ග්‍රාමීය ආර්ථිකය රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල කිරීමට හැකි පරිදි දියුණු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.Sri Lanka Latest News
ඔහු මේ බව ප්‍රකාශකලේ රන්න ප්‍රදේශයේ පැවති රැවීමක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,
ඉදිරි අයවැය යෝජනාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පොදුජන පෙරමුණ සමග සන්ධානගත අනෙකුත් පක්ෂ සමග යම් යෝජනා මාලාවක් ලබාදීමට කටයුතු කරනවා. මෙහිදී අප සමෘද්ධිය අඩුම තරමින් තවත් අවුරුද්දකට වඩා ලබාදිය යුතුයි. මොකද මෙයට හේතුව ගම්වල තියෙන ආර්ථික අපහසුතාවයන් එක්ක අස්වැසුම කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීම තුල යම් අසාධාරණයක් හා පීඩාවට පත් පිරිසක් ඉන්නවා.ජීවනෝපාය සංවර්ධනය සම්බන්ධයෙන් යම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම ගෘහස්ථ ආර්ථිකය නංවාලීමට වැඩපිලිවෙලක් වැඩසටහනක් ගම තුළ ක්‍රියාත්මක කළ යුතුයි. ඒ තුළින් ගමේ නිෂ්පාදන ආර්ථිකය දියුණු හා වැඩිකිරීම තුලින් එය ජාතික ආර්ථිකයට බලපෑමක් ඇතිකිරීමට හැකි වැඩපිලිවෙලක් විය යුතු බවත් නාමල් රාජපක්ෂ පැවසීය.















