එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සන්ධානයට එකතු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. (Sri Lanka Latest News)
ඔහු මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
එහිදී ඔහු කියා සිටියේ ඉදිරි මහමැතිවරණය නොබෝ දිනයකින් පැවැත්වෙන හෙයින් ඊට අදාළ බිම් මට්ටමේ දේශපාලන කටයුතු සැලසුම් කරන ලෙසයි.
එසේම ප්‍රබල පක්ෂයක් වශයෙන් නැගී සිටිමට අවශ්‍ය කටයුතු කරන ලෙස ඔහු දේශපාලන බලමණ්ඩලය වෙත කියා තිබෙනවා.
තව ද පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනාගැනීමට කටයුතු අවශ්‍ය කටයුතු කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.
hirunews










