• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කබ්රාල් ආපු ගමන් පැන්නුවාය කියන ‘දවුලුගල’ මහබැංකුවේ කළේ මොකද්ද? දන්න රහස් මොනවද? පැන්නුවේ මොකටද?

September 27, 2021
in Exclusive
Reading Time: 10 mins read
A A
කබ්රාල් ආ හැටියේ වැඩ පටන් ගනී! කබ්රාල් ගැන වෝහාරික විගණනය බාරව සිටි දවුලුගල ඉවත් කරයි!
Share on WhatsAppShare on Facebook

දැනට වසර 220කට පමණ පෙර ඇරැඹි ශ්‍රී ලංකාවේ රාජ්‍ය විගණනයට (රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල ගිණුම් පරීක්‍ෂාව) මුල් කාලයේදී මුදල් රෙගුලාසි සහ ආයතන සංග්‍රහය අත්පොත් වුවත් පසුකාලීනව විගණන විෂය පථය පුළුල් වුවේය.

එම අත්පොත්වල ඇති විධිවිධාන පරිදි කටයුතු කෙරී ඇත්ද? නැත්ද? යන්න පිළිබඳ ස්වාධීන පරීක්‍ෂණයක් (විගණනය) පවත්වා වාර්තාව එවකට මහජන මන්ත්‍රී මණ්ඩලයට (මහජනයාට) ඉදිරිපත් කිරීම විගණකාධිපතිවරයාට පැවරුණු අධිකාරි බලයද විය.

සියල්ල නීතිරීතිවලට කෙරී ඇතත් ඉන් මුදල් යොදවන්නන්ට (මහජනයාට) ප්‍රයෝජනයක් නැත්නම් කාරිය කිම.

මුදල් යෙදවුමක අරපිරිමැස්ම සහ ඵලදායිත්වය සැලකිල්ලට ගැනුණු “ඵලදායිත්ව” විගණනයට එමගින් දොරටුව විවර විණි.

මාළු කිලෝවක් මිලට ගැනීමේදී මුදල් රෙගුලාසි, ආයතන සංග්‍රහය සහ ප්‍රසම්පාදන උපදේශ සංග්‍රහයේ වගන්ති සියල්ල එපරිද්දෙන්ම ඉටුකර ඇතත් මාළු ටික ප්‍රයෝජනයට ගත නොහැකි සේ නරක්වී ඇත්නම් කවර පලයක්ද?

විගණනය ඒ අනුව තවත් පියවරක් ඉදිරියට තැබිණි. “මුදලට අගය” විගණන ක්‍රමය අනතුරුව ක්‍රියාත්මත විය. එහෙත් දූෂණය වංචාව අහස උසට නැග මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසාකෑම නිසා ඒ හොරු කවුරුන්ද ඔවුනට දියයුතු දඬුවම් කවරේද? යන කරුණු පවා තීරණය කෙරෙන විගණන ක්‍රමයක් රටට අවශ්‍ය විය. ජාත්‍යන්තරයේ රටවල් කීපයක ක්‍රියාත්මක කෙරෙන ඔන්න ඔය ක්‍රමය “වෝහාරික විගණනය” ලෙසින් හඳුන්වනු ලැබේ.

වෝහාරික යන පදය හා සමගාමීව යෙදෙන ඊළඟ පදය වශයෙන් අපට බොහෝ දුරට හුරුව පවත්නේ “වෛද්‍ය පරීක්‍ෂණය” යන්නය.

ඝාතනයක් සම්බන්ධව ඉදිරිපත් කෙරෙන වෝහාරික මරණ පරීෂණ වාර්තාවක් අධිකරණය එකහෙළාම පිළිගන්නවා මිස කිසිසේත්ම අභියෝගයට ලක් කෙරන්නේ ද නැත.
මන්ද? වෝහාරික පරීක්‍ෂණයක නියැලෙන්නේ ඒ විෂය පිළිබඳ මහාචාර්ය මට්ටමේ විශේෂඥ දැනුම් ඇති ප්‍රාඥයින් බැවිනි.

වෝහාරික විගණනය ද ඒ හා සමාන බලසම්පන්න මෙහෙයුමකි. අවිවාදාත්මකය. අභියෝග කළ නොහැක්කකි.

ඔය ටික පැවැසුවේ වෝහාරික විගණයක් යන්නෙහි අරුත සුළු වශයෙන් හෝ තේරුම් ගැනීමේ පහසුව සඳහාය.

(වෝහාරික විගණන සිද්ධාන්තය පාදක කරගත් (අධිභාර පැනවීමේ -විගණන ක්‍රමවේදය අපේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සුළු වශයෙන් පළාත් පාලන සහ විශ්වවිද්‍යාල අරභයා දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන් කරනු වටී)

වෝහාරික විගණනය පිළිබඳ පෘථුල වශයෙන් පළමුවෙන්ම සමාජගත වූයේ යහපාලන ආණ්ඩුව සමයේ(ද) සිදුවුණු භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය නිසාය.

විවෘත ටෙන්ඩර් කැඳවීම වෙනුවට “සංවෘත” අවස්ථාවලට ඉඩදීම නීත්‍යානුකූල වුවද, රහස්‍ය තොරතුරු හුවමාරුවෙන් (දීම සහ ගැනීම) අයුතු වාණිජමය වාසියක් ලබාගැනීම බරපතල අපරාධයක් බව එමගින් පැහැදිලි කෙරිණි.

2015 පෙබරවාරි 27 දින සිදුවූ බව කියන බැඳුම්කර සිදධිය ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට මහ දවල් සිදුවූ බැංකු කොල්ලය බව එවකට විපක්‍ෂය වූ වත්මන් (ආණ්ඩුව) කීවේය.
බැඳුම්කර ගනුදෙනුව සිදුවන සමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ කොමිසමේ නිර්දේශය මත මහ බැංකු වංචාව පිළිබඳව වෝහාරික විගණනයක් ආරම්භ කෙරිණි. යුරෝපීය ආයතනයක් වන බී.ඩී.ඕ. ආයතනයේ ඉන්දියානු ශාඛාව කාර්යභාරය ඉටු කෙළේය. බී.ඩී.ඕ. ආයතනය විශාලත්වයෙන් ලෝකයේ පස්වැනි තැන හිමි විගණන ආයතනයයි. සමාගමේ විගණන ගාස්තුව රුපියල් කෝටි අනූවකි. (90,00,000)

එම වාර්තාවේ දැක්වෙන හරය මෙසේ සංක්‍ෂේපයෙන් කිව හැකිය.

“පරපෙචුවල් ටේ‍රෂරීස්” ආයතනය රජයට අලාභයක් සිදුවන අන්දමට ලාභ උපයාගෙන තිබේ. වෙන්දේසියේ ස්වරූපය ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෙනස් කර තිබේ.”
මේ කරුණ තවත් සරලව කියන්නේ නම් “අඩු මිලට ගත් බැඳුම්කර සේවක අර්ථසාධක අරමුදලට විකුණා ඇත. බැඳුම්කර මිලදීගැනීමට අවශ්‍ය ධනයද රාජ්‍ය බංකුවලින්ම ලබාගෙන තිබේ” යන්නය.

(පර්පෙචුවල් ටේ‍රෂරීස් ආයතනයේ අධ්‍යක්‍ෂවරියක වශයෙන් ශිරෝමි නොයෙල් වික්‍රමසිංහ යන මහත්මිය කටයුතු කළ බවත් ඇය එවකට මහබැංකු අධිපති නිවාඩ් කබ්රාල් මහතාගේ නැගණිය බවත් සමාජගතව තිබිණි.)

බැඳුම්කර ගනුදෙනුවෙන් මහජනයාට සිදුවූ පාඩුව (වංචාව) රුපියල් කෝටි එක්දහස් දෙසීයක් (12,00,00,00,000) බවට කරුණු අනාවරණ විය.

එහෙත් වෝහාරින විගණනය පෙන්වා දෙන අන්දමට මේ වංචාව 2015-2016 යන දෙවර්ෂය අතර කාලයේ පමණක් සිදුවූ “හුදකලා” සිදුවීමක් නොව කාලයක් තිස්සේ සිදුවූ වංචනික ක්‍රියාවලියකි.

බැඳුම්කර හොරුන් සමග සිටිය නොහැකි බව පවසමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉන්දියන් සමාගම ඉදිරිපත් කළ වාර්තාවට අනුව 2002 ජනවාරි සිට 2015 පෙබරවාරි අවසානය දක්වාම බැඳුම්කර වංචාව ක්‍රියාත්මක කෙරී තිබේ.

වංචනික ඉපැයීමේ ආරම්භය 2006 සහ 2014 සමයේ දී බව විගණන වාර්තාවේ සඳහනි. ඒ කාලය තුළ සිදුවී ඇති වංචාව රුපියල් බිලියන දහයයි දශම හතරයි හතක් හෙවත් රුපියල් කෝටි එක් දහස් හතළිස් හතකි (10,47,00,00,000).

(සිද්ධිය පාරාවළල්ලක් වූ බැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පැකිළුණෙය. එපමණක් නොව එවකට විපක්‍ෂයේ සිටි මහින්ද රාජපක්‍ෂ මහතාත් නීතිපතිවරයාත් විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ යුතු බවම කීහ. එහෙත් කතානායක කරු ජයසූරිය මහතා ඒ කිසිවක් නොසලකා විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙළේය.)

එමතුද නොව පර්පෙචුවල් ටේ‍රෂරීස් ආයතනයේ ඇලෝසියස්ලාටත් වඩා තවත් ආයතන කීපයක් (එන්ට්‍රස්ට් ඇතුළු) මේ අන්දමින් මුදල් වංචාකර ඇතැයි වාර්තාවේ තිබිණි.
ළබැඳියන්ගේ ගැටුම් ගැන සඳහන් වාර්තාවේ 2015-2016 අතර සමයේ වංචනින ඉපැයූ ධනයෙන් කොටසක් ලබාගත් ඇතැම් බාහිර පිරිස ගැනද අනාවරණය කර ඇත.

විගණන වාර්තාවෙන් පැවසෙන අන්දමට 1998 සිට බැඳුම්කර නිකුත් කෙරී තිබේ. එහෙත් 2004 වනතුරු ඒ පිළිබඳ ප්‍රමාණවත් ලේඛණගත කිරීමක් හෝ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හෝ තිබී නැති තරම්ය. ඒ සමයේ විශාල ප්‍රමාණයේ ගනුදෙනුද සිදුවී ඇත.

2008 පමණ කාලයේ සිට බැඳුම්කර ක්‍රියාවලිය දැවැන්ත මුල්‍ය ක්‍රියාවලියක් වී ඇත. සේවක අර්ථසාධක අරමුදල් ආරංචි පවසන අන්දමට තම ආයතනයට ප්‍රාථමික ගැණුම්කරුවකු ලෙස තරග කිරීමට පවා ඉඩ ලැබී නැත.

එහෙත් 2011-2013 සමයේදී කිසිදු ප්‍රමිතියකින් හෝ විධිමත් ක්‍රියාවලියකින් තොරව ප්‍රාථමික ආයෝජකයන් ලියාපදිංචි කර ඇති බවද වාර්තාවේ සඳහන්ය.

2012 ඔක්තෝබර් සිට 2015 පෙබරවාරි අවසානය දක්වා කාලය තුළ යටතේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් තොරව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අනුමත කරනු ලදුව රුපියල් බිලියන හැත්තෑ හතයි දශම හයයි තුනක් හෙවත් කෝටි හත් දහස් හැටතුනක් (77,63,00,00,000) වටිනා ඍජු බැඳුම්කර තිස් තුනක් නිකුත් කර තිබේ.

එමගින් සිදුවී ඇති හානිය රුපියල් බිලියන අටසිය හැත්තෑඑකයි දශම එකයි බින්ඳුවක් හෙවත් රුපියල් අසූහත් කෝටි දසලක්‍ෂ දස දහසක් (87,10,10,000) බව ඉන්දියානු සමාගමේ විගණන වාර්තාවෙන් පැහැදිලි කර ඇත.

(බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණනය පැවැත්වීමට පෙර ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ගිණුම් කාරකසභා අවස්ථාවකදී මේ කරුණු අනාවරණ වීම නිසා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මහ බැංකුව කැඳවුවත් ඒ අවස්ථාවේදී ආණ්ඩුව විසුරුවා හැරීම නිසා සිද්ධිය එතැනින්ම යටපත් වූ බව ගිණුම් ආරංචි කියයි. මේ පාර්ලිමේන්තුවේ ගිණුම් කරකසභාවේ සාකච්ඡා වූ කරුණුය)

එවකට විරුද්ධ පක්‍ෂයේ සිටි වත්මන් ආණ්ඩුව බැඳුම්කර වංචාව යහපාලන ආණ්ඩුව සමයේ පමණක් සිදුවූවක් බවටම ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ කාල සීමාවේදී ජන හදට කිඳා බැස්සුවේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ලේකම් තනතුර දැරූ කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මියගේ නම මතුවී ඒන්නේ ඒ වෝහාරික විගණන අවස්ථාවේදීය.

මන්ද ඇය ඒ වෝහාරික විගණන පරීක්‍ෂණවලට රාජකාරි වශයෙන් සහය දැක්වූ හෙයිනි. අදාළ විස්තර වාර්තා ආදිය ඇය සන්තකයේ (භාරයේ) තිබූ බැවිණි.

මුදල් මණ්ඩලයේ ලේකම් වනාහි මහා භාරදූර කාර්යයක් ඉටුකරන්නෙකි.

මුදල් මණ්ඩලය කැඳවනු ලැබීම රාජකාරියකි. භාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කෙරෙන මුදල් සැපයෙන්නේ එමගිනි. රටේ සංසරණයට අවශ්‍ය මුදල් සැපයෙන්නේ ඉන් ගැනෙන තීරණ මතය. සෑම මාසයකම අවසාන සති දෙක තුළ (වැටුප් ගෙවීම) මුදල් සංසරණය විවිධ වේ. ඉහළ මට්ටමකට පත්වේ. ඒ ලිපි කටයුතු කිරීම, තීරණ සටහන් තැබීම සියල්ලෙහි වගකීම දැරිය යුතුය. ලේඛණ ආරක්‍ෂණය පරම වගකීමය.

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ අරමුදල් විශාල ප්‍රමාණයක් ග්‍රීසියේ කොටස් වෙළෙඳ පොලේ යෙදවූ බව කියන සිද්ධියේ තොරතුරු විස්තර ඇතුළත් ලිපිගොනු ආදිය තිබී ඇත්තේ ද කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මියගේ ආරක්‍ෂාව යටතේය.

විගණන ආරංචි පවසන අන්දමට ග්‍රීසියේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය රුපියල් කෝටි විසිඑක් දාහකි (21,000) එසේ මුදල් යොදවන විට එහි කොටස් වෙළෙඳ පොළ හොඳටම වැටී තිබූ අවස්ථාවකි.

එමගින් සිදුවූයේ අපේ ආයෝජනය පවා අපට ආපසු ගත නොහැකි වීමය.

ඒ නිසා අපට අපේ මුදලුත් නැත.ලැබුණු ප්‍රතිලාභයකුත් නැත.ඒ කෝටි 21,000 නිකම්ම නිකම් දුන්නක් බව මහ බැංකු ආරංචිවලින් කියැවේ.

සේවක අර්ථසාධක අරමුදල ගැන වාර්තාව ලොව විශාලම විගණන ආයතන හතරෙන් එකක් වන කේ.පී.එම්.ජී. ආයතනයෙන් නිකුත් කර ඇත.
එ පමණක් නොව හෙජිං ගනුදෙනුවට සම්බන්ධ සියලු තොරතුරුවල විස්තර ආරක්‍ෂාකෙරී ඇත්තේද මුදල් මණ්ඩල ලේකම්වරිය භාරයේ තිබීමෙනි. ඒ ඉන්ධන මිලදීගැනීම සම්බන්ධයෙනි.

ගිණුම් ආරංචි පවසන අන්දමට තෙල් බැරලයකට රුපියල් එකසිය දහයක් (110) වන ස්ථාවර මිලකට තෙල් ලබාගැනීමට ගිවිසුම්ගතව තිබේ. එහෙත් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක වටිනාකම රුපියල් අසූව දක්වා පහත වැටුණද අපට ගිවිසුම ප්‍රකාර රුපියල් 110 බැගින්ම ගෙවීමට සිදුවිය.

දැරිය නොහැකි වූ බර රුපියල් කෝටි දහස් ගණනාවකි. මෙපමණක් නොවේ. ඔය කියන කාල සිමාවේදී කෙරුණු අප රට සතුව තිබූ (ශ්‍රී ලංකාව) රන් (රත්‍රන්) තොග විකිණීම ගැනද සිතා බැලිය යුතුය. (ඒවා වෙනමම සාකච්ඡා කළ යුතු කරුණුය)

ඒ සමයේ මහබැංකු අධිපතිවරයා වශයෙන් වර්තමාන මහබැංකු අධිපති නිවාඩ් කබ්රාල් මහතාම රාජකාරි කර ඇති බවද වාර්තා විය. නිවාඩ් කබ්රාල් මහතා 2006 සිට 2014 දක්වා කාලය තුළද මහබැංකු අධිපති තනතුර දැරූ බවද බැංකු ආරංවලින් පැවසිනි.

මූල්‍ය මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මියගේ සේවා කාලය වසර තිහකට (30) ආසන්න බව මහබැංකු ආරංචිවලින් පැවසිණි.

ප.ලි.
“තප්පරයට සැතපුම් එක්ලක්‍ෂ අසූහය දහසක (1,86,000) ආලෝකයේ වේගය කිසියම් කෙනකුට අභිභවා යා හැකි නම් ඔහු වයසට නොයන්ණේය” යන මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්තුමාගේ ප්‍රකාශය මට නොතේරුණද එහි බැරෑරුම් දෙයක් ඇති බව නම් සැබැවි.

“සීනි බදු අඩුකිරීමෙන් කිසිදු වංචාවක් සිදුවී නැති බව” වර්තමාන මහබැංකු අධිපති නිවාඩ් කබරාල් මහතා පසුගිය දිනවල මුදල් රාජ්‍ය ඇමැතිව සිටියදී පසුගිය මාර්තු (2021.03.23) වැනිදා පාර්ලිමේන්තුවේ දී කීවේය.

එසේම ඒ මහතා “මුදල් අච්චුගැසීමෙන් උද්ධමනයක් ඇති නොවන බවද” මීට ටික දිනකට පෙර කීවේය.

මට ඇල්බට් අයින්ස්ටයින්තුමාගේ ප්‍රකාශය සේම මේ කතා දෙකද නොතේරුණත් එහි මොකක් හෝ වැදගත් අර්ථයක් ඇති බව නම් පිළිගනිමි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

යුගදනවි ගිවිසුම අස්ගිරි මහනාහිමි අතට! ‘අපට ලැබුණේ ආණ්ඩුවක් නොව දේපොළ ‌වෙළෙද සමාගමක්’! සංඝ සභාව රැස්වෙන්න තීන්දු කරයි! (VIDEO)

Next Post

පළමුදා සිට බස්-කෝච්චි දුවයි! රාජ්‍ය-පෞද්ගලික සියලු සේවකයන්ට වැඩට එන්න කියයි! ආණ්ඩුව රට අරින්නේ මෙහෙමයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.