මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට කුමන හෝ මානසික රෝගී තත්ත්වයක් පවතින බවට සොයාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ සංජීවන අමරසිංහ පවසනවා.Sri Lanka Latest News
ඔහු මෙම කරුණු හෙළි කළේ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේදී පැවති සම්මන්ත්රණයෙකදී යි.
ඒ අනුව වාර්තා වන සියදිවි නසාගැනීම්වලින් සියයට 50ක්ම මානසික රෝග හේතුවෙන් සිදුවන බවද මෙහිදී හෙළිදරව් වී තිබෙනවා.
එසේම දිනකට පුද්ගලයින් 8 දෙනෙකු සියදිවි නසා ගන්නා බවත්, එය වසරකට 3200ක් පමණ වන බවත් සඳහන්.
මෙහිදී අනාවරණය වී ඇත්තේ විශාදය (Depression) නම් ප්‍රධාන මානසික රෝගයට තරුණ තරුණියන් වැඩි දෙනෙක් ගොදුරු වී සිටින බවයි.
ජංගම දුරකථනයට ඇබ්බැහි වීම, ගංජා සහ අයිස් භාවිතය ආදී තත්ත්වයන් ඉහළ යාම මානසික රෝග වැඩිවීමට හේතුවක් වී ඇති බවත්, මත්පැන්වලට වැඩි වශයෙන් නැඹුරු වූ අය ද විශාද තත්ත්වයට ගොදුරු වන බවත් හඳුනාගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
අන්තර්ජාල සූදු අද වන විට අලුත් ඇබ්බැහියක් බවට පත් වී ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.
එසේම අන්තර්ජාලයට ඇබ්බැහි වෙන දරුවන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර, ඒ අයට ප්‍රතිකාර කිරීමේදී රෝහල තුළ නතර කර ගැනීමට සිදු වන බව ද සංජීවන අමරසිංහ පවසනවා.










