අධිවේගී මාර්ග ඉදිකිරීමේදී විශාල වංචාවක් සිදුව ඇති බවට මේ දිනවල විශාල වශයෙන් චෝදනා එල්ල වෙමින් තිබේ.
ඒ අනුව පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් කැදවමින් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බරපතළ චෝදනාවක් එල්ල කළේය.
ඊට පිළිතුරු ලබා දෙමින් අද දින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පියවර ගත්තේය.
මෙහිදී අමාත්‍යවරයා වසන්ත සමරසිංහ මහතාගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහුට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමටද කටයුතු කළේය.










