• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාතරට මොකද්ද කරන්නේ? ඉස්සරහට එන්න තියෙන ලොකු අවදානමක් ගැන ජනාධිපති ලේකම් කාර්යාලයේ ලොකු සාකච්ඡාවක්! PHOTOS I Sri Lanka Latest News

March 13, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.Sri Lanka Latest News

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ මෙම ගැටලුව හා සම්බන්ධ සියලුම අමාත්‍යාංශ හා ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (12) පැවැති සාකච්ඡාවේදීය.

නිල්වලා ලවණ බාධක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවේ ප්‍රගතිය විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි. එම සාකච්ඡාවේ දී නිල්වලා ලවණ බාධකය හේතුවෙන් මාතර ප්‍රදේශයට බලපාන ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා දිගුකාලීන සහ කෙටිකාලීනව ගත හැකි ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා පියවර ගැනීමට සියලුම පාර්ශ්ව එකඟ වූහ. මෙම සාකච්ඡාවේ දී ඒ සම්බන්ධ ප්‍රගතිය විමසා බලන ලදී.

ඒ අනුව දීර්ඝකාලීන විසඳුම් සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තා කරන ලෙසට පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා අනුබද්ධිත ඉංජිනේරු සැලසුම් මධ්‍යස්ථානය වෙත පවරා ඇති බව නිලධාරීන් විසින් දැනුම් දෙන ලදී. එහිදී ලවණ බාධකය ඉදිකිරීමෙන් අනතුරුව පැන නැඟී ඇති තත්වය සැලකිල්ලට ගෙන විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවටද කරුණු ඉදිරිපත් කරන ලදී.

කෙටි කාලීන විසඳුම් ලෙස හදිසි ගංවතුර තත්වයක් ඇති වුව හොත් ජලය වේගයෙන් බැස යා හැකි ලෙස මේ වන විට ගඟෙහි පවතින ගස් ඇදවැටීම් වැනි බාධක ඉවත් කිරීමට සහ ඇළ වේලි සුද්ද පවිත්‍ර කිරීමටත්, මීට පෙර ජල සම්පාදන මණ්ඩලය විසින් වැලි කොට්ට යොදා ඉදිකරන ලද තාවකාලික ලවණ බාධකය ඉවත්කිරීමට කටයුතු කර ඇති බවටත් මෙහිදී තොරතුරු වාර්තා කරන ලදී.

එමෙන්ම, අප්‍රේල් මාසය වන විට නිල්වලා ගං මෝය ගැඹුරු කිරීමටත්, ගංවතුර තත්ත්වයකදී අමතර ජලය තාවකාලිකව රඳවා ගැනීමට හැකිවන පරිදි ඇළ මාර්ග ගැඹුරු කිරීමටත් පියවර ගෙන ඇති බව දන්වා සිටින ලදී. තවද, ජලය කඩිනමින් ඉවත් කිරීමට යොදවා ඇති ජල මෝටර්වල ධාරිතාව ඉහළ නැංවීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙහිදී යෝජනා කරන ලදී.

මීට අදාළව ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක්ම මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මාතර නිල්වලා ගඟේ ඉදි කර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවටද, කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවටද ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-03-12

SendShareShare
Previous Post

76 අවුරුදු සාපය ගැන සජබ මහලේකම් මද්දුමබණ්ඩාර කතා කරයි! මාලිමාවේ මන්ත්‍රීවරු අහන් ඉඳී! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ බටලන්ද රට වටේ යන්න පටන් ගනී! වහාම රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු! නඩු පවරනු! ගාල්ලෙන් අත්සන් ව්‍යාපාරයක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.