• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තැන රාජගිරිය! ලිපිනය කෝට්ටේ! පොලීසිය වැලිකඩ! යනකොට බලාගෙනයි! Sri Lanka Latest News

April 11, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
තැන රාජගිරිය! ලිපිනය කෝට්ටේ! පොලීසිය වැලිකඩ! යනකොට බලාගෙනයි!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැලිකඩ පොලිසිය කියන්නේ අමුතු තැනක්. ඒකට හේතුව තමයි මේ වැලිකඩ පොලිසිය කියන ආයතනය, එහෙම නැත්නම් ගොඩනැගිල්ල පිහිටලා තියෙන්නේ කොහොමද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් ඕනේ කෙනෙක් කියන්නේ වැලිකඩ පොලිසිය තියෙන්නේ රාජගිරියේ කියලා. වැලිකඩ පොලිසිය රාජගිරියේ තියෙනවා වගේම අපි වැලිකඩ පොලිසියේ ලිපිනය හෙව්වොත් ඒක ඊට වඩා වෙනස් එකක්. වැලිකඩ පොලිසියේ ලිපියන ශ්‍රී ජයවර්ධනපුර මාවත, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. එතකොට පොලිසියේ නම වැලිකඩ පොලිසිය. අපි දන්නේ පොලිසිය තියෙන්නේ රාජගිරියේ කියලා. ලිපිනය ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ඒ නිසාම වැලිකඩ පොලිසිය කියන්නේ අදෘශ්‍යමාන ස්ථානයක්. සාමාන්‍යයෙන් අපි දන්නවා දිවුලපිටිය පොලිසිය තියෙන්නේ දිවුලපිටියේ. වවුනියාව පොලිසිය තියෙන්නේ වවුනියාවේ. ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ මේ හැම තැනකම අදාළ ප්‍රදේශයේ තමයි මේ පොලිසිය තියෙන්නේ සහ ඒ ප්‍රදේශයට තියෙන නම්ගම් බොහොම සමානයි. හැබැයි මේ වැලිකඩ පොලිසිය කියන එකේදී අර්බුදකාරී තත්ත්වයක් තියෙන බව පේනවා නම ගම පවා හරිම අවුල්සහගතයි. Sri Lanka Latest News

වැලිකඩ පොලිසියේ ඉතිහාසය ගැන කතා කළොත් වැලිකඩ පොලිසිය මේ ප්‍රදේශය ඇතුළේ වඩා වැඩ පෙන්වන බවට පත්වෙන්නේ රාජගිරියේ බරපතළ ලෙස පැතිරුණු අපරාධකාරයන්ගේ පාරාදීසයත් එක්ක. රාජගිරියේ අමරසිංහලාගේ පරම්පරාව, පැටීලා, චින්තක අමරසිංහලා වගේ කට්ටිය හොඳටම වැඩ පෙන්නන කාලේ වැලිකඩ පොලිසියටත් සිද්ධ වුණා ඒ අයත් එක්ක ඍජුව ගැටෙන්න. එතකොට වැලිකඩ පොලිසියට එන ඕ.අයි.සී. මහත්තයා හොඳ කෙරුම්කාරයෙක් විදියට තමයි ඒ කාලේ වැඩ කළේ. පොලිසිය සාමාන්‍යයෙන් නීතියෙන් ලැබිලා තියෙන බලපරාක්‍රමයට එහා ගිය බලපරාක්‍රමයක් පෙන්නන්න සිද්ධ වුණා කියලා අපි අහලා තියෙනවා සහ මේ ස්ථානයේදීම තුන්මුල්ලේ පද්මේ ඝාතනයට ලක්වෙනවා පොලිසිය ඉදිරිපිටදීම මේ කාලේදිම. ඒ වගේම රාජගිරිය ආශ්‍රිතව හිටපු විවිධ අපරාධකරුවන් තමන්ගේ බලපරාක්‍රමය පෙන්වමින් එළිපිට මනුෂ්‍ය ඝාතන සිද්ධ කරමින් වැලිකඩ ප්‍රදේශය තනිකරම විශාල ආන්දෝලනාත්මක ප්‍රදේශයක් බවට පත්කරගෙන තිබුණා. මේ කාරණාත් එක්ක ගත්තම වැලිකඩ පොලිසියටත් ඒ කාලේ හරියට වැඩ වැඩියි. සාමාන්‍යයෙන් ගමේ තියෙන පොලිසියකට එහා ගිය වැඩ ටිකක් වැලිකඩ පොලිසියට පැවරිලා තියෙනවා.

වැලිකඩ පොලිසියේ ඕ.අයි.සී. මහත්තයටත් පාරට බැහැලා මිනිස්සුත් එක්ක ගහගන්න තැනට පත්වෙන්න වෙලා තියෙනවා. තුම්මුල්ලේ පද්මෙත් එක්ක වැලිකඩ පොලිසියේ ඕ.අයි.සී. පාරේ ගහගත්තා කියලා ඒ ගැන දන්න අය කතන්දරවල කියනවා. මේ කයිකතන්දරත් එක්ක වැලිකඩ පොලිසිය සාමාන්‍ය පොලිසියකට වඩා ප්‍රබල ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා එදා වගේම අදත්. මොකද ඒකට හේතුව වැලිකඩ පොලිසිය තියෙන්නෙත් ඉතාම තදබල නාගරික ස්ථානයක. ඒ නිසාම වැලිකඩ පොලිසියට සාමාන්‍ය ගමක පොලිසියට තියෙන රාජකාරිවලට වඩා වෙනස් රාජකාරි ටිකක් තමයි පැවරිලා තියෙන්නේ.

කොහොම වුණත් වැලිකඩ පොලිසිය පොලිස් ස්ථානයක් විදියට අමාරු රාජකාරි කරන තැනක් බවත් අපි පිළිගන්නවා. ඒකට හේතුව විවිධ ප්‍රශ්නවලට වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගන්නේ වැලිකඩ ප්‍රදේශවාසීන්ව නෙවෙයි. බොහෝ දෙනෙක් වැලිකඩ හෝ රාජගිරිය හෝ කෝට්ටේ හෝ අදාළ ප්‍රදේශයේ කුමන හෝ රාජකාරියට, කුමන හෝ අවශ්‍යතාවකට පිටස්තර සිට පැමිණි අය. එතකොට මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ අයගේ පවුලේ අය හෝ ඒ අයගේ ඥාතීන් හිතවතුන් පොලිසිය එක්ක ඍජු හෝ වක්‍ර සම්න්ධතාවක් පවත්වන අය නෙවෙයි. ඒ වගේම මේ පුද්ගලයන්ගේ ඉතිහාසය හෝ ඒ පුද්ගලයෝ කවුද කින්ද මන්ද කියන එක සම්බන්ධව පොලිසියට අවබෝධයක් නෑ. ඔවුන් පොලිසියට රැගෙන ආවට පස්සේ ඒ සිද්ධියට අදාළව සැකකරුවා නම් ඒ සැකකරුවා කියන මානසිකත්වයේ ඉඳලා තමයි වැලිකඩ සහ මේ කොටුව වගේ නාගරික ප්‍රදේශවල පොලිසි වැඩිපුරම රාජකාරි කරන්නේ. එතකොට කවුරුත් වැලිකඩ පොලිසියට ඇවිල්ලා අපේ ගමේ කෙනෙක් අත්අඩංගුවට ගත්තා, අපේ ඥාතියෙක් අත්අඩංගුවට ගත්තා කියලා කෑකෝ ගැහිල්ලක් සිද්ධ වෙන්නේ නෑ.

අඟුලාන පොලිසියෙත් සිද්ධ වුණේ මෙන්න මේ වැඩේ. අඟුලාන ප්‍රදේශවාසීන් වෙච්ච තරුණයෝ දෙන්නෙක් අත්අඩංගුවට ගත්තාම, මේ පුද්ගලයෝ දෙන්නා පොලිසියේ ඕ.අයි.සී.ගේ අනියම් බිරියට කුමන හෝ උසුළු විසුළු කළා කියලා පොලිසියට අරගෙන ආවාට පස්සේ ඒ පොලිසියට අරගෙන ගිය පුද්ගලයෝ දෙන්නා පොලිසියේ ඉන්න ආකාරය කවුරුහරි කෙනෙක් දැකලා ගිහිල්ලා කියනවා.

ඉතිහාසේ ගැන හොයා බලද්දී වැලිකඩ පොලිසිය තුළදී මියගිය ප්‍රථම පුද්ගලයා රාජ්කුමාර් කියන කාන්තාව නෙවෙයි. රාජ්කුමාර්ට කලිනුත් මේ විදියේ සිද්ධියක් සිද්ධ වෙලා තියෙන බව කියැවෙනවා. නමුත් මේ පොලිසි තුළ පුද්ගලයෝ මියගියාම මේ මියයන පුද්ගලයන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් කිසිදු සටහනක් කොහෙවත් තැනක දකින්න ලැබෙන්නෙවත් නෑ. ඒ නිසා ඒ මිනිස්සු මැරුණේ කොහොමද කියන එක ගැන වාර්තා පොත්වලට යන්නේ වෙනස්ම විදියට. අඟුලාන පොලිසියේ සිද්ධිය ගැන කලින් කතාකරපු නිසා අපි ඒ ගැන කියලා ඉන්නවා. අඟුලාන පොලිස් ස්ථානයට ගමේ තරුණයෝ දෙන්නෙක් අරගෙන එනවා. ඔවුන්ව රැගෙන එන්නේ ඉතා පුද්ගලික ප්‍රශ්නයකට. මේ පුද්ගලයෝ අතුරුදන් වෙලා, ඔවුන් ආගිය අතක් නැතුව අපරාධයකට සම්බන්ධ පුද්ගලයෝ විදියට පාතාලය විසින් ඝාතනය කළා කියලා සිද්ධිය ඉදිරියට අරගෙන යන්න තමයි පොලිසිය සැලසුම් කරන්නේ. නමුත් අඟුලාන ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙක් පොලිසියේ කුමන හෝ රාජකාරියකදී මේ තරුණයෝ දෙන්නා පොලිසියට අරගෙන එනවා දකිනවා. ඔහු ගිහිල්ලා ඒ ගැන ගමට කිව්වට පස්සේ අඟුලාන ගමේ මිනිස්සු ඇවිල්ලා තමන්ගේ ගමේ තරුණයන් දෙන්නා වෙනුවෙන් පොලිසිය ඉදිරිපිට විශාල කලබලයක් ඇතිකරනවා. නමුත් ඒ වෙනකොටත් ඔවුන් දෙදෙනා ඝාතනය කරලා අවසානයි. ඔවුන් ඝාතනය කරලා වෙනත් ස්ථානයකට ගිහින් දාන්න සැලසුම් කළත් වැඩේ හරියන්නේ නෑ. අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති සහ පිරිසක් අත්අඩංගුවට පත්වෙනවා ඒ සිද්ධියත් එක්ක. මේ ස්ථානාධිපතිවරයා හිරගේ ඇතුළෙදී කකුල් දෙකම කපලා ඉතා දුෂ්කර කාලයක් ගතකරලා මියයනවා. මේවා ඊළඟ ස්ථානාධිපතිතුමන්ලාටත් හොඳ පාඩම් බවත් මතක තියාගන්න ඕනේ.

මේ කතාව මෙහෙම කියාගෙන යනකොට අතරමගදී මතක් වුණු තැනක කාරණාවක් කියන්නම්. ලංකාවේ ඉන්නවා එහෙම නැතුව ඉතා හොඳින් රාජකාරි කරන ස්ථානාධිපතිවරු. එහෙම අපිට ඕනේ තරම් ස්ථානාධිපතිවරු හම්බවෙලා තියෙනවා. තමන්ගේ ගමේ කටයුතුවලට ඇවිල්ලා, කලා කටයුතුවලදී උදව්පදව් කරලා, ඒවට අවශ්‍ය කරන මිල මුදල් ටික දීලා, තමන්ගේ දරුවන්ගේ, තමන්ගේ ඥාතීන්ගේ කාරණාවලට මැදිහත් වෙලා ඉතා හොඳින් රාජකාරි කරන පොලිස් ස්ථානාධිපතිලා නැත්තේ නෑ. උතුරේ ඉන්නවා දකුණේ ඉන්නවා එහෙම ස්ථානාධිපතිලා. විශේෂයෙන්ම උතුරේ. තමන්ගේ පොලිසියේ ස්ථානාධිපතිට ‘ගාන්ධි’ කියන උතුරේ මිනිස්සු අපි දන්නවා. පොලිසියේ ස්ථානාධිපතිට යන්න නොදී, පොලිසියේ තියාගන්න උත්සාහ කරපු මිනිස්සු ගැන අපි අහලා තියෙනවා. පොලිසිය ආසන්නයේ තැන්වල දැකපු එක්තරා අපරාධකාරයෙක්ව ඔහුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තාමත් ඒ ගම්වල මිනිස්සු කතාවෙනවා. මේ අපරාධකාරයා වැරැදිකරුවෙක් බව දැන දැනම ඕ.අයි.සී. මහත්තයා ඔහුව පාරෙදී දකිනවා. දැක්කම ගිහිල්ලා ඔහුව අල්ලගන්නවා. අල්ලගෙන කියනවා ‘මම තමුසෙව අත්අඩංගුවට ගන්න නෙවෙයි ආවේ, මම තමුසෙත් එක්ක තේ එකක් බොන්න ආවේ. එනවා යන්න අපි තේ එකක් බොමු’ කියලා කඩේකට ගිහිල්ලා, මිනිහට තෝසේ වඩේ අරගෙන දීලා තේ බීලා කියනවා ‘අපි දෙන්න යාළුවො. මින් පස්සේ මොනවා හරි වුවමනාවක් තියනවා නම් මට කතා කරන්න. සල්ලි නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. හැබැයි මමත් ඕනේ වෙලාවක ඔයාට කතා කරනවා. මට සල්ලි බාගේ වැඩක් නෑ, හැබැයි මට උදව්වක් ඕනේ වුණොත් ඉල්ලනවා’ කියලා. මේ හොරෙන් තල් ගස් කප කපා හිටපු මනුස්සයා ඉන් පස්සේ කරන්නේ මොකක්ද? ඕ.අයි.සී. මහත්තයාගේ මූණ බලාගෙන මේ වැඩ කරන්නේ කොහොමද කියන තැනට ඇවිල්ලා ඔහු මේ අපරාධ කරන එක නතර කරලා දානවා. ඒ වගේ කතන්දර උතුරේ අපිට හම්බවෙනවා. නමුත් දකුණේ මේ වගේ පොලිසිවල මේ සිද්ධියේ තියෙන භයානකකම සහ මේකේ වපසරිය හඳුනාගැනීමයි වඩාත් වැදගත් වෙන්නේ.

අඟුලාන පොලිසියේදී මේ සිද්ධියෙන් අඟුලානේ මිනිස්සු පාරට බැහැපු නිසා අඟුලානේ තරුණයන් දෙන්නට ඍජුව සාධාරණයක් ඉෂ්ට වෙනවා. මේ කාරණාවේ ඊළඟ කොටස තමයි රාජ්කුමාර් කොළඹ ප්‍රදේශයේ ඥාතියෙක්වත් නැති කන්ද උඩරටින් වතුකරයෙන් ආපු ගෑනු කෙනෙක්. රාජ්කුමාර්ව පොලිසියට ගෙනල්ලා රාජ්කුමාර්ට ගහලා, ඈට දෙන්න පුළුවන් වධ සියල්ලම දීලා, පැය 20ද, 24ද, 48ද, 56ද, 80ද ප්‍රශ්නයක් නෑ. කවුරුත් ඇවිල්ලා පොලිසිය වටකරන්නේ නෑ. පොලිසිය වටකරන්න වතුකරෙන් මිනිස්සු ගේන්න රාජ්කුමාර්ට විශාල සල්ලියක් තියෙන්න ඕනේ. බස් හතරක පහක මිනිස්සු ගේන්න ඕනේ. ඒ නිසා වැලිකඩ පොලිසියට මේ වගේ ප්‍රශ්නවලදී ඇතිවෙන්න පුළුවන් පීඩනය වෙනස්. ඒ වගේම රාජ්කුමාර්ගේ ඉතිහාසයක්වත්, වර්තමානයක්වත්, අම්මා තාත්තාවත්, පවුලේ අයවත් කවුරුවත් වැලිකඩ පොලිසියේ කිසිම නිලධාරියෙක් දන්නේ නෑ. සාමාන්‍යයෙන් ගමක පොලිසියක් තියෙනකොට ඒ පොලිසියේ වැඩකරන නිලධාරීන් 50ක් 60ක් ඉන්නකොට අඩුම තරමේ ප්‍රජා පොලිස් ඒකකය ඇතුළේ වැඩකරන නිලධාරියාටවත් අවබෝධයක් තියෙනවා මේ පුද්ගලයා කවුද, අම්මා තාත්තා කවුද, ඥාතීන් කවුද, ඔහුගේ ඉතිහාසය මොකක්ද, ඔහු දැන් කරන රස්සාව මොකක්ද, මීට කලින් කරපු රස්සාව මොකක්ද වගේ දේවල් ගැන. එහෙම නැත්නම් ගමේ කෙනෙක්ගෙන් අහලා දැනගන්න පුළුවන්.

ගමේ ඕනෑ තරම් අය මේ පුද්ගලයාව දන්නවා. නමුත් වැලිකඩ පොලිසියට සිද්ධ වෙන්නේ එහෙම කිසි දෙයක් නොදන්නා පුද්ගලයන් සමග රාජකාරි කරන්න. රාජ්කුමාර්ගේ සිද්ධියෙදීත් ඒක ඒ විදියම තමයි. රාජ්කුමාර්ගේ සිද්ධියේදී එක්තරා ප්‍රසිද්ධ කාන්තාවක් මේ පිළිබඳ පොලිසියට දැනුවත් කරලා ඒ දැනුවත් කිරීමත් එක්ක පොලිසිය ඒ කටඋත්තරය මත පිහිටා අදාළ කාන්තාව අත්අඩංගුවට ගන්නවා. එපමණයි. මේ කාරණාව ඇතුළේ සිද්ධ වෙන දේ.

රාජ්කුමාර්ට සාධාරණය ඉෂ්ට වුණාද කියන එකේදී අපි දකින දේ තමයි රාජ්කුමාර්ටත් ඇත්තටම සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ සහ රාජ්කුමාර්ට ඉෂ්ට වෙන්න පුළුවන් සාධාරණය මොකක්ද? ඝාතනය වුණාට පස්සේ පවුලේ මිනිස්සුන්ට, දරුවන්ට, මවුපියන්ට තමන්ගේ දුව ගෙනත් දෙනවා හැර වෙන සාධාරණයක් නෑ. එහෙම නැත්නම් රටේ විය යුත්තේ ඇය හෝ ඔහු මියයනතුරු හම්බකරනවා යැයි විශ්වාස කරන මුදල ඊට අදාළව ගෙවා දමන්නට පොලිසියට කටයුතු කරන්න අධිකරණයෙන් නියෝග කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ මනුස්සයා මැරුණට පස්සේ මනුෂ්‍ය ඝාතකයා අත්අඩංගුවට අරගෙන ඔහුව හිරේ දැම්මා කියලා ඔහුට වධ දුන්නා කියලා ඒකෙන් මේ අහිංසක මිනිස්සුන්ගේ දේවල්වලට දේපළවලට හම්බවෙන සාධාරණයක් නෑ.

ආසන්න සිද්ධියේදී වෙන්නේ තරුණයෙක් වැලිකඩ පොලිසිය තුළදී මියයෑම. ඒක හරිම සාමාන්‍ය සිදුවීමක් විදියට තමයි දවස් කීපයක් තිස්සේ තිබුණේ. ඔහු නිමේෂ් සත්සර කියන තරුණයා. ඔහු බදුල්ල පැත්තේ ඉඳලා කොළඹ ආපු කෙනෙක්. නැවතිලා ඉන්නේ පන්සලක. ඔහු නර්තනයට හපන් කෙනෙක් කියලා අපි දැක්කා ඔහුගේ වීඩියෝ තියෙනවා. ඒ වගේම ඔහු විලාසිතාවලට පැමිණී තරුණයෙක්. ඔහු බොහොම ලස්සන පින්තූර කීපයක් සමාජ මාධ්‍යවලට එකතු කරලා තිබුණා. ඔහුගේ හැසිරීම් පිළිබඳ යම් ගැටලුවක් හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නවා වැලිකඩ පොලිසිය. මේ අත්අඩංගුවට ගැනීමේදී අපි කලින් කියපු කාරණාවයි බලපාන්නේ. ඔහුගේ ඉතිහාසයක් හෝ ඔහුගේ ඥාතීන් හෝ ඔහුගේ තත්ත්වයක් හෝ ඔහුගේ පවුල් පරිසරයක් හෝ පිළිබඳ කිසිදු අවබෝධයක් කිසිවෙක්ට නෑ. ඒ නිසා මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සහ එතැන් සිට ක්‍රියාකාරීත්වය විතරයි වැලිකඩ පොලිසිය තුළ සිද්ධ වෙන්නේ.

ඔහු පිළිබඳ හොයනවා. ඔහුගේ ඇඳුම් වැලිකඩ පොලිසියේ කුණුබක්කියේ තිබිලා හම්බවෙනවා. ඊට පස්සේ ඔහුව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කරනවා. ඔහු හිසගසාගත් බව කියනවා. විවිධ කතා කියනවා. මේ කාරණාවෙදීත් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිතුමන්ව ස්ථාන මාරු කරනවා. කීප දෙනෙක්ගේ වැඩ තහනම් කරනවා.

ඒ නිසා මෙවැනි සිදුවීම් යළි සිදු නොවන්නට පොලිසියට වගකීමක් තියෙන බවයි අපි විශ්වාස කරන්නේ. රටක රාජ්‍යය තුළ ආරක්ෂාව තහවුරු කිරීම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම පොලිසියේ රාජකාරියක්. ශ්‍රී ලංකාවේ පොලිසිය තමන්ට පැවරිච්ච රාජකාරිවලටත් එහා ගිහින් රාජකාරි කරන ඉතාම හොඳ ආයතනයක්. අපි ඒකට කිසිම චෝදනාවක් කරන්න කැමැති නෑ. ඒකට හේතුව අපි දන්නවා සාමාන්‍යයෙන් ගමේ රාජකාරිවලින් වැඩි ප්‍රමාණයක් කරන්නේ පොලිසිය. ඒත් මේ වගේ ඝාතනවලදී ඔවුන් සාධාරණීකරණයට ලක්කළ පුද්ගලයාගේ සිට අත්අඩංගුවට ගතයුතුයි. ඔවුන් වැරැද්දක් නොකළ බවට බොරු ප්‍රකාශ කරපු කෙනාගේ සිට අත්අඩංගුවට ගෙන මෙවැනි සිදුවීම් යළි සිදු නොවන තැනට රට ගෙන ආ යුතුයි. එසේ නොවුණොත් බූස්සේදී පවා පුද්ගලයන් මියයන තැනට රට පත්වීම භයානක තත්ත්වයක්. ඒකට හේතුව වෙන්නේ ජිනීවාවලදී අපිට විරුද්ධව ඉදිරියට එන චෝදනාවලට සාක්ෂි සැපයීම අපි විසින් දැන් කරගෙන යන නිසා. එවැන්නක් සිදුවුණොත් පාඩු විඳින්න වෙන්නේ වැලිකඩ ඕ.අයි.සී. මහත්තයාටවත්, වැලිකඩ පොලිස් නිලධාරීන්ටවත්, බූස්සේ රැඳවියාටවත්, මේවාට අනුබල දෙන එවුන්ටවත් නෙවෙයි. මුළු රටටම.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බටලන්ද විවාදය අස්සේ ජනපති ප්‍රේමදාස විජේවීර්ට යවපු ලියුම පාර්ලිමේන්තුවට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ශිහාන් ලක්ෂ 15යිලු! චාමර ලක්ෂ 14යිලු! වස්තිලා ලක්ෂ 7යිලු! ඉතින් අපිට පාන්ද? එපා නම් නිකන් හිටහල්ලකො! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.