හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වන විට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද උදෑසන 08.00ට අවසන් වන බවය.
එ් අනුව හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ සඳහා උදෑසන 08.00 සිට පස්වරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට එම මණ්ඩලය පියවර ගනු ලැබීය.










