති බවත් බදු බර කොමිස් ඉවත් කර වරායේ ගොඩබාන මිලට ඉන්ධන දෙනවා කිව්වත් බදු පිට බදු ගසා වැඩිම මිලකට ඉන්ධන දෙන රට බවට අප රට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ටොම්පච දේශපාලනය දැන්වත් නවත්වන්න
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලයට ආවේ IMF ගිවිසුම අහෝසි කර නව ගිවිසුමකට යන බව පවසමින් බවත් ඇත්තටම ඩොලර් මිලියන 23ක් ඇත්නම් රට රවටන්නේ නැතිව රටට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් මේ හරහා දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් අයට සහන දී ලක්ෂ 10 සහනාධාර පවා ලබා දිය හැකි බවත් ටොම්පච දේශපාලනය නවත්වන ලෙසත් රටේ ජනතාව තවදුරටත් නොරවටන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



















