‘චූටි මල්ලියි පොඩි මල්ලියි’ ලෙස ශ්‍රී ලාංකේය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නිර්මාණශීලී ප්‍රහසන ශිල්පීන් දෙපළ වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද විසින් නවතම ප්‍රහසන වීඩියෝවක් සිය යූටියුබ් නාලිකාව වෙත පසුගියදා නිකුත් කළා. ‘මොකද අපිට වුණේ’ ලෙස නම්කර ඇති එම වීඩියෝව ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස අප ගෙන එන්නෙමු. (Sri Lanka Latest News)
නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘මොකද අපිට වුණේ’
අන්න හරි. නියම මාතෘකාව.
ඔහෙම නෙවෙයි වෙන්න තිබ්බේ. හොඳ වැඩේ.
ඇත්තටම අපිට මොකද වුණේ කියලා තෝන්තුවෙන් නේද ඉන්නේ මුළු රටම.
ඔව්. ඔව්.
හැම පැත්තෙන්ම එහෙමයි.
අපි දැන් එහෙනම් අපේ කතාවට යමු. ගමේ මනුස්සයෝ දෙන්නෙක් මුණගැහිලා කතාවක් පටන් ගන්නවා.
අයියෝ අයියෝ වැඩක් නෑ.
කියලා වැඩක් නෑ අනේ.
මම ඉන්න ගමන් කල්පනා කළේ අපිට මොකක්ද අනේ වුණේ?
මොකක්ද වුණේ කියන්නේ මෙහෙමනේ. කයියනේ. කයිවාරුවනේ.
ඒක නං හරි.
වැඩ තිබිලා වැඩ පෙන්නලා කයිය ගැහුවට කමක් නෑ.
ඒක හරි.
කිව්වේ කොහොමද? මට දියං සෙට් එක. මේ සෙට් එක නැත්නම් මම එන්නෙ නෑ කියලා ගියා.
ඕනෙ ඕනෙ එවුං එකතු කරගෙන ගියානේ.
අන්තිමට දුවනකං ගැහුවා.
ඔව්. කෑවා.
කෑවා කියන්නේ දුවනකං කෑවා.
මම මේ සන්තෝසෙට නෙවෙයි මෙයා කියන්නේ.
සන්තෝස වෙන්න බෑ තමයි. අපිට වෙච්ච දෙයක්නෙ මේ.
වැඩක් නෑ කතාකරලා. මේකනේ, විසිල් විතරනේ. බල්ටි නෑ විසිල් විතරයි. විසිල් තියෙනවා නං බල්ටිත් තියෙන්න ඕනනේ. ඒකයි මට තියෙන කේන්තිය.
ඔව් ඒක හරි.
දැන් අඬ අඬ ඉඳලා වැඩක් නෑනේ.
වැඳ වැඳ දුවලා තියෙන්නේ.
කෑවා මැච් එක. ඒත් කොහෙද වැඳ වැඳ දිව්වේ?
මැච් එක?
ඔව් මම දැන් ඇහුවේ මැච් එකේ අපිට මොකද වුණේ කියලා.
ක්‍රිකට් මැච් එක නෙවෙයි මම මේ කියන්නේ. අපේ අර අල්ලපු ගමේ සංගීතෙ වලිය ගැන. ඊයේ අපේ එවුන් ටික ගියානේ ගහන්න කියලා. උන් ගුටි කාලා ඇවිල්ලා. ඒකයි මම කිව්වේ.
මම කිව්වේ ක්‍රිකට් මැච් එක.
ක්‍රිකට් මැච් එකත් ඉතිං එහෙම තමයි.
නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘මොකද අපිට වුණේ’ වැඩිය විස්තර ඕනේ නෑනේ. අපිට මොකද වුණේ කියලා දවස් ගානක් තිස්සේ ඔක්කොම කල්පනා කළේ ඕක ගැනනේ. ගමේ තවත් දෙන්නෙක් ඒ ගැන කතාබහක් පටන් අරගෙන.
අනේ මන් දන්නේ නෑ…
ඔව් අප්පා මම මේ කල්පනා කළේ ඇත්තටම මොකද්ද අප්පා අපට වුණේ?
බත් ටික ගත්තට කන්න හිතෙන්නේ නෑ. හීල් වෙනවා. මට ඇඳුමක් ඇඳගෙන එළියට බහින්න හිතෙන්නේ නෑ. මේකයි වැඩේ. ඔක්කෝටම වඩා මනමාලකමනේ මෙතන ඉහට ගැහුවේ.
එහෙමද?
ඔව්. වෙන මොකද්ද ඉතිං? මනමාලකම. ඒ තරුණ වයසට එහෙම වෙනවා. ඒක හරි. හැබැයි ඕක හිස්මුදුනට ගහගෙන බෑනේ.
එහෙම එකක් ආවද?
ඉතිං ඔයා මට කියනවනේ. මම බලාගෙන හිටිය මිනිහනේ. කොණ්ඩේ හදනවා, පච්ච කොටනවා, කරාබු දානවා, කොණ්ඩේ පාට ගානවා.
ඒක නං හරි.
මම දැනගත්තා.
වැඩේ නෙවෙයි බලන්නේ.
වැඩේ නෙවෙයි. වැඩේ පැත්තක. අනිත් ඒවා සේරම කරනවා. මට තියෙන ප්‍රශ්නෙ මේකයි. උන් මූණේ දැලි ගාගත්තට කමක් නෑ. අපේ මූණෙත් දැලි ගෑවනේ.
ඒක නං හරි.
මෙහෙමනේ ඉතිං. උන් පැරැදුණාම රටක් වශයෙන් අපිත් පැරැදිලානේ. ඔයා කියන එක හරි.
රටක් වශයෙන් කොහොමද පරදින්නේ?
මූණේ දැලි ගානවා කියලා ඔයා අදහස් කළේ ඒකනේ.
මූණේ දැලි ගාන කතාවක් නෙවෙයි මම කිව්වේ අපේ පොඩි එකා ගැන.
මම කිව්වේ ක්‍රිකට් මැච් එක දැන් පැරැදුණාම අපිත් ලැජ්ජා වෙනවනේ රටක් වශයෙන්.
ක්‍රිකට් මැච් එක පැරැදිච්ච එක නෙවෙයි. අපේ පොඩි එකා බැඳපු ගෑනියෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන. ඒකයි මම කියන්නේ. දෙකම එකයි ඉතිං. මූණේ දැලි ගෑවෙනවා දෙකෙන්ම.
නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘මොකද අපිට වුණේ’ ඔන්න තවත් ඒ වගේ සිද්ධියක්. දුක්මුසු විදියට මූණු එල්ලගෙන ඉන්න දෙන්නෙක් මුණගැහෙනවා.
අපි දෙන්නට ටිකක් කතාකරන්න බැරි වුණා පහුගිය ටිකේ නේද? මොනවා කරන්නද ඉතිං අපි කියලා නේද? අපිට ඉතිං මොනවත් කරන්න බෑනේ නේද?
ඔව්…
අපි ඉතිං අසරණයි.
අසරණයි කියන්නේ සම්පූර්ණ අසරණයිනේ. ලෝකෙට මූණ දෙන්න බැරිවුණා.
මෙහෙමයි ඉතිං. මට මෙතන කියන්න තියෙන්නේ මේකයි. ඇත්ත වශයෙන්ම නැති බැරිකමනේ මෙතන ඇත්ත කතාව. අපිටත් ඔය වෙන එවුන්ට වගේ සල්ලිය බාගෙ තිබ්බා නම් යහමින් වියදම් කරන්න, අපිට මේ මැච් එක ගහගන්න තිබ්බනේ.
ඒක මාර කතාවක්නේ ඔයා කියන්නේ.
ඇයි?
සල්ලි ඔය ඕනේ තරම් තියෙන්නේ?
වෙන එවුන්ට වගේ අපිට සල්ලි නෑනේ. අනිත් එක ඉංග්‍රීසි කියන භාෂාවත් නැතිකම හින්දා ඒවත් බලපානවනේ මේවට.
ඉංග්‍රීසි භාෂාව බලපාන්නේ බැරිවෙලා මෑන් ඔෆ් ද මැච් හරි මොකක් හරි වුණොත්නේ?
ඈ…. මෑන් ඔෆ්ද මැච්?
ඔව්. එතකොටනේ මයික් එක දික් කරලා අරවා මේවා අහන්නේ. එතකොටනේ ඉංග්‍රීසි ඕනෙ වෙන්නේ.
ඔයා මොනවද කියන්නේ. මට තේරෙන්නේ නෑ.
ඔයා මොනවද කියන්නේ? මම කියන්නේ මැච් එක පැරැදිච්ච එක ගැන.
මැච් එකක් ගැන නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ අපේ කෙල්ල විභාගේ ලිව්වා. ප්‍රතිඵල ඇවිල්ලා. යන්තම් පාස් ඉතිං. කැම්පස් යන්න මදි. ඒකයි කිව්වේ අපිට සල්ලි බාගෙ තිබ්බා නම් ක්ලාස් යවලා ඉංග්‍රීසි ටික උගන්නලා කරනවා කියලා. ඔයා මැච් එක ගැන මොකක්ද කියන්නේ?
මැච් එක පැරැදිච්ච එක ගැන මම කිව්වේ.
ඔව් ඉතිං දෙකම එක වගේ තමයි….
නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘මොකද අපිට වුණේ’. ගමේ තවත් දෙන්නෙක් මුණගැහිලා මේ විදියට කතාබහ කරනවා.
ආ… උඹත් ආවද. වරෙං වරෙං වාඩිවෙයං.
අද මළ ගෙදරක් තිබිලා සෙනඟ පිරිලා ඉන්නවනේ. ඊට පස්සේ මිනිය ගෙනියනවනේ. මිනිස්සු මළබත කාලා ගෙදර යනවනේ. එතකොට අර ගෙදර තියෙන මූසල ගතිය. ඒක දැනෙන්නෙ නැද්ද ඔයාට?
එම මූසලගතියම තමයි ඉතිං.
මොනවද අප්පා අපට වුණේ?
වැඩක් නෑ අප්පා කතාකරලා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේවල් නොකරපු එකේ පල විපාක අපි මේ භුක්ති විඳින්නේ.
වැරැදි තීරණ.
අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කළේ නෑ. කවුරු මොනවා කිව්වත්, මම දොස් කියන්නේ අපේ පරණ කට්ටියට.
ඇයි ඒ?
ඒගොල්ලොන්ට මේවා එකලාසයක් කරලා යන්න තිබ්බනේ.
ඒක මාර කතාවක්නේ.
ඇයි මොකක්ද මාර කතාවක් කියන්නේ? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කාලේ හොඳට සැපට හිටියා.
ඒ කාලේ ඒගොල්ලෝ හොඳට කළා. අලුත් එවුන් දැනගන්න එපායැ ඒවා හරියට කරගන්න.
අලුත් එවුන් කියන්නේ මොකක්ද? ඒගොල්ලෝ ඒක පිළිවෙළට කළා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දැං ඉතිං මොකක්ද වෙන්නේ? දැං ඉතිං ඔතාගෙන යන්න තියෙන්නේ.
ඔව් ඉතිං.
මෙහෙමයි, ඒ කාලේ ගහපු එවුන් ගැහුවා කොහොම හරි. අලුත් උන් ගහන්නේ නැති එකට පලි ඒ කාලේ එවුන්ද?
ගහපු එවුන්ගෙ කතාව මොකක්ද?
ක්‍රිකට්. ඒ කාලේ මැච් ගැහුවණේ. ඒ ගහපු මිනිස්සු පලිද දැන් එවුන් ගහන්නේ නෑ කියලා?
ක්‍රිකට් ගැහිල්ලක් ගැනද මේ කතා කරන්නේ? මම මේ රැවුල ගිනි අරගෙන ඉන්නකොට ඔයා සුරුට්ටු පත්තු කරන්න එනවද?
ඇයි මොකක්ද?
අපි නඩුව පරාදයි. දැන් මේ ගෙදරින් යන්න වෙලා.
මැච් එක පරාද වෙච්ච එක ගැන නෙවෙයිද කියන්නේ?
දෙකම එකයි. දෙකම පරාදයි. දැං යන්න වෙනවා අකුළගෙන…
නෝනාවරුනි මහත්වරුනි අද කතාව ‘මොකද අපිට වුණේ’. තවත් දෙන්නෙක් මුණගැහිලා ගමේ කඩපිලේදී මේ වගේ කතාබහක් පටන් ගන්නවා.
මේ, මට දෙනවද දෙකේ දෙකේ හොඳ ලීයක්.
ඇයි මොකටද?
ඔළුවට ගහගන්න.
ඔයා මොකටද ඔළුවට ගහගන්නේ?
මේ වෙන දේවල් එක්ක. සන්තෝසෙකට කියලා තියෙන දේත් මුං නැතිකරනවනේ. අපි කොච්චර ඕවයින් සතුටු වෙච්ච මිනිස්සුද කියන්නකෝ.
ඒක හරි.
අද මුං එකතු වෙලා ඒක නැතිකරලනේ. කාලකණ්ණි. වැඩක් නෑ කතාකරලා. වැඩේ නෙවෙයිනෙ. කොයි වෙලාවෙත් අපි කරන්න ඕනේ වැඩේ ඉන්න ඕනනේ. වෙන වෙන බහුබූත කරලා හරියන්නේ නෑනේ. මේක ටි්රප් එකක් නෙවෙයිනේ. දැන් කියනවා දුරයිලු, මහන්සීලු. ඔන්න දැන් කියන ඒවා. අපි කරන කාලේ ඔහොම ප්‍රශ්න තිබුණද?
ඒක හරි.
මට ඇත්තටම හරිම කනගාටුයි මේ වැඩවලට. දැන් ඉතිං මං කිව්වා ඉවරයක් කරලා වරෙල්ලා වහලා දාලා කියලා.
ඒක හරි.
වහලා දාලා වරෙන් කිව්වා.
වහලා දාන්න දෙයක් නෑනෙ.
වහන්න වෙනවා ඉතිං. මං කිව්වා වහලා යතුරු ටික අරගෙන වරෙං කියලා.
කොහෙද යතුරු?
ඇයි අපේ හෝටලේ.
හෝටලේ යතුරු ඉතිං මිනිස්සු රිසෙප්ෂන් එකට දීලා එනවනේ. ඉන්න හෝටලෙන් උන් එයි ඉතිං.
කවුද උං කියන්නේ?
ක්‍රිකට් ටීම් එකනේ.
ක්‍රිකට් ටීම් එකක් ගැනද මේ කියන්නේ. මම මේ කියන්නේ අපේ කොල්ලට දුන්නනේ අපේ දියතලාවේ තියෙන හෝටලේ කරන්න කියලා. මූ යාළුවොත් එක්ක ටි්රප් දාලා පාටි දාලා. ඒකෙන් ලාභයක් එනවයැ එතකොට
ඒකද ඔයා මේ කිව්වේ? මම හිතුවා ඔයා කියන්නේ මේ ක්‍රිකට් ටීම් එක ගැන කියලා.
ඔව් ඉතිං බැලුවම දෙකම එකයි නේද? ටි්රප් එකක් ගිහින් එනවා…