• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අප්‍රේල් – මැයි මරණවල රහස මොකක්ද? Sri Lanka Latest News

May 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අප්‍රේල් – මැයි මරණවල රහස මොකක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප්‍රේල් මාසයට අපි කියන්නේ බක් මාසය කියලා. බක් මාසය කියන්නේ භාග්‍යවන්ත මාසය. භාග්‍යවන්ත මාසයේදී බොහෝ භාග්‍යවත් කටයුතු සිදුවන බවත්, පරිසරයේ ගහකොළ වැල් මල් සතාසීපාවා පවා සශ්‍රීකත්වයට පත්වෙන බවටත් අපි අතර මතයක් තියෙනවා. ඒක ශ්‍රී ලාංකිකයන්ගේ අනාදිමත් කාලයක් තිස්සේ තිබුණු අදහසක්. ඒ වගේම වෙසක් මාසය කියලා කියන්නෙත් පින්වන්ත මාසයක්. වෙසක් මාසයේ තිලෝගුරු අමාමෑණි සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිද්ධ වුණු කාලය. ඒ නිසා වෙසක් පෝයටත් අපි බොහොම ගරු ගාම්භීරත්වයෙන් සලකන සිරිතක් තියෙනවා. හැබැයි මම කියන්න යන්නේ එහෙම කතාවක් නෙවෙයි. මේක ඊට වඩා බොහෝ වෙනස් සුවිශේෂ කතාවක්. මේ කතාව කියෙව්වට පසු ඔබ අමනාප නොවේ යැයි මා විශ්වාස කරනවා. ඒකට හේතුව මේ දීර්ඝ කාලයක් තිස්සේ අපි විසින් කරන ලද ගවේෂණයක ප්‍රතිඵලයක් නිසා. Sri Lanka Latest News

අපි දන්නවා අප්‍රේල් මාසය මැයි මාසය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ වඩා වැඩි අනතුරු සිද්ධ වෙන කාලයක් බව. අපි එහෙම කිව්වාම ඔබ සමහර විට කලබලයට පත්වේවි ඇයි එහෙම කියන්නේ කියලා. නෑ එහෙම කියන්න හේතුවක් තියෙනවා. අපි දන්නවා වෙසක් මාසය උදාවෙනකොටත් සාමාන්‍යයෙන් ලංකාවේ වැහිබීරුමක් එක්කයි ඒ කාලය උදාවෙන්නේ. එතකොට මොනවද ලංකාවේ මේ වගේ සිද්ධ වෙලා තියෙන අපිට කියන්න තියෙන සාක්ෂි. ඔබ අපෙන් අහයි මොනවද මේ ඔබට කියන්න තියෙන සාක්ෂි කියලා. ඔව් ඇත්තටම අපි ගාව එහෙම සාක්ෂි තියෙනවා. මේ නිකන් කියනවා නෙවෙයි. එහෙම නැත්නම් මේ කට කහනවට කියනවා නෙවෙයි. අපි වගකීමක් ඇතිවයි මේ කතාව කියන්නේ. ඇයි එහෙම කියන්නේ? වර්ෂ කීපයකට පෙර ඔබට මතකද දන්නේ නෑ මීතොටමුල්ල කුණු කන්ද මිනිස්සුන්ගේ හිස මතට කඩාගෙන වැටුණා. මනුෂ්‍ය ජීවිත රාශියක් අපට අහිමි වුණා. ඒ දේ සිද්ධ වුණේ අප්‍රේල් 14 වැනිදා. අප්‍රේල් 14 වැනිදා සිදුවෙච්ච මේ සිදුවීමත් එක්ක බොහොම නරක ප්‍රතිඵල ලංකාවේ මිනිස්සුන්ට අත්විඳින්න සිද්ධ වුණා. ඒක අපිට සතුටින් කියන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. අප්‍රේල් 14 වැනිදා සිද්ධ වෙච්ච දේට ඍජු බලපෑමක් කිසිම සොබාදහමේ හෝ වෙනත් දේක තියෙනවා කියලා අපිට විශ්වාස කරන්න බෑ. නමුත් නෝනාවරුනි මහත්වරුනි අතිශය කනගාටුදායක කාරණාව වෙන්නේ සත්‍ය වශයෙන්ම අප්‍රේල් 14 වැනිදා මේ විදියට මනුෂ්‍ය ජීවිත රාශියක් අහිමි වීම.

ඉන් පස්සේ අප්‍රේල් 21 වැනිදා සිදුවීම තමයි පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයෙනුත් ජීවිත විශාල ප්‍රමාණයක් අපට අහිමි වුණා. ලංකාවේ මේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච බරපතළම මනුෂ්‍ය ඝාතනය විදියට සලකන්නේ අප්‍රේල් 21 ප්‍රහාරය. මේ ප්‍රහාරය දරුණුම අපරාධයක් විදියට මුළු ලෝකයම විශ්වාස කරනවා. ඒ වගේම අපි දැක්කා මැයි 16 වැනිදා සිද්ධ වෙච්ච සාමසර කන්ද නායයෑම. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච විශාලතම නායයෑම. මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වුණු අවස්ථාවක් තමයි මේ සිදුවීම. ඒ විදියට තවත් සිදුවීම් රාශියක් අපිට පුළුවන් ඔබට ඉදිරිපත් කරන්න. මැයි මාසයේ අග වෙද්දී රත්නපුර සහ ඒ අවට ප්‍රදේශය ආශ්‍රිතව සිදුවෙච්ච ගංවතුර අර්බුදයක් ගැනත් අපි කලින් වතාවේ දැක්කා. මේ ගංවතුර ප්‍රශ්නෙත් එක්ක රටේ ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙලා ගියා.

මේ විදියේ සිදුවීම් අපි ඔබට කියනවා නම් ඕනේ තරම් තියෙනවා. අප්‍රේල් මාසයේ සිට මැයි මාසය දක්වා සිද්ධ වෙච්ච විශාල සිදුවීම් ලංකාවේ බොහෝ විට වාර්තා වෙලා තියෙනවා. මේ කාලය තුළ සිද්ධ වෙච්ච ආසන්නතම සිදුවීම් අතර මේ අවුරුද්දේ එකතු වෙන්නේ පළමුවෙන්ම විශාල ගුවන් යානා අනතුරක්. හෙලිකොප්ටරයක් මහපොළොවට කඩාගෙන වැටිලා මේ සිදුවීමෙන් ගුවන් භටයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙනවා. ඒ සිදුවීමත් එක්ක රටම කම්පාවට පත්වෙනවා. මාදුරුඔය ජලාශයට තමයි මේ හෙලිකොප්ටර් යානය කඩාගෙන වැටෙන්නේ. ඒ හය දෙනාගේ ජීවිත අහිමි වෙලා පොඩි වෙලාවක් ඇතුළත අපිට අහන්න ලැබෙනවා බස් රථ අනතුරක් ගැන. ඒ බස් රථ අනතුරෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙද්දී පසු දින උදෑසන වෙනකොට ලංකාවේ සෑහෙන කාලයකින් වාර්තා වෙච්ච විශාලතම බස් රථ අනතුර අපිට වාර්තා කරන්න සිද්ධ වෙනවා. ඉතාම කනගාටුදායක බස් රථ අනතුරක්. මේ අනතුරෙන් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව තමයි පළමුවෙන්ම ප්‍රවෘත්තියක් විදියට අපට ලැබෙන්නේ. කතරගම – කරුණෑගල බස් රථය. පොඩි වෙලාවක් ගතවෙලා යද්දී මරණ සංඛ්‍යාව 8 දක්වා ඉහළ යනවා. ඉන් පස්සේ මරණ සංඛ්‍යාව 11 දක්වා වෙනස් වූ බවත් අපිට දැනගන්න ලැබෙනවා. කොහොම වුණත් මරණ සංඛ්‍යාව 21 බවට පත්වෙනවා ක්ෂණිකවම. බලාපොරොත්තු නොවුණු විදියට.

මේ මරණවල ඉහළ යෑම පවා අපි විශේෂයෙන් කතාබහ කළ යුතු තත්ත්වයක්. ඒකට හේතුව මරණ 4ක් මරණ 22ක් දක්වා ඉහළ යෑම, මරණ 18ක් පුද්ගලයන් රෝහල්ගත කිරීමෙන් පසුව වාර්තා වීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ පවා තිගැස්මට පත්කළ යුතු තත්ත්වයක්. ඒකට හේතුව රටක පුද්ගලයන් රෝහල්ගත කළාම ඔවුන් ඉන්නේ අසාධ්‍ය තත්ත්වයේ නම් ඔවුන්ට ගැළපෙන ප්‍රතිකාරයක් රෝහල තුළින් සිදුවිය යුතුයි. නමුත් අපි විශ්වාස කරන්නේ නැහැ ප්‍රාදේශීය රෝහලකට එවැන්නක් කළ හැකි බව. ප්‍රාදේශීය රෝහලක තියෙන ධාරිතාව අඩුයි. සැත්කම් සිදුකළ හැකි ප්‍රමාණය අඩුයි. ඒ රෝහල්වල ප්‍රතිකාර කිරීමේ හැකියාව අඩුයි. වෛද්‍යවරුන් සංඛ්‍යාවත් අඩුයි. නමුත් ඔවුන් හැකි උපරිමයෙන් රෝහල තුළදී කටයුතු කළ බව අපි දන්නවා. ලංකාවේ ඕනෑම අවස්ථාවක සිද්ධ වෙන ආපදාවකදී ඕනෑම රෝහලක් කිසිම පැකිලීමකින් තොරව තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරනවා අපි දැකලා තියෙනවා. මේ රෝහලත් ඒ විදියටම කටයුතු කළා. නමුත් රෝහල තුළදී තුවාලකරුවන්ගේ මරණ සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. නමුත් සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. එවැන්නක් යළි නොවන්නට.

මේ මරණ සිද්ධ වෙනවා බැලූ බැල්මට අපිට තේරෙන්නේ බස් රථයේ නොසැලකිල්ල කියලා. එහෙම නැත්නම් මාර්ගයේ යම් කිසි ගැටලුවක් කියලා. එහෙම නැත්නම් වැඩිපුර මගීන් බස් රථය තුළ හිටපු නිසා කියලා. කවුරු හරි කෙනෙක් අපෙන් අහන්න පුළුවන් මේ කාලේ වැඩිපුරම මරණ සිද්ධ වෙන්නේ, මේ කාලේ වැඩිපුරම අනතුරු සිද්ධ වෙන්නේ ඇයි කියලා. වෙසක් පෝය ලබන කොටම මනුෂ්‍ය ජීවිත අහිමි වෙන්නේ ඇයි කියලා. ඒකට උත්තරයක් අපි ගාව නැහැ. නමුත් ඇත්ත කතාව තමයි 2016 වෙසක් පෝය දවසේ වෙන්නෙත් සාමසර කන්දේ විශාල නායයෑමක්. ඒ වගේම තවත් වසරක විශාල ගංවතුරක් එක්ක වෙසක් පෝය උදාවෙනවා. මේ අවුරුද්දේ වෙසක් පෝය උදාවෙන්නේ මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වීමත් එක්ක. ඔබට මතකද දන්නේ නෑ නරියාකන්ද ෆොක්ස්හිල් අනතුර. ඒ අනතුර සිද්ධ වෙන්නෙත් අප්‍රේල් මාසේ. ඒ අවස්ථාවෙදීත් මනුෂ්‍ය ජීවිත කීපයක්ම අහිමි වෙලා ගියා.

එතකොට මේ කාලය ඇතුළත සිද්ධ වෙන්නේ මොනවාද? එක පැත්තකින් අපි දන්නවා සොබාදහම මේ කාලේ වෙනස්. වැහි වැටෙනවා වැඩියි. අකුණු අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවෙනවා. නමුත් මේ කිසිවක් නැතුව අවුරුදු – වෙසක් කියන මාස දෙක ඇතුළේ හැම අවුරුද්දකම ලංකාවේ විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වෙනවා. හැම වෙලාවකම මේ වගේ සිදුවීම් සිද්ධ වෙනවා. මේක වෙන්නේ ඇයි කියන්න අපි දන්නේ නෑ. කාලය කුමන ආකාරයකින් මේ ප්‍රශ්නය විසඳනවද කියලා අපි දන්නේ නෑ. දෙවියන්ගෙන් බුදුන්ගෙන් සිද්ධ වෙන දෙයක්ද, නැත්නම් සොබාදහම විසින් සිද්ධ කරන දෙයක්ද, ග්‍රහ බලපෑමක් නිසා සිදුවෙන දෙයක්ද, වෙන ආකාරයකින් සිදුවෙන දෙයක්ද කියන්න අපි දන්නේ නෑ. නමුත් ඔබට පුළුවන් වෙයි හොයලා බැලුවොත් දැනගන්න. අප්‍රේල් මාසේ ඉඳලා මැයි මාසය තෙක් ලංකාවේ මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයක් කිසිම විටක බලාපොරොත්තු නොවුණු සිදුවීම්වලින් අහිමි වෙන බව.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දකුණේ බාධා කිරීම් ආවාට උතුරේ බාධා කිරීම් මොනවත් නෑ! දමිළ ජනතාව යුද්ධයෙන් මියගියවුන් ජයටම සමරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ බටලන්ද වාර්තාව ගැන හොයන්න නීතිපතිවරයා සිව් පුද්ගල කමිටුවක් පත්කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.