කතරගම, වෙහෙරගල වැවේ තිබී අවි ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසනවා.Sri Lanka Latest News
එහි T 56 මැගසින් 74 ක්, T56 LMG මැගසින් 36 ක්, T 81 ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් වන බවද පොලිසිය සඳහන් කළා.
මේ අතර පතොරම් සහිත යැයි සැක කෙරෙන පෙට්ටි දෙකක් සහ ආයුධ සහිත යැයි සැක ගෝනි දෙකක්ද සොයාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර පසුගිය දිනක මෝදරින් සොයාගත් අවි ආයුධ පැවැති ප්රදේශය පූර්ණ විමර්ශනයකට ලක් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණ.










