පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශ්‍රාමලත් විනිසුරු ඒන්.ජේ. ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව පිළිනොගන්නා බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.Sri Lanka Latest News
ඔහු පැවසුවේ එය දේශපාලන අරමුණක් මත සිදු වූවක් බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදයට සම්බන්ධ වූ පසු ඔවුන් ඉලක්ක කරමින් පත් කල එකක් බවත්ය.
විශ්‍රාමික පොලිස් සංසදය 2024 ජුනි 09 වන දින පිහිටුවන ලද බවත්, විශ්‍රාමික පොලිස් සංසදය පිහිටුවා දින තුනකට පසුවල 2024 ජුනි 12 වන දින එම කමිටුව පත් කරන ලද බවත් ඔහු පැවසීය.
උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසකට අවශ්‍ය පරිදි රවී සෙනවිරත්න හෝ ශානි අබේසේකර යන නිලධාරීන් ඔවුන් දැනට දරන නිලයන්ගෙන් ඉවත්නොකරන බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් අවධාරණය කළේය.
එම කමිටුව මාස තුනක් ඇතුළත එනම් සැප්තැම්බර් 15 වැනි දින ජනාධිපතිවරණයට පෙර සිය වාර්තාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ බවත් ඇමැතිවරයා කීය.
අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර නව පරීක්ෂණයක් ආරම්භ කරන බවද ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කලේය.










