හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් අඩාල කළ මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ, ඉන්දීය තෙල් පිරිපහදු ආයතන වසර 07කට පසු ඉරානයෙන් බොරතෙල් මිලදී ගෙන ඇති බව ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසයි. Sri Lanka Latest News
ලොව තෙවන විශාලතම තෙල් ආනයනකරුවා සහ පාරිභෝගිකයා වන ඉන්දියාවට ඉරානයෙන් බොරතෙල් මිලදී නොගන්නා ලෙස අමෙරිකාව එල්ල කළ බලපෑම් හමුවේ 2019 මැයි මාසයෙන් පසුව ටෙහෙරානයෙන් කිසිදු තෙල් තොගයක් ලබාගෙන නොතිබුණි.
ඒ අනුව ඉන්දියාව ඉරානයෙන් මෙසේ බොරතෙල් මිලදී ගෙන ඇත්තේ වසර 07කට පසුවය.










