• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි මැරිල්ල කුමන්ත්‍රණයක්ද? Sri Lanka Latest News

July 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
යාලේ අලි ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොළමෙන් කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ මෙරට වන අලි ඝාතන රැල්ල, ඊට වගකිවයුත්තෝ කවුරුන්ද යන්න සහ ඊට විසඳුම් ලබාදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳවයි. මෙරට පාරිසරික ඛේදවාචකය අද වනවිට හිණිපෙත්තටම පැමිණ තිබේ. එය වර්තමානයේ අප සමාජයේ එක් ඛේදනීය පැතිකඩක් පිළිබිඹු වේ. භාතිය ඇතාගේ ස්වභාවික නොවූ මරණය නිසා තැතිගත් මෙරට සංවේදී සමාජය උඩුයටිකුරු කරමින් අලි ඇතුන් ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතී. Sri Lanka Latest News

ඇත්තටම අලි ඇතුන් ඝාතන රැල්ලක් තිබේද? බැලූ බැල්මට එසේ යැයි අපට අනුමාන කරන්න පුළුවනි. මන්ද එක් මසක් තුළ අලි ඝාතන රැසක් සිදුවී තිබේ. ජූලි 21 වැනි සඳුදා දිනයේ පමණක් වන අලි ඝාතන දහයක් සිදුවී ඇතැයි වාර්තා වී තිබේ.

මේ දවස්වල අපට නිතර අහන්න ලැබෙන මාතෘකාවක් තමයි අලි මිනිස් – ගැටුම. එහෙම නැත්නම් අලි – මිනිස් සහජීවනය නැති වෙච්ච එක ගැන. ඒක ගැන කතාකරන්න ප්‍රබල සාධකයක් වූයේ තුවාල ලබා සිට අප අතරින් අකාලයේ සමුගත්ත භාතිය ඇතාගේ මාතෘකාව ආයෙ කරළියට ඒමත් සමගය. සමාජයේ කොච්චර අය මේ මාතෘකාව කතාබහ කළත් 80%ක් දෙනාට මේ ප්‍රශ්නය ගැන හරි අවබෝධයක් නොමැත. මේ ගැටලුව කොහොමද ඇතිවුණේ? කවුද මේකට වගකියන්න ඕනේ? මේකට විසඳුම් තියෙනවද? මේ ප්‍රශ්නෙට උත්තර තියෙනවද? නැද්ද? කියලාවත් ගොඩක් දෙනා දන්නේ නැත.

ඇත්තටම අපේ රටේ අවුරුදු තුන්දාහක විතර කාලයක් තිස්සේ මානව ශිෂ්ටාචාරයත් එක්ක, සංස්කෘතියත් එක්ක, ආගමත් එක්ක බද්ධ වෙලා අපිත් එක්ක එකටම මහපොළොව බෙදාගෙන ජීවත් වුණු අලි ඇතුන් දැන් කොහොමද අපිත් එක්ක ගැටුමක් ඇති කරගෙන තියෙන්නේ? ඒකට ප්‍රධානම හේතුව කියලා අපි විශ්වාස කරන්නේ අවිධිමත් සංවර්ධනය, භූමිය බෙදාගැනීමේ ප්‍රශ්න සහ කැලෑ එළිපෙහෙළි කිරීම, යාවත්කාලීන නොවුණු අවිධිමත් කෘෂිකර්මාන්තය හා පෙට්ටි ගෙවල් සංකල්ප ඇතුළු මෙවැනි බොහෝ දේ නිසාය.
ඇයි අලි ඇත්තු අපේ රටට මෙච්චර වැදගත්? අලි ඇත්තුන්ගෙන් අපේ රටට විදේශ ආදායමක් එන්නේ කොහොමද? මෙන්න මේ වගේ කාරණාවලට විසඳුම් සොයන්න තමයි අපි රජයක්, එහෙම නැත්නම් බලධාරීන් හා නිලධාරීන්, පොදු ජනතාවගේ බදු මුදල්වලින් නඩත්තු කරමින් පත්කරගෙන තියෙන්නේ. ඒගොල්ලන්ගේ අතින් තමන්ගේ රාජකාරිය නිසි ලෙස සිදු නොවීමත් මේ ඛේදවාචකයේ තව අඳුරු පැතිකඩක් කියලා සමාජ කතිකාවතක් අද වනවිට ගොඩනැගිලා තියෙනවා.

මේ සඳහා බලධාරීන් ගෙන ඇති පියවරවල් මොනවාද? කම්මලේ සිටින බල්ලා සේ වගේ වගක් නැතුව සිටිනා බව තමයි පෙනී යන්නේ. ඇමැතිවරයා තමන්ගේ විෂය පථය පිළිබඳ මෙලෝ සංසාරයක් නොදන්නවා සේම, කවුරුන් හෝ ලියා දෙන කොළයක් බලා විකාර දෙඩවීම අද වනවිට ප්‍රසිද්ධ කාරණයක් බවට පත්ව තිබේ. මෙරට ජනතාව බලාපොරොත්තු වුණේ එවැනි විගඩම් නොවේ. ප්‍රශ්නයට උත්තර සෙවීම නිලධාරීන්ගේ වගකීමය. කුමන්ත්‍රණයක් සිදුවේ නම් එය විධිමත්ව සොයාබැලීම සිදුකළ යුත්තේ රජය විනා පොදු ජනතාව වන අප නොවේ. පොදු ජනතාවට කළ හැක්කේ යෝජනා ඉදිරිපත් කොට ඒවා ක්‍රියාත්මක වන අයුරු බලා හැකි සහයෝගයක් දීම පමණි.
වාර්තා වන අන්දමට ජූලි මස 20 වැනිදා වනවිට මෙරට සමස්ත අලි ඇතුන්ගේ මරණ සංඛ්‍යාව 238කි. වසරක හරි අඩක් වනවිට තත්ත්වය මෙසේ නම් වසර අවසානය වනවිට එය කෙසේ විය හැකිද? නොඅනුමානයෙන්ම එය 500 ඉක්මවා යනු ඇත. රටේ ප්‍රධානියාම කලකදී පැවසූ පරිදි අලි 500කගේ කන්දක් කෙසේ වනු ඇතිද? ඒ ගැන සිතා බැලීමට නිසි කාලය පැමිණ ඇත. කටින් බතල හිටවනවා යැයි කියමනක් අප සමාජයේ තිබේ. අද එය ක්‍රියාත්මක වෙමින් තිබේ. වනජීවීයට ප්‍රශ්න ගොඩක් ඇත. ඒවා විසඳීම නිලධාරීන්ගේ වගකීමකි. මෙරට වැඩියෙන්ම මුදල් උපයන රාජ්‍ය දෙපාර්තමේන්තුව වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවයි. එහෙත් හදිසි ආපදා තත්ත්වයකදී පාවිච්චියට ගැනීමට ගිලන් රථයක් හෝ ඔවුන් සතුව නැත. මේ දවස්වල අලි වසන්ත කාලය පැමිණ ඇත. මින්නේරිය, කවුඩුල්ල, උඩවලව, යාල සංචාරකයන්ගෙන් පිරී ඇත. මුදල් ලැබෙන්නේ මිලියන ගණනින්ය. එහෙත් වනජීවී සංරක්ෂණයට ලැබී ඇත්තේ බින්දුවකි. යම්කිසි සිද්ධියක් සිදු වූ විට ඊට පිළියම් නොසොයා වෙන කාගේ හෝ පිටින් එම සිද්ධිය යැවීම අද වනවිට විලාසිතාවක් වී ඇත. වර්තමාන වනජීවී අමාත්‍යවරයා හා නිලධාරීන් සිදුකරමින් පවතින්නේ එයයි.

අලි සංහාරය වන රටක් යැයි හංවඩු ගැසුණහොත් මෙරටට සංචාරකයන් නොපැමිණෙනු ඇත. ආරක්ෂක අංශ, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය, ග්‍රාමාරක්ෂක බළකාය, බුද්ධි අංශ සියල්ලම එකතු කරගෙන නිසි වැඩපිළිවෙළක් හා ක්‍රමවේදයක් යටතේ මෙකී ක්‍රියාවලිය කෙසේ හෝ නැවැත්වීමට කටයුතු කළ යුතුය. එය සිදුවිය යුත්තක් බව කැලෑ කොලමේ අපි දැඩිව විශ්වාස කරමු. එය නිද්‍රාශීලීව කළ නොහැකි බවත් ඇමැතිවරයා හා වනජීවී දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවලට මතක් කරදිය යුතුය. අප විසින් මෙසේ කරුණු කාරණා ගෙනහැර දක්වමින් ජනතාව දැනුවත් කරනු ලබන්නේ හුදෙක් වනජීවීන්ගේ, පරිසරයේ හා මේ රටේ උන්නතිය සඳහා බවද, ඉන් එහා ගිය කිසිදු පටු අරමුණක් හෝ පරමාර්ථ අපට නොමැති බවද අවධාරණය කරමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

අනුරට යන්න එන්න හෙළිකොප්ටර්? ආරක්ෂාවත් වැඩි කරයි? පරණ කතා පැත්තකට දාලා ලාල්කාන්තගෙන් දැවැන්ත යෝජනාවක්! වැඩේ හෙට අනිද්දාම වෙයිද? VIDEO I Sri Lanka Latest News

Next Post

කයිය නැත! වැඩ ඇත! රජ පුටුවේ ඉඳන් වැඩ කරපු මිනිසා! Sri Lanka Latest News

MORE NEWS

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.