කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් හා සිමෙන්ති මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ජා පැවැත්වෙන බවත්, එම සාකච්ඡාවලින් පසු ලැබෙන තීරණය මේ සතියේ දැනුම් දෙන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
අද (21) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මේ ගැන ප්‍රකාශ කළේ ය.
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
අනිවාර්යයෙන්ම ප්‍රායෝගිකව ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වීම අනුව යම් කිසි ආකාරයකට වැඩි වීමකට යන්න සිදු වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපි මේ සුමානේ තීරණයක් ගන්නවා. විශේෂයෙන්ම සහල්, පිටි, කිරිපිටි, ගෑස් , සිමෙන්ති පිළිබඳව අපි මේ සුමානේ අපි අවසාන තීරණයක් ගන්නවා
මේ අතර පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා ගැන රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ ය.
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
ප්‍රශ්නය,
නිලධාරීන් අස් වෙනවා දිගින් දිගටම ඔබතුමා බලපෑමක් කළා ද ?
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
මොනම ආකාරයකවත් බලපෑමක් කරලා නැහැ. අද එතුමා අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වීමක් කරනවා කියලා දැනුම් දීමක් කරලා තියනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට අයිතියක් තියනවා විවිධ තනතුරුවලදී විවිධ අවස්ථාවලදී ඉල්ලා අස්වෙන්න.
ප්‍රශ්නය,
නිලධාරීන් කියන්නේ හිතට එකඟව වැඩ කරන්න බැහැ.
සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
ඉතින් ඒක තමයි ඒක එළියට ඇවිල්ලා කියන්න ඕනි කරුණු මොනවාද කියලා.