වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට අම්පාර ප්‍රදේශයේ ගොවීන්ගේ දැඩි විරෝධයකට මුහුණ දීමට සිදුවිය.
ඒ, අම්පාර රජවැව ආසන්නයේ විසිතුරු මසුන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීීමට අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදීය.
එහිදී ගොවීන් හූ තියමින් අමාත්‍යවරයාට එරෙහිව විරෝධය පළ කිරීීම හේතුවෙන් ඒ මහතා එම ස්ථානයෙන් පිටව ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ.










