පරිසර අමාත්‍යධූරයේ දිවුරුම් දුන් නසීර් අහමඩ් මහතා පක්ෂ විනය කඩකර ඇති බවත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.
පක්ෂ නායකයන් ලබන සිකුරාදා (22) රැස්වී ඔහුට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවද හකිම් මහතා සඳහන් කරයි.
කෙසේවෙතත් මීට පෙරද 20 වන සංශෝධනයට සහාය දැක්වීම මත අහමඩ් මහතාට විනය ක්‍රියාමාර්ග ගන්නා බව කියවුණද කිසිදු ක්‍රියාමාර්ගයක් ඒ අවස්ථාවේ ගත්තේ නැත.










