අද වන විට රට අවාසනාවන්ත තැනකට ඇද දමලා .සෑම අංශයකින්ම අපේ ජන ජීවිත කඩාගෙන වැටිලා. ගෑස් ප්‍රශ්නය මාස තුනකට වැඩියි. අපේ රටේ සමස්ත ජනගහනයෙන් සියයට හතළිහක් ගෑස් පාවිච්චි කරනවා. ඒ ගෙවල් වලට රජය විසින් බෝම්බයක් කුස්සියට ලබාදීලා. විපක්ෂයක් විදිහට මේ පිළිබඳව දිගින් දිගටම කතා කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ලිට්රෝ සමාගමට ගිහිල්ලා මේ ගැන සොයා බැලුවා නමුත් දිගින් දිගටම රජය මේක මග ඇරියා සමාගම් වලට විතරක් මෙය ලඝු කරන්න බැහැ ලිට්‍රෝ කියන්නේරජය සමාගමක් පසුගියදා ගෑස් පිපිරීමකින් කාන්තාවක් මරණයට පත් වුණා තවත් පිරිසක් මේ වෙනකොට තුවාල ලබා සිටිනවා අලාභ හානි විශාල ප්‍රමාණයක් සිදුවෙලා රජය මොකද්ද ගත් පියවර පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමති මාධ්‍යයට නොයෙක් දේ කියනවා. පාර්ලිමේන්තුවටත් අපි කිව්වා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්න කියලා නමුත් පියවරක් අරගෙන නැහැ. ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සභාපති ඇතුළු සිරි කොරල තියෙන්නෙ විශාල අපරාධයක් මේක දැන දැන කරපු වරදක්.
ගෑස් පිපිරීම් අහඹු සිදුවීමක් නෙමෙයි ගෑස් වල ප්‍රමිතිය වෙනස් කර බව ඔප්පු වෙලා තියෙනවා තලලා පොඩි කරන්න තියෙන ටැංකි විශාල ප්‍රමාණයක් ගෑස් පුරවලා එළියට දාලා එහි ලක්ෂ හතරකට වැඩිය කල් ඉකුත් වෙච්ච එළියට දාලා දැන දැන කරපු දෙයක් බව අපට පැහැදිලියි දැන් කියනවා රතු ලේබලය තියෙන ගෑස් ටැංකි පමණක් පාවිච්චි කරන්න කියලා නමුත් ඊයේ දිනයේ රතු ලේබලය අලවපු ටැංකි පුපුරලා ඒවා ප්‍රමිතිය වෙනස් නිසා පුපුරන්නේ ඇයි සංයුතිය වෙනස් කරේ මෙය හිතාමතා ජනතාවට කර විශාල අපරාධයක් රජයක් විදියට මෙහි වගකීම කවුද ගන්නේ අද ජනතාවට ජීවිත වලින් වන්දි ගෙවන්න සිදුවෙලා ගෑස් පාවිච්චි කරන පාරිභෝගිකයා සම්පූර්ණම අසරණ වෙලා 40% ක් කියන්නේ විශාල ප්‍රමාණයක් රජයක් හැටියට ගත් පියවර මොනවාද පැහැදිලිව කියනවා ගෑස් සමාගම රටේ ජනතාව රවට්ටන්න බොහෝ උත්සාහ ගත්තා තවදුරටත් මේ තත්ත්වය වගකීම රජය භාර අරගෙන වන්දි ගෙවන්න කියලා ඉල්ලා සිටිනවා මේ දක්වා ගත් පියවර මොනවාද.
ලිට්‍රෝ ගෑස් සමාගම 100%ක් රජය සතුයි කවුද එහි සභාපති වියත් මගේ ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ කෙනෙක්. ජොන්ස්ටන් ඇමතිවරයාට හරි පාරිභෝගික ඇමතිවරයාට හරි මේකෙන් මග අරින්න බෑ එයට කැබිනට් මණ්ඩලය සියලු දෙනාම වගකියන්න ඕන සභාපතිට විතරක් ලඝු කරන්න බැහැ ඒකයි අපි කිව්වේ ඉහළ දේශපාලන බලපෑමක් උඩ ගෑස් සමාගම මේ විදියට කටයුතු කළේ කියලා ජොන්ස්ටන් ඇමතිතුමා හෝ පාරිභෝගික කටයුතු රාජ්‍ය ඇමතිවරයා මේ කාගේ හරි පිට පටවන්න හදනවා නම් රටේ ජනතාව රවට්ටන්න බැහැ මෙහි සම්පූර්ණ වගකීම රජය සතුයි.
ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ආපු ආණ්ඩුවක් ගෑස් ටිකට ආරක්ෂාව දෙන්න බැරිවෙලා මොකටද ආණ්ඩුවක් මේවාට වගකිව යුතු අයට අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.
සමගි ජන බලවේගය හැටියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දාලා තියෙනවා දැන් මාසයකට ආසන්නයි මේ වෙනකන් ගෑස් සමාගමට ගිහින් ප්‍රශ්න කරල නැහැ. මේකෙ පිටිපස්සෙ කවුද ඉන්නේ රටේ ඉහළම දේශපාලන උපදෙස් අනුව තමයි ගෑස් සමාගම මේ ක්‍රියාවලිය යෙදෙන්නේ. ගෑස් මිල වැඩි කරන්න ගෑස් සමාගම් ඉල්ලුවා එහිදී ඇතැම් සමාගම් ගෑස් ගෙන්නන්නේ නැතුව හිටියා ලිට්රෝ සමාගම විතරයි බාල ගෑස් ගෙනල්ලා ජනතාව පෝලිමේ තිව්වා. ඒ තත්ත්වය තුළ ගෑස් මිල වැඩි කරාට පස්සේ මේ තත්ත්වය උදා වුණා. හිතාමතාම රජය විසින් ඇතිකර තත්ත්වයක් ඒ නිසා තමයි තවමත් කාටවත් දඬුවම් දෙන්න කටයුතු කර නැත්තෙ. රජයට අපි කියනවා රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය පියවර ගන්න මේ තත්ත්වය තුළ රටේ විශාල විනාශයක් ඇති වෙනවා.
මේ රජය බලයට එන්න විශාල බොරු ප්‍රමාණයක් කිව්වා. කුරුණෑගල ප්‍රදේශයේ doctor shafi සම්බන්ධව විශාල පුවත් මැව්වා. එවා සියල්ල දේශපාලන ව්‍යාපෘතීන්. එහිදී මොකක්ද උනේ. ජාති ආගම් සියල්ල එළියට දැම්මා. පරීක්ෂණ කරනවා කිව්වා වෛද්‍ය සාපි අත්අඩංගුවට ගන්නවා කියලා. ඒ වෙනුවෙන් විශාල මාධ්‍ය ප්‍රචාරණයක් දුන්නා . වද මව්වරු එදා ඇති කරා කිව්වා. සිය දහස් ගණන් ගෙනල්ලා මාධ්‍ය සන්දර්ශන දැම්මා. ඒ තුළින් රටේ ජනතාවට ජාති ආගම් බේද ඇති කරා .එහෙමයි මේ ආණ්ඩුව ඡන්දය ගත්තේ. අද මොකක්ද වෙලා තියෙන්නේ. මේ රජය පත්වුණාම ඒ සම්බන්ධව පරීක්ෂණ කරා කිසි දෙයක් ඔප්පු කරගන්න බැරුව ඒවා සීයට සීයක් බොරු වෙලා. මහාචාර්ය ජයසුමන කොච්චර බොරු කිව්වද. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සාපිට රැකියාව ලබා දීලා හිඟ වැටුප් ගෙවන්නත් අනුමත කරලා. මේ දේවල් මැතිවරණය වෙනුවෙන් කරපු බොරුවක්. ජාතීන් අතර බේද ඇති කරන්න එය කොච්චර අවාසනාවන්ත තත්වයක්ද. මේ තත්ත්වය තුළ මොනතරම් අපහසු කම් ඇති වෙන්න ඇත්ද. රටේ ජනතාව අපහසුතාවයට පත්වුණා. එවැනි තත්ත්වයක් මවා පාලා බොරු කියලා මිනිස්සු රවට්ටලා බලය අරගෙන අද මොකක්ද කරන්නේ. නැවතත් මේ රටේ මිනිස්සු රවට්ටමින් ඉන්නවා. ජනතාවගේ ප්‍රශ්න උග්‍ර අතට ගිහිල්ලා. රට බංකොලොත් තැනකට අරගෙන යනවා. ඒ අතර රාජපක්ෂ පවුල සහ ඇමති මණ්ඩලය රටේ ජනතාවට විහිළු සපයමින් නඩුටික නිදහස් කර ගනිමින් ඉන්නවා.
මේ රජය බලය ගන්න අවිය විදිහට පාවිච්චි කළේ ජාතිවාදය ආගම්වාදය පැහැදිලිව කියනවා අවාසනාවන්ත තත්වයකට මේ රටේ ඇදලා දාලා ජාතීන් අතර ප්‍රශ්න ඇති කරලා ආගම් අතර ප්‍රශ්න ඇති කරමින් හිට්ලර්ගේ දේශපාලන ව්‍යාපෘතිය සිදුකරනවා ඒ අය තමන්ගේ බලය රැක ගන්න කර සියල්ල අද බොරු බවට ඔප්පු වෙලා.
රජය අය වැය සම්මත කරන්න 157 ඡන්දය දුන්නා එසේ ඡන්දය දීලා එලියට ඇවිත් මාධ්‍යයට වෙන දෙයක් කියනවා හේතුව ඒ අයට ගමට යන්න බෑ වාසුදේව නානායක්කාර විමල් වීරවංශ උදය ගම්මන්පිල ආණ්ඩුවට ඡන්ද දීලා වරප්‍රසාද ලබාගෙන එලියට ඇවිල්ල ජනතාවට කියනවා අපි මේකට විරුද්ධයි කියලා ඔය කියන ඇමතිවරු තුන්දෙනාම යුගදනවිය ගැන නඩු පවරා තියෙනවා එහිදී නීතීඥවරු කිව්වා මේ ඇමතිවරුන්ගේ සාමූහික වගකීම කඩාකප්පල් කිරීමක් කියලා ඇමතිවරු එකට ඉඳගෙන යුගදනවි එක දෙන්න අත උස්සලා අනිත් පැත්තෙන් උසාවියට ගිහිල්ලා නඩු දානවා ඒක සම්පූර්ණ විහිළුවක් හා ජනතාව රැවටීමක්.










