අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවැති සිය පක්ෂයේ මැයි රැල්යේදී අදහස් දැක්වීය.
ඒ මහතා කියා සිටියේ අවම තරමින් ඒ පිළිබදව සලකා බැලීමට හෝ ජනාධිපතිවරයා තනතුරින් ඉවත් විය යුතු යැයි කියාය.
ඊට රැස්ව සිටි ජනතාවද එකගතාව පළ කරමින් ප්‍රතිචාර දක්වනු දැකගන්නට ලැබිණ.










