• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජිතට මැලේසියාවේදී චීන විදේශ ඇමැති වැන්ග් යී හමුවෙයි! I Sri Lanka Latest News

July 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
විජිතට මැලේසියාවේදී චීන විදේශ ඇමැති වැන්ග් යී හමුවෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හා චීන විදේශ අමාත්‍ය වැන් යී මහතා අතර හමුවක් මැලේසියාවේදී පැවැත්වී තිබේ.Sri Lanka Latest News

ඒ සම්බන්ධයෙන් විජිත හේරත් මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.

මැලේසියාවේ පැවති ASEANහි විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව චීන විදේශ අමාත්‍ය ගරු වැන්ග් යී (Wang Yi) මහතා හමුවූයෙමි. ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීනව පවත්නා මිත්‍රත්වය සහ උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් තරකරගැනීම මෙම සාකච්ඡාවේ අවස්ථාවක් කරගත්තෙමු.

අප අතර පැවති මෙම හමුවේ දී, ශ්‍රී ලංකාවට අවශ්‍ය අවස්ථාවන්හිදී චීනය දක්වන සහයෝගය, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා චීනය දක්වන සහාය සහ මෑත කාලීන ආර්ථික අභියෝගවලදී ලබා දුන් සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාවේ කෘතවේදය ප්‍රකාශ කළෙමි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය රටේ සංවර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට සැලකිය යුතු ලෙස දායක වී ඇති බව ද මම අවධාරණය කළෙමි. චීනයේ එක් තීරයක් එක් මාවතක් ප්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකාවේ උනන්දුව නැවත තහවුරු කරමින් වෙළඳාම, ආයෝජන, යටිතල පහසුකම් සංවර්ධනය සහ සමුද්‍රීය කටයුතු වැනි ප්‍රධාන අංශ හරහා සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ සූදානම ද දැන්වූයෙමි.

දෙරටේ නායකයින් අතර පැවති සාර්ථක සාකච්ඡා පිළිබඳව අදහස් දක්වමින්, එකඟවන පොදු දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා චීනය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව උනන්දු ද‍ සඳහන් කළෙමි. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ කලාපීය සහයෝගීතාවයට උපායමාර්ගික වටිනාකමක් ඇති කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඇතුළුව, එක් තීරයක් සහ එක් මාවතක් මුලපිරීම යටතේ අඛණ්ඩ සහයෝගීතාවන් වේගවත් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළෙමි.

පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය, කෘෂිකර්මාන්තය සහ සමුද්‍ර අංශය වැනි නවීන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද අප දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. ශ්‍රී ලංකාව චීනයේ අඛණ්ඩ සහයෝගය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරමින් මම පෙන්වා දෙමින්, ශ්‍රී ලංකාව සහ චීනය අතර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය දෙරටටම සහ දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ගෙන එනු ඇතැයි විශ්වාසය පළ කළෙමි.

අන්‍යෝන්‍ය ගෞරවය, ස්වෛරීභාවය සහ සාමකාමී කලාපීය සංවර්ධනය සඳහා කැපවීම මත පදනම් වූ ශක්තිමත්, දිගුකාලීන ද්විපාර්ශවීය හවුල්කාරිත්වයක් සඳහා එකඟතාව මත අප අතර පැවති සාකච්ඡාව සාර්ථකව නිමාවට පත්විය.

SendShareShare
Previous Post

මහින්ද තමයි නායකයා! VIDEO I Sri Lanka Latest News

Next Post

අත්අඩංගුවට ගන්න හොයන රාජිත අතුරුදන්! ගෙදරත් නෑ! ෆෝනුත් ඕෆ්! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.