ශ්‍රීලන්කන් ගුවන් යානා ප්‍රමාදය ගැන ලැබුණු පැමිණිලි සොයා බැලීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන්තොටුපොළේ නිරීක්ෂණය සංචාරයක නිරත වී තිබේ.Sri Lanka Latest News
අමාත්‍යවරයා එහිදී ගුවන්තොටුපළේ සියලුම අංශයන් වෙත ගොස් ඒ ඒ අංශවල සේවකයින් සමග සුහද කතාබහක ද නිරත වී ඇති බව සඳහන් වේ.
මෙහිදී ගුවන්තොටුපොළත්, ශ්‍රීලන්කන් ගුවන් සමාගමත්, නියෝජනය වන පරිදි විශේෂ ඒකකයක් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටුවා පැය 24 පුරාම ගුවන් මගීන්ට ගුවන්යානා ප්‍රමාදය ගැන තොරතුරු ක්ෂණිකව ලබා ගැනීමටත් ප්‍රමාද කාල සීමාවේ මගීන්ට උපරිම පහසුකම් ලබා දෙන්නට අවශ්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම මෙම ප්‍රමාදයන් අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසත් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.










