මොරටුව, ලුනාව, උයන පාර, ශ්‍රී බෝධිරාජාරාමාධිපති, මොරවක දංගල කළුබෝවිටියන රුවන්කන්ද රාජ මහා විහාරාධිකාරී, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ගෞරවාර්හ අගලකඩ සිරිසුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේත මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන, සානුනායක කාරක සංඝ සභාව පිරිනමන ලද නායක පදවියේ සන්නස් පත්‍රය ප්‍රදානය හා අභිනන්දන උළෙල එම පාර්ශ්වයේ අනුනායක ධුරන්‍ධර, අග්ගමහාජෝතිකධජ ගෞරවාර්හ නියංගොඩ විජිතසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී සිදු කෙරිණි.
ශාසනික වූත්, සාමාජික වූත්, ධර්ම ශාස්ත්‍රීය වූත්, ජාතික වූත්, සෑම අංශයකම ක්‍රියාකාරී කෞශල්‍යයෙන් යුත් මහාචාර්ය අගලකඩ සිරිසුමන මාහිමියෝ නූතන සඟ පරපුර නියෝජනය කරන මහා යති රුවනකි. මෙම උත්සව අවස්ථාවට පූජ්‍යපාද මහා සංඝරත්නය ප්‍රමුඛ අතිවිශාල පිරිසක් සහභාගීව සිටියහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම අවස්ථාවට එක්වූ අතර,බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ වෙත පිරිකර පූජා කිරීමේ අවස්ථාවට ද එක් විය.



















