• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වීරසේකරගෙයි-දේවානන්දාගෙයි ලේකම්වරු වැඩ පෙන්වයි! උසාවි නියෝගයට කලින් කොටින්ගේ රත්තරන් ගොඩගන්න ගිහින්! මිනිස්සුන්ට එක නීතියක්! ලේකම්ලාට තව නීතියක්ද!

December 1, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
වීරසේකරගෙයි-දේවානන්දාගෙයි ලේකම්වරු වැඩ පෙන්වයි! උසාවි නියෝගයට කලින් කොටින්ගේ රත්තරන් ගොඩගන්න ගිහින්! මිනිස්සුන්ට එක නීතියක්! ලේකම්ලාට තව නීතියක්ද!
Share on WhatsAppShare on Facebook

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්‍රන් තොගයක් අධිකරණ නියෝගයක් මත ගොඩ ගැනීමට පෙර එම රත්‍රන් තොගය ගොඩ ගැනීමට තැත්කළ ඇමැති ලේකම්වරුන් දෙදෙනකු ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙලෙස පරීක්ෂණ අරඹා ඇත්තේ කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ කාර්යමණ්ඩල ලේකම්වරුන් දෙදෙනකු සම්බන්ධවය.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ ය මගින් වළදමා ඇතැයි කියන මෙම රත්‍රන් තොගය පිළිබඳ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව මෙමස 25 වැනිදා කැණීම් කිරීමට සැලසුම් කර තිබී ඇත.

නමුත් මහවිරු සැමරුම් තැනින් තැන පැවතීම මත එහි කැණීම් දෙසැම්බර් 02 වැනිදාට කල් දමා තිබේ.

ඒ අතරේ ඉකුත් 23 වැනිදා මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සහ ධීවර ඇමැතිවරයාගේ ලේකම්වරයකු පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවෙසට ගොස් තමන් සැලසුම් කර ඇති කැණීම් කටයුත්තක් සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවත් නොවැම්බර් 25 වැනිදාට කලින් රහසිගතව එය කිරීමට සහාය වන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එහෙත් එම ඉල්ලීම ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.

අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන් දෙදෙනාගේ මෙම පැමිණීම සම්බන්ධයෙන් දින කිහිපයකට පසු මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට තොරතුරු ලැබී විමසන තෙක් පුදුකුඩිඉරිප්පු ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර නැත.

ඒ පිළිබඳව මුලතිව් සහකාර පොලිස් අධිකාරි ලසන්ත විතාරණ යටතේ මේවනවිට විමර්ශනයක් ද ක්‍රියාත්මක වේ.

පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට එම පත්වීම ලැබී ඇත්තේද ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දගේ නිර්දේශයකට අනුව බවටද තොරතුරු අනාවරණය වේ.

අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු රත්‍රන් ගොඩගැනීමට යාම පිළිබඳව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඊයේ (30 වැනිදා) වාර්තාවක් ද යවා තිබේ.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන පුද්ගලයකු සමග ගොස් බලහත්කාරයෙන් ඉඩම් මැනීමකට හා එම ඉඩම් හිමි කතගේ නිවස පරීක්ෂා කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් ද පොලිස්පති නියමයෙන් ඊයේ (30 වැනිදා) පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

දිවුලපිටිය උල්වලහෙල, සියඹලාගහවත්තේ වූ තම ඉඩමට පැමිණ බලහත්කාරයෙන් ඉඩම මැනීමට උත්සාහ කළ බවට සමන්ති ජයකොඩි නමැති ඉඩම් හිමි කාන්තාව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය අරඹා ඇත.

තමාගේ නිවසට දෙවැනි වරටත් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් වෑන් රථයකින් හා යතුරුපැදියකින් ඉකුත් 27 වැනිදා පැමිණ සෝදිසි කර ගිය බවට මෙම කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන්ය. ඇය පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසක් තම ඉඩමට ඇතුළු වූ දර්ශන ද දිවුලපිටිය පොලිසියට ලබාදී ඇත.

තමාගේ ඉඩමට අසල්වැසියකු හොර ඔප්පු සකස් කර වෙන්දේසිකරුවකුට විකිණීමට උත්සහා කළ බවත් ඒ සම්බන්ධව මීගමුව පොලිස් වංචා විමර්ශන අංශයට පැමිණිලි කළ බවත් ඇයගේ පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

ඒ අතරේ මහජන ආරක්ෂක ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන සුගත් ජයසිංහ නමැති අය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමග නොවැම්බර් 11 වැනිදා පැමිණ තම ඉඩම බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ ගත් බවටද ඇය පැමිණිලි කර ඇත. එදිනම තම නිවෙසේ සී.සි.ටී.වී කැමරාවලටද ඔවුන් අලාභ හානි කළ බව වීඩියෝ සාක්ෂි සමග පෙන්වා දී ඇත.

පොලිස්පතිවරයා පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙම සිද්ධියට සම්බන්ධ වූ පිරිස ගැන සොයා විමර්ශනය කිරීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත භාර දී තිබේ. මීට අමතරව දිවුලපිටිය පොලිසිය ද පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. -අරුණ

SendShareShare
Previous Post

ඩලස්ගේ නෝනාත් ගෙදර ඉන්න බය වෙලා!

Next Post

බඩු මිල අහසේ! අවුරුදු 10කට පසු වැඩිම උද්ධමනය වාර්තා ‌කරයි! දැන් දහය පනින්න ඔන්න මෙන්න!

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.