තම රට චීනයෙන් සයිනොෆාම් එන්නතක් මිලදී ගත්තේ ඩොරල් 10කට බව බංග්ලාදේශය තහවුරු කොට ඇත.
බංග්ලාදේශ අගමැතිනියගේ විශේෂ සහායකයකු වන ෂා අලි ෆර්හාඩ් මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව බංග්ලාදේශය චීනයෙන් එන්නත් මිලියන 15ක් මිලට ගත් බවත් ඒ සඳහා ඩොලර් මිලියන 150ක් වැය කළ බවත් හෙතෙම සදහන් කොට තිබේ.
කෙසේවෙතත් විපක්ෂය පසුගිය දිනෙක චෝදනා කර සිටියේ ශ්‍රී ලංකාව චීනයෙන් ඩොලර් 15 බැගින් මෙම එන්නත මිලට ගෙන ඇති බවත් එ හරහා කිසිවකුගේ සාක්කුවට මුදල් ගොස් ඇතිනම් ආණ්ඩුව එය හෙළිදරව් කළ යුතු බවත්ය.










