පාස්කු ප්‍රහාරය ගැන තමන් දන්නා දේ කියන්නදැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසා සිටියේය.
අමාත්‍යවරයා එසේ කියා සිටියේ අද දින තමන් සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා අසත්‍ය ප්‍රකාශ සිදු කොට ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.










