අද වනවිට කොරෝනා රෝගීන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, ආණ්ඩුව එම තත්ත්වය ගුරුවරුන් පිට දමා අත පිසදා ගැනීමට සූදානමින් සිටින බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කර සිටියේය.
පාර්ලමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රශ්න කර සිටියේ ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට කොරෝනා වැළදුණේ ගුරු උද්ඝෝෂණවලට සහභාගී වීමෙන් පසුවදැයි කියාය.








