‘අපි ඉන්දියාවත් එක්ක UPI ගෙවීම් පටන් ගත්තා, අමූල් සමාගමට ඔක්කොම කිරි ගොවිපොළවල් ටික දෙනවා, ටෙලිකොම් එක ඉන්දියාවට දෙනවා, ගුවන්තොටුපොළවල් ටික ඉන්දියාවට දෙනවා, වෙනදා මේවා කරද්දි ජවිපෙ කෑගහනවා, හැබැයි අනුරලාව ඉන්දියාවට ගෙන්වාගෙන ජවිපෙ කට වැහුවාට අපි ඉන්දියාවට ස්තූතිවන්ත වෙනවා යැයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ වෙනදා නම් ජවිපෙ ඊට එරෙහිව විරෝධතා පළකළද මේ වනවිට අනුරගේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව එම විරෝධය අහෝසි වී ගොස් ඇති බවකි.
ඉන්දීය විරෝධී ප්‍රතිපත්ති වෙනස්වීම සාධනීය කාරණයක් වුවත් එම ප්‍රතිපත්තිය හේතුවෙන් ජීවිත අහිමි වූවන්ට යලිත් එම ජිවිත නොලැබීම ඉතා කණගාටුදායක ඉතිහාසයක් මතක් කරදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ වැල්ලවාය මහජන ක්‍රිඩාංගනයේ මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වූ අවස්ථාවේදීය.