ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාව ජයග්‍රහණය කිරීමට නොහැකි වුවත් ඉදිරි මහ මැතිවරණයේදී ඔහුව අගමැතිවරයා බවට පත්කිරීමට හැකියාව ජනතාවට ඇතැයි මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂිකා චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පවසනවා. (Sri Lanka Latest News)
එබැවින් එක්සත් ජාතික පක්ෂයට ළැදි සියලු දෙනා එක්ව මෙවර සජිත් ප්‍රේමදාස මහතාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි නාවලපිටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමින් ඇය සඳහන් කර සිටියේ.









