• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය මොකද්ද මේ මාවනැල්ලේ තරුණයාට කරපු අපරාධය? ඊශ්‍රායලයට එරෙහිව ස්ටිකර් ඇලෙව්වා කියලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සාක්ෂි ඇති බව කියමින් අධිකරණයට කරුණු වාර්තා කළා! මාස 9ක් රිමාන්ඩ් භාරයේ තියාගෙන හිටියා! දැන් කියනවා එහෙම සාක්ෂි නෑලු! ඇප දෙන්නලු! මහේස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් නැතිව ඇප දීම ප්‍රතික්ෂේප කරයි! තරුණයා තවමත් ඇතුළේ! I Sri Lanka Latest News

July 10, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
පොලිසිය මොකද්ද මේ මාවනැල්ලේ තරුණයාට කරපු අපරාධය? ඊශ්‍රායලයට එරෙහිව ස්ටිකර් ඇලෙව්වා කියලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සාක්ෂි ඇති බව කියමින් අධිකරණයට කරුණු වාර්තා කළා! මාස 9ක් රිමාන්ඩ් භාරයේ තියාගෙන හිටියා! දැන් කියනවා එහෙම සාක්ෂි නෑලු! ඇප දෙන්නලු! මහේස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් නැතිව ඇප දීම ප්‍රතික්ෂේප කරයි! තරුණයා තවමත් ඇතුළේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූ බව පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි තරුණයා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව කිසිදු අපරාධයක් අනාවරණය නොවූ බව පවසමින් සැකකාර තරුණයා ඇප මත මුදාහරින ලෙසට දෙහිවල පොලිසිය අද (09) දින වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් 2025 වර්ෂයේ මැයි මස 27 වන දින උධෘත සකස් කර නීති කොට්ඨාසයට සහ නීතිපතිවරයා වෙත යොමු කරමින් නීතිපති උපදෙස් ලබා ගැනීමට දෙහිවල පොලිසිය කටයුතු කර ඇති පසුබිමක නීතිපතිතුමාගේ උපදෙස්වලින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුට ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය දෙහිවල පොලිසියට පැවසීය.

සැකකරු ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇතැයි දෙහිවල පොලිසිය මින් පෙර අධිකරණයට දන්වා සිටි බවත්, මාස 9කට අධික කාලයකට පසුව සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි නොමැති බව පවසන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියෙන් විමසීය.

ඒ අනුව, මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව සැකකරුට එරෙහිව කිසිදු අපරාධයක් අනාවරණය නොවන්නේ නම් මේ සම්බන්ධයෙන් නීති කොට්ඨාසය මගින් නීතිපතිවරයා දැනුවත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියට නියෝග කළ අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුව තමන් කටයුතු කරන බව මහේස්ත්‍රාත්වරිය පැවසීය.

මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය වසරේ ඔක්තෝබර් මාස 25 වන දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.

සැකකරු වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු, රෂාඩ් අහමඩ්, ඉල්හාම් හසන්අලි, මොහොමඩ් ෆර්සාන් යන නීතිඥවරු පෙනී සිටියහ.

සැකකරු ජූලි මස 15 වන දින භෞතිකව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා ය.

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූ බව දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් අත්අඩංගුවට ගත් මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා මාස 9කට ආසන්න කාලයක් සිරගත කර සිටියේ ය.

ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ය.

ඒ, ඊශ්‍රායල් ධජය පාගාගෙන සිටින වීඩියෝවක් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළ කළ බවට චෝදනා කරමිනි.

ඊශ්‍රායල් විරෝධී ස්ටිකර් ඇලවීම හේතුවෙන් මොහොම් රුෂ්ඩි නමැති තවත් තරුණයෙකු ද මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි අතර ඔහු මේ වන විට අධිකරණයෙන් ඇප මත මුදාහැර තිබේ.

‘මෙයාව අත්අඩංගුවට ගත්තා අයිඩෙන්ටිය නෑ කියලා’

2024 ඔක්තෝබර් මස 23 වන දා මොහොමඩ් සුහායිල් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, දෙහිවල ප්‍රදේශයේදී ය. ඒ, ගුවන් කාර්ය මණ්ඩල (cabin crew) පාඨමාලාවක් හදාරමින් සිටින අතරතුර නවාතැනක් සොයමින් සිටි අතරවාරයේදී ය. ජාතික හැඳුනුම්පත සන්තකයේ නොමැති බවට චෝදනා කරමින් ඔහු පොලිස් භාරයට ගෙන තිබූ බව ඔහුගේ පියා වන මොහොමඩ් රිෆායි බීබීසි සිංහල වෙත පැවසීය.

“පුතා කෝර්ස් එක කරන හින්දා ඉන්න රූම් එකක් හොයන්න දෙහිවලට ගියා. ඔක්තෝබර් 23 වෙනිදා හවස 3ට විතර මෙයාව අත්අඩංගුවට ගත්තා අයිඩෙන්ටිය නෑ කියලා. ඊට පස්සේ මට කෝල් එකක් දුන්නා දෙහිවල පොලිසියෙන්. මම දෙහිවල පොලිසියට වට්ස්අප් එකෙන් යැව්වා පුතාගේ අයිඩෙන්ටිය. මට කිව්වා අවුලක් නෑ හවසට එන්න අවුලක් නැහැ පුතාව එක්කන් යන්න පුළුවන් කියලා. ඊට පස්සේ 23 රෑ අයිඩෙන්ටිය අරගෙන ගියා ම කිව්වා ඕඅයිසී මහත්තයා අද නෑ උදේ තමයි යවන්න වෙන්නේ කියලා. ඔක්තෝබර් 24 උදේ මෙයාව ගල්කිස්ස උසාවියට දැම්මා. උසාවියට දැම්මා ම නිදොස් කොට නිදහස් කළා.”

අධිකරණයෙන් නිදහස් කළ දිනයේ ම නැවත අත්අඩංගුවට

එදින තම පුතු සමග රාත්‍රී 9ට පමණ මාවනැල්ලේ පිහිටි තම නිවසට එන විට දෙහිවල පොලිසිය තම පුත්‍රයාව අත්අඩංගුවට ගැනීමට පැමිණ සිටි බව මොහොමඩ් රිෆායි සඳහන් කළේ ය.

“මම ඇහුවා උසාවියෙන් නිදහස් කළා නේ, ඇයි ආවේ කියලා. මෙයාගේ කටඋත්තරයක් අරන් උදේ 6ට එවනවා කියලා කිව්වා. මම කිව්වා උසාවියෙන් නිදහස් කරපු කෙනෙක් එහෙම එක්කගෙන යන්න බෑනේ, මම කිව්වා මාවනැල්ල පොලිසියේ ඕඅයිසී ගාවට එක්කගෙන ගිහින් එහෙන් එක්කගෙන යමු කියලා. එහෙම ඕනේ නෑ මාවනැල්ල ඕඅයිසීට කෝල් එකක් දෙන්නම් කියලා දෙහිවල ඕඅයිසී කෝල් එකක් දුන්නා. ඊට පස්සේ මාවනැල්ල ඕඅයිසී කිව්වා පුතාව බය නැතුව යවන්න හෙට උදේ ම එවයි කියලා.”

ඔක්තෝබර් 24 වන දා සිය පුතු දෙහිවල පොලිසියට රැගෙන යාමෙන් පසු ඔක්තෝබර් 25 වන දා පුතා ආපසු රැගෙන ඒමට ගිය ද, පොලිසිය මොහොමඩ් සුහායිල් නිදහස් කර නොමැති අතර ඉන් දෙදිනකට පසු එනම් ඔක්තෝබර් 27 වන දා වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ බව මෙහොමඩ් රිෆායි කියා සිටියේ ය.

බන්ධනාගාරගත කළ මොහොමඩ් රිෆායි නැවත ඉදිරිපත් කර ඇත්තේ, ඊට පෙර ඔහුව නිදහස් කරන ලද ගල්කිස්ස මහේස්ත්‍රාත් වෙත ය. එදින අධිකරණයේ සිදුවු දේ ඔහුගේ පියා මෙලෙස විස්තර කළේ ය.

“ඒ විනිසුරුවරිය පොලිසියෙන් ඇහුවා මෙයාව මම නිදහස් කළේ ආයේ කොහොම ද ඇල්ලුවේ කියලා. පොලිසිය කිව්වා 25 ආයේ මෙයා දෙහිවල ඇවිල්ලා හිටියා දෙහිවලින් තමයි ඇල්ලුවේ කියලා බොරු කේස් එකක් දැම්මා.”

“ඒ ඔරොප්පුව තමයි දෙහිවල පොලිසියට තිබුණේ.”

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් මොහොමඩ් සුහායිල් දෙවන වරට දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඊශ්‍රායල් ධජය පාගා ගෙන සිටින වීඩියෝවක් බෙදා ගැනීම හේතුවෙන් බව ඔහුගේ නීතිඥ ප්‍රතිභා ගීත්ම ප්‍රනාන්දු බීබීසී සිංහල වෙත පැවසීය.

ඊශ්‍රායල් තානාපති කාර්යාලයට අනුබද්ධව දෙහිවල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පැවසුව ද, ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාවනැල්ලේදී බව මොහොමඩ් සුහායිල්ගේ දෙමව්පියන් පවසන බවත් ඊට අදාළ වීඩියෝ ද ඔවුන් සතුව පවතින බවත් නීතිඥවරයා සඳහන් කළේ ය.

“මෙයාව ගේනවා ඊට ඉස්සෙල්ලා AR රිපෝර්ට් එකකින් අයිඩෙන්ටිටි නැතුව දෙහිවල හිටියා සැකපිට අරන් ආවා කියලා. මම ඇප්ලිකේෂන් එකක් කළා දැන් අයිඩෙන්ටිය ගෙනාවා, කිසි ම වැරැද්දක් අනාවරණය වෙලා නැහැ කියලා. ඒ වෙලාවේ හිටපු විනිසුරුවරිය බැනලා එයාව රිලීස් කළා. ඇපයක්වත් දුන්නේ නැහැ, නඩු පවරන්න අදාළ නැහැ කියලා රිලීස් කළා. ඒ ඔරොප්පුව තමයි දෙහිවල පොලිසියට තිබුණේ.”

‘කිසි පදනමක් නැතිව මේ මොහොත වෙනකම් තියාගෙන ඉන්නේ’

දෙහිවල පොලිසිය මගින් මොහොමඩ් සුහායිල් සම්බන්ධව වරදක් අනාවරණය නොවන බවට වැඩිදුර වාර්තාවකින් අධිකරණයට දන්වා ඇති බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත්වරයා වෙත ඇප ලබා දීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් නීතිපති උපදෙස් ලැබෙන තුරු ඔහුව බන්ධනාගාරගත කර සිටින බවත් නීතිඥ ප්‍රතිභා ගීත්ම පැවසීය.

“මෙයාව දැනට කිසි පදනමක් නැතිව මේ මොහොත වෙනකම් තියාගෙන ඉන්නේ. පොලිසියත් මෙයා සම්බන්ධයෙන් කිසි ම කරුණක් අනාවරණය කරගෙන නැහැ දැනට. ඒ පනත යටතේ නඩු පැවරීම කියන පදනම මත උසාවියට ඇප දෙන්න විදියක් නැහැ. නීතිපති උපදෙස් එනකම් කියන කාරණාව මත තමයි රිමාන්ඩ් භාරයේ ඉන්නේ.”

පොලිසියේ ප්‍රතිචාරය කුමක් ද?

දෙහිවල පිහිටි ඊශ්‍රායල් කොන්සියුලර් කාර්යාලය ආශ්‍රිත ප්‍රදේශයේ සැක කටයුතු ලෙස රැඳී සිටියදී මොහොමඩ් සුහායිල් අත්අඩංගුවට ගත් බව මෙම සිදුවීම පිළිබඳව කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුඩ්ලර් බීබීසි සිංහල සේවයට පැවසීය.

“මෙයා 2024 ඔක්තෝබර් 24 දින දෙහිවල ඊශ්‍රායල් කොන්සියුලර් කාර්යාල ප්‍රදේශයේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. සැක කටයුතු ලෙස සිටිමේදී මෙයාව අත්අඩංගුවට අරන් තියෙනවා. වැඩිදුර විමර්ශන සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරලා මෙයා පිළිබඳ විමර්ශන කරන අතරතුර 2025.07.09 වන දින නඩු නැවත කැඳවන්න නියමිත යි.”

මොහොමඩ් සුහායිල්හට කිසිදු චෝදනාවක් නොමැති බවට පොලිසිය අධිකරණයට වාර්තා කර ඇති දැයි බීබීසී සිංහල සේවය විමසීය.

“ඒක ගැන හෙට අධිකරණ කටයුත්තකින් පස්සේ තමයි මට ලැබෙන්නේ ඒ වාර්තාව. ඒක ලැබුණාට පස්සේ අධිකරණයෙන් එන මග පෙන්වීම හා තීරණය මත ඉදිරි විස්තර ලබා දෙන්න පුළුවන්,” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මේ අතර, මොහොමඩ් සුහායිල් අත්අඩංගුවට ගෙන සිරගත කිරීම පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පසුගිය අප්‍රෙල් මාසයේදී පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබී ය.

“අපි හියුමන් රයිට්ස් එකේ අයව ගිහිල්ලා හම්බ වෙලා පුතාව අරන් ගිය වීඩියෝ එහෙම දුන්නා. පැමිණිල්ල විභාග කරනවා කියලා මේ මාසේ 23 වැනිදා එන්න කියලා තියෙනවා,” මොහොමඩ් සුහායිල්ගේ පියා බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

ස්ටිකර් ඇලවූ මුස්ලිම් තරුණයා පිළිබඳ මානව හිමිකම් නිර්දේශ

මේ අතර, පලස්තීනයට සහය පළ කරමින් ඊශ්‍රායල් විරෝධී ස්ටිකරයක් ඇලවීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මොහොමඩ් රුෂ්ඩ් අත්අඩංගුවට ගැනීම හරහා ඔහුගේ මානව හිමිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර තිබිණි.

එහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පිටු 30ක දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් CTID අධ්‍යක්ෂ වෙත, පොලිස්පතිවරයා වෙත සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වෙත වෙන වෙන ම නිර්දේශ ඉදිරිපත් කළේ ය.

එමෙන් ම, ඔහුට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙත නිර්දේශ කරන ලදී.

නීතිපතිවරයා සමග සාකච්ඡා කර, ත්‍රස්තවාදය පිළිබඳ වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විට ‘සාධාරණ සැකයේ’ ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි මාර්ගෝපදේශ සකසන ලෙස ද මානව හිමිකම් කොමිසම වැඩබලන පොලිස්පතිවරයා වෙත නිර්දේශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ ඉල්ලීම

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් සිය සංචාරය අවසන් කරමින් පැවති මාධ්‍ය හමුවේදී ත්‍රස්තවාදය වැළැක්විමේ පනත භාවිත කිරීම තාවකාලිකව නවතා දමන ලෙස රජයෙන් ඉල්ලා සිටියේ ය.

එමෙන් ම, එම පනත යොදා ගනිමින් දිගු කාලයක් තිස්සේ රඳවාගෙන සිටින රැඳවියන් සහ සිරකරුවන් කඩිනම් සමාලෝචනයකින් පසු නිදහස් කරන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේ ය.

BBC සන්දේශය

SendShareShare
Previous Post

ආණ්ඩුව විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කරන්නයි යන්නේ! එදා රනිල්ලා ගේද්දි ‘කබරයා’ වුණ පනත අද මාලිමා ආණ්ඩුවට ‘තලගොයා’ වෙලා! වෘත්තීය සමිති-දේශපාලන පක්ෂ-සිවිල් සංවිධාන විරෝධතා පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

අමෙරිකාවෙන් 30%ක බද්ද ගහලා පැය ගාණක් ගියේ නෑ! කිරිපිටි මිල වැඩිවුණා! I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.